අනිච්චා වත සංඛාරා කියපු ගමන් සිංහල මිනිස්සු බව වෙනවා. මොකද මරණ ගෙවල්වල බැනර් ගහලා තියෙන්නෙ ඔය පාඨය කියලනෙ. ඇත්තටම ඉතින් සක්‍ර දෙවියො මේ පද ඇතුළත් ගාථාව කියන්නෙ මරණ මංචකයකදි තමයි. ඒ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකයෙදි.
මේ පාඨය විවිධ ආකාරයෙන් මිනිස්සු අර්ථ දක්වනවා. මොන විදියකට අර්ථ දැක්වුවත් මෙතනදි කියන්නෙ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේ පවතින්නේ නැහැ කියන එක. අනිච්ච, වත, සංඛාර කියන වචන වලට බුදු දහම ඇතුලෙ අර්ත නිරුක්ති තියෙනවා. ඒව අපි බණට අහනවානේ.
ඒත් මහපොලොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ට මේ පාඨය සතුටින් ඉන්න ලොකු උදව්වක් කරන ගාථා පාඨයක්. ඇයි ඒ? අපි දන්නවා නම් අපි මැරෙනවා කියලා, නැත්නම් මැරෙන බව දැනන් ජීවත් වෙනවා කියන්නෙම සතුටින් ජීවත් වෙන්න මාර්ගයක්. අපි මැරෙනවා කියන්නෙ අනිත් අයත් මැරෙනවා කියන එක. දැන් මේ ගාථා පාඨය ම කී තැනකදි කී සැරයක් අපිට කියවන්න ලැබිලා ඇත්ද කියලා හිතලා බලන්න නිකමට. පහුගිය කාලේ රූපවාහිනියෙ නාට්‍යයකුත් ගියා මේ පාඨයේ නමින්.
අපි ඇහෙන් දකින කනින් අහන අල්ලන විඳින හැම දෙයක් ම අපි ඇතුළුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ. ඒ කියන්නෙ සංඛාර.
අපේ ප්‍රියයකුගේ ආදරණියකකුගේ සදාකාලික හෝ තාවකාලික වෙන්වීමකදී අපිට දැනෙන දුක, මේ ගාථා පාඨය පිළිබඳව අවබෝධයෙන් දැන ගැනීම නිසා නැති කර ගන්න පුළුවන්. හිතලා බලන්න, අද අපිට වැඩියෙන්ම දුක් විඳින්න වෙලා තියෙන්නෙ එක්කො කැමැති කෙනෙක් වෙන්වීම නිසා නැත්නම් කැමැති දෙයක් නැතිවීම නිසා. මේ ‘දේ’ කියන එක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා නම් පවතින්නෙ නැහැ. යකඩත් මල කඩ කාලා විනාශ වෙලා යනවානේ දවසකදි. මේ සත්‍යය අවබෝධ නොවුන කෙනෙක් කවදාවත් සතුටින් ජීවත් වෙන්නෙ නැහැ. එයා සතුට ලැබෙයි කියලා හිතන් මොන දේ කලත් අනිච්චා වත සංඛාරා කියන දේ අවබෝධ කරගන්න තුරු දුක ම තමයි.
එහෙම බලද්දි මේ ගාථා පාඨය ඉතා කෙටි වුනත් ලබා දෙන පණිවිඩය හරිම ගැඹුරුයි. එකම දේ අපිට ඒක අවබෝධ කර ගන්න බැරි එක විතරයි.