"අනිච්ච" යන්න "අනිත්‍ය" නොවන බවත්, ඒ සඳහා විවිධ වැරදි දෘෂ්ටීන් සහ මතයන් ඉදිරිපත් කරන පිරිසගේ මතයක් තමයි පහත ප්‍රකාශනය!
"ඔලුවේ කැක්කුම අනිත්‍ය වුනාම ඒක සැපයක් ,ඒ නිසා,ඔලුවේ කැක්කුම වෙනස් වීම, හෙවත් ඔලුවේ කැක්කුම හොඳ වීම සැපයක්,ඒ නිසා අනිත්‍ය නිසා සැප වේදනාත් පවතිනවා"යනුවෙන් අනර්ථ, හිස් ලාමක, මතයකින් තර්ක කරනවා.
නමුත් බුද්ධ දේශනාව යනු සැප වේදනාව ද, දුකක් ලෙස දකින ලෙසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලේ,
දුක් වේදනාව හුලක් ලෙසත්,
නොදුක් නොසුව වේදනාව(උපේක්ෂාව) අනිත්‍ය ලෙසත් දකින ලෙසත්,
මේ අවබෝධය කෙනෙක් ඉඳුරාම නිවන් කරා යොමු කරවන බවත්! භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරණවා!
සැප ,දුක සහ උපේක්ෂා මේ මොන වේදනාත් ප්‍රත්‍යයන් නිසා ඉපිද,ප්‍රත්‍යය නිරෝධයෙන් නිරුද්ධ වෙන නිසා "අනිච්ච" හෙවත් අනිත්‍යමයි!
යමක් අනිත්‍ය නම් ඒ සියල්ලම දුකක්මයි!
පැණැස ඇත්තෝ විමසත්වා!
_________දට්‍ඨබ‍්බසුත‍්තං_________
තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. සුඛා භික‍්ඛවෙ වෙදනා දුක‍්ඛතො දට්‍ඨබ‍්බා, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට්‍ඨබ‍්බා, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දට්‍ඨබ‍්බා.
යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො සුඛා වෙදනා දුක‍්ඛතො දිට්‍ඨා හොති, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දිට්‍ඨා හොති, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දිට්‍ඨා හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මද‍්දසො අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සඤ‍්ඤොජනං, සම‍්මාමානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.
යො සුඛං දුක‍්ඛතො අද‍්දා - දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො
අදුක‍්ඛමසුඛං සන‍්තං - අද‍්දක‍්ඛි නං අනිච‍්චතො.
ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු - පරිජානාති වෙදනා
සො වෙදනා පරිඤ‍්ඤාය - දිට්‍ඨධම‍්මෙ අනාසවො
කායස‍්ස භෙදා ධම‍්මට්‍ඨො - සඞ‍්ඛං නොපෙති වෙදගූති.
https://tipitaka.lk/sn-4-2-1-5/pali
______දට්‍ඨබ්බ (දතයුතුයි) සුත්‍රය_________
මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි.
මහණෙනි, සුවවේදනාව දුකක් ලෙස දැක්ක යුතු ය. දුක්වේදනාව හුලක් ලෙස දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිත්‍යය ලෙස දැක්ක යුතු ය.
මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිත්‍ය ලෙස දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
යමෙක් සුවවේදනාව දුකක් ලෙස දකියිද, දුක්වේදනවා හුලක් ලෙස දකීද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිත්‍ය ලෙස දකීද!
මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ ,ආශ්‍රව රහිතව මරණින් මතු නැවත පැනවීමට නො පැමිණේ යි.