වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙ මැරෙන්නෙ නෑ කියල හිතාගෙන. ඒත් සත්‍යය තමයි ජීවිතය කොයි වෙලේද කියල නෑ කියන එක.

අඬ අඬා හරි යායුතු පාරෙ යන්නයි කියල තියෙන්නෙ.![]()

අනිත්‍ය ස්කන්ධ භාවනාව ගැන කියවල තියෙනවද?
පංච ස්කන්ධ, ඒ කියන්නෙ රූප, වේදනා, සඥ්ඥා, සංඛාර, විඤ්ඤාණ ගැන මෙනෙහි කරන්න කියනවා මෙන්න මේ විදිහට;
අතීතයේ නිරුද්ධ වී ගිය,
වර්තමානයේ පවතින,
අනාගතයේ හටගන්නා,
තමාගේයයි සළකන,
අනුන්ගේයයි සළකන,
සියුම්,
ගොරෝසු,
යහපත්යයි සළකන,
අයහපත්යයි සළකන,
දුර තිබෙන්නා වූ,
ලඟ තිබෙන්නා වූ
රූප, වේදනා, සඥ්ඥා, සංඛාර, විඤ්ඤාණ සියල්ලම හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැති වූ කල නැතිව යන හෙයින්, අනිත්‍යයි.





මේ ලබන අලුත් අවුරුද්දෙවත් අඩුම වශයෙන් මයිත්‍රී සහගත සිතුවිලි වලින් හිත පුරවා ගත යුතුයි. ඕනවට වැඩිය අසාවන් පස්සේ යන්න හොඳ නැහැ. මොකද මැරෙනකොට අපි ගෙන යන්නේ අපි රස කරපු පින් සහ පවු විතරයි.
වැඩේ කියන්නේ මේවා මිනිස්සු කතා කරන්නේ අනතුරක් වුන වෙලාවට විතරයි. අනික් වෙලාවට පිස්සු ඩබල් නටනවා.