අනුනගේ දොස්කීමට පෙර

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
අනුනගේ දොස්කීමට පෙර

කියවන්න ලැබුණු හොඳ ධර්ම ලිපියක්...
අති පූජණීය වහරක අභයරතනාලන්කාර හිමියන්ගේ අවසන් දහම් පණිවිඩය:
මා ඇසුරු කළ පින්වත් පිරිසට කරන කාරුණික අනුසාසනවයි.
අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කරමින් වසර පහලොවක් පමණ කාලයක් මේ වන විට ගෙවී ඇත . මේ සත් ක්රියාව මල්පල ගන්වමින් උඩ පනලිය විහාරස්ථානයේ ගරු නායක හාමුදුරුවන්ගේ අනුශාසකතවයෙන් මන්ගල මහා බෝදී පූජාවෙන් ආරම්භ කළ සාසනික අභිවෘද්ධිය අද වන වීට එම සත් ක්රියාවේ මුදුන් පෙත්තට ලගා වෙමින් පවතින බව සැමට රහසක් නොවේ.
උපාසක වරයෙක් ලෙස මෙතෙක් කල් කටයුතු කළ මා මේ වන විට භික්ෂුත්වය ලබා සිටින හිමි නමක් බවට පත්ව ඇත. උපාසක උපාසිකාවන් සමඟ පෙර තිබූ සාසනික ආකල්පයන්ට අන්න්ය වූ භික්ෂූ ආකල්පයට අනුව මින් මතුවට කටයුතු කළ යුතු බැවින්, ඔබ සැමට බේද ඇති කර නොගෙන සාසනික සමගි දාමයෙන් යුතුව කටයුතු කර නිවන් මග අප්ප්රමාදව පූර්ණ කර ගන්නා ලෙස මෙයින් දෙනුම් දෙමි.

මෙතෙක් කල් මා අවවාද අනුසාසනා කර ඇත් නම් ඒවා මාගේ පෞද්ගලික මතවාද නොව, බුදු පියාණන් වහන්සේ අප්රමාදව නිවන් අවබෝධ කර ගැනීමට දෙසා වදාළ අනුසාසනාවන්මය.
අප සැම බුදු පියානන් වහන්සේගේ දරුවන් බව නිතර සිහි කළ යුතුය. බුදු බැතියෙන් මලක් පහනක් තබා ගෞරව කළ කෙනා පවා බුදු දරු බවට ළඟා වන්නට කටයුතු කරන පින්වතුන් බව අප නිතර සිහි කළ යුතුය.

සාසනික කටයුතු සඳහා තම කාලය ශ්රමය බොහෝ කොට යොදවමින් ඒ සඳහා ඇප කැප වී කටයුතු කරන පින්වත් පිරිස, එසේ සම්බන්ධ නොවන අන්ය පිරිස් කෙරෙහි පහත් කොට සැලකීම නොකළ යුතුය. එසේ කැපවීම කළ හැකි වන්නේ උසස් ධර්මාවබෝදයක් හා සන්සාර පුරුද්දක් ඇති අයට පමණි.

කාමයන්හි ඇලීම සහ ඒ ඒ තැන්හි ගැටීම ඇති කරන අවිද්යාව දුරු වන්න නම් අනාගාමී පලයට වත් පත් විය යුතුය. ඉන් මෙහා සිටින පින්වතුන් ඉවසීමෙන් යුතුව බුද්ධානුසාසනා පරිදි හික්මවෙමින් ධර්මානුකූලව ක්රියා කරමින් සමගිව සිටින්නට උත්සහ කළ යුතුය.

කුක්කුටමිත්ත නම් වැද්දා ගේ බිරිඳ හත් අවුරුද්දේ දී සෝතපන්න ඵලය ලැබූ සිටු කුමරියකි. තරුණ වයස එන විට මස් වැද්දා සමග රහසේ පැන ගොස් දරුවන් දස දෙනෙක් ලැබී එම දරුවන් තරුණ බවට පත් වන තුරු කැළෑ පෙදෙසක පවුල් ජීවිතය ගත කළ තැනැත්තියකි. ඒ කාලයේ බුදුපියාණන් වහන්සේට හෝ ශ්රාවකයන් වහන්සේ නමකට හෝ දානයක් දෙන තරම් වත් සාසන කටයුත්තක් කරන්නට අවස්ථාව නොලැබුණු කෙනෙකි. නමුත් නියත වශයෙන් ම සතර අපායෙන් මිදුන බුද්ධ ශ්රාවිකාවකි.
ඇයට යමෙක් අපහාස කළා නම් එසේ කළ අයට ආර්ය උපවාදයක් වනු ඇත. මගඵල නොලැබූ කෙනෙක් අපවාද කළා නම් ඒ හේතුවෙන් ඊලග අත්බැවුහි අපාගත වනු ඇත. මගඵල ලාභියෙක් අපවාද කළා නම් සහ එය කමා කර නොගත්තේ නම් තම ඉතිරි මගඵල ලැබීම පවා ඒ අත්බැවු හි නවතිනු ඇත. නැති නම් ප්රමාද වනු ඇත.
එබැවින් අන්යන් විවේචනයට ලක් කිරීම මහා භයානක අපරාධයක් බව තරයේ සිහි කර ගත යුතුය.

ඔබ සැම දෙනාට නිතර කර ඇති ධර්මානුසාසනාවක් නම් තමනුත් ධර්මයක් යන තේමාව තුළ නිතර ගැවසෙන ලෙසයි. එබැවින් අන්යන් විවේචනය නොකරන්න. අඩුපාඩු ඇති බවක් හේතු ඇතිවම දුටුවත් පුද්ගල ප්රතික්ශේපයක් නොකළ යුතුය. දයානුකම්පාවෙන් ධර්මානුකූලව හිත නොරිදවා කරුණු පෙන්වා දීමට මහන්සි ගත යුතුය.
එසේත් කළ නොහැකි සැඩ පරුෂ පුද්ගලයෙක් නම්, කවදා හෝ ධර්මාවබෝදය ලැබේවා යැයි අනුකම්පා සිත් ඉපිදවිය යුතුය. ඔවුන් ගේ සිත රිදවන වචනයක් වත් නොකිය යුතුය. එවිට කිසි විටෙක බේද බින්න වීමක් ඇති නොවනු ඇත. කවදා හෝ සාසන ගුණයකට යන්තමින් වත් ළඟා වන ගති ලක්ෂණ දූටු විට එකවරට දහස් වරක් සතුටු සිතින් ඔහුගේ / ඇයගේ පැමිණීම පිළිගත යුතුය.
මෙයයි බුද්ධානුසාසනය.

ලොවුතුරා බුදු වන බවට විවරණ විසිතුනක් ලබා සිටි අප මහා බෝසතාණන් වහන්සේ කාශ්යප බුදු පියාණන් වහන්සේට වරෙක මුඩු මහනා යනුවෙන් හය වරක්ම අපවාද කර ඇත. ඒ ජෝතිපාල නම් මානවකව සිටි අවධියේය. අනාගාමී ඵලයට පත්ව සිටි ඝටීකාර නම් තම මිතුරා ඊට උරණ නොවී කෙසේ හෝ කාශ්යප බුදු පියාණන් වහන්සේ වෙතට ගෙන ගියෙන් ඉන්පසු පැහැදී කමා කරගෙන සාසනයේ මහණ වී විසි හතර වන විවරණයද ලබා ගත් බව ධර්මයේ සඳහන් වේ.
මුගලන් මහ රහතන් වහන්සේ දුසී නම් මාර දිව්ය පුත්රයෙක් ව පෙර බුදු පියාණන් වහන්සේ නමක් සමඟ පසුපසින් වැඩි අග්ර ශ්රාවක නමකට ගලකින් ද ගසා අපාගත වූ කතාවක් ධර්මයේ සඳහන්ය.
මෙවන් උතුමන් අතින්ද මෙබඳු අපවාද සිදුවන බව සිහිකර ගත යුතුය. ඒ නිසා අපවාද කළ කෙනෙක් දුටු විට හෙතෙම් පහත් නීච පුද්ගලයකුයයි හන්වඩු ගසන්නට නොයා යුතුය.
අනුන්ගේ දොස් සොයානට නිතර වෙහෙස වන අයට නොදැනුවත්වම නිතර දූශ්ය සිත් හට ගැනෙන්න පටන් ගනු ඇත. එය තමා තමාටම කර ගන්න අපරාධයක් බව නිතර සිහි කළ යුතුය.සමගිය ඇති තැන බේද කර ගත් විට සාසන දියුණුව අඩාල වනු ඇත. ආර්ය ගුණ ඇත්තෝ එවනි පෙදෙස් හා පිරිස් ඇසුරට කැමති නැත. සම්දිටු දේවතාවෝද කලකිරී ඉවත් වනු ඇත. සෑම අතින්ම පිරිහෙන්නට වනු ඇත.

මෙතෙක් කරුණු ඉදිරිපත් කළේ සමගියේ වටිනාකම පෙන්වා දීමට ය. ඒ නිසා සමගියට තියෙන බාදා හැකි පමණ ඉවත් කර ගන්න.

ඔබ සැමට නිතර මා පෙන්වා දුන්නේ මා සමඟ ඇලී ගැලි කටයුතු කරන්න නොසිතා, පෙන්වා දුන් ධර්ම මාර්ගය සැක හැර දරාගෙන කටයුතු කරන ලෙසට ය. ධ්යාන මාර්ගඵල ගැන රහසක් නොවන ලෙස අත්දැකීම් ලත් පිරිසක් දැනට පහළ ව ඇති බව ඒ ඒ පින්වතුන්ට වැටහෙනු ඇතැයි සිතමි.

සාසන දියුණුව පතන මේ පින්වතුන් කළ යුත්තේ මා පසුපස නිතර ගැවසෙන්න උත්සාහ කිරීම නොව, දහම් මග යන පිරිසට දයානුකම්පාවෙන් නැගෙන්න අතහිත දෙමින් උතුම් ඵලය ළඟා කර ගන්න බලාපොරොත්තුවෙන් පැවදි වී හෝ ගිහිව හෝ ඇප කැප වී කටයුතු කරන උතුම් පිරිසට ඒ උත්තම අරිහත්වය කරා යාමට තමන් කළ හැකි හැම උපකාරයක්ම ලබා දීමයි.

ආර්ණ්ය සෙනසුන් ආදිය කරවා උන්වහන්සේලා වැඩමවාගෙන හැකි පමණින් ඇප උපස්ථාන කිරීමට උත්සහ ගත යුතුය. ඒ කෙරෙහි පැහැදීමෙන් එන දායක පිරිස් ඉතා සතුටින් පිළිගත යුතුය.
මේ අනුශාසනා කරන මා ඔය පින්වතුන් කරන යහපත් කටයුතු වල පොදු වස්තුවක් සේ සැලකිය යුතුය. කළ උපකාර වලට කෘතෝපකාර කරන ගුණයෙන් මා ඇසුරු කිරීම වරදක් නැත. දුක සැප සොයා බැලුවාට වරදක් නැත.

ධර්මානුකූලව මෙහෙයවන අදහස් පරිදි ක්රියා කරන මම මගේ පුද්ගලික අදහසකටවත් ඉඩ දී කටයුතු කරන කෙනෙක් නොවන බැවින් ධර්මානුකූලව එන අදහස් පරිදි මිසක් හිතුමතේට කටයුතු කිරීම මගේ ඉදිරි චර්යා රටාව නොව්න බව තෙරුම් ගත යුතුය.

එසේම පැවදි වීමට පෙර පවුලේ උදවියට මාගේ පැවදි වීම කෙරෙහි යම් සන්වේගයක් ඇති වුවත්, අප සැවොම නිවන් කරා යන ගමනේ එක් සන්දිස්ථානයක් ලෙස සලකා සාසන ආශිර්වාදයෙන් සිත් සතන් සනසා ගෙන ඔබ සැමද හැකි ඉක්මනින් සසුන්ගත වන්න මග පාදා ගන්නා ලෙස දෙනුම් දෙමි.

බුදු සසුන බබලමින් යළි අරිහත් ධජය ලොවම බබලන්න අඩිතාලම නැගෙන මේ අවස්ථාවේ උත්තරීතර වාසනාව අත්පත් කර ගන්න හේතු වාසනා ලබා ඇති දහස් ගණනක පින්වත් පිරිස දිරිය ගෙන ඒ උත්තම වාසනාව ලබා ජය ගන්න ධර්මය වඩන්න. නිවන් ශාන්තියට පත් වන්න.
මීට සාසන හිතකාමි,
අභයරතනාලන්කාර හිමි.

(උපුටා ගැනීම: හෙල බොදු පියුම, 64 වන කලාපය)
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඉතාම වැදගත් ලිපියක්

    "ඒ නිසා අපවාද කළ කෙනෙක් දුටු විට හෙතෙම් පහත් නීච පුද්ගලයකුයයි හන්වඩු ගසන්නට නොයා යුතුය"

    ඉතාම වැදගත් :cool:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka

    :yes::yes::yes:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ක්‍රෑහ් තුක්...

    Skylark

    මැණික් ගල් සහ කළුගල්
    මිශ්‍ර බඳුනක් ලැබූ කෙනෙකු මැණික් ගල් පමණක් රැගෙන අන් සියල්ල ඉවත දැමූහ, තවකෙකු එම බඳුන සම්පූර්ණයෙන්ම ඉවත දැමූහ :baffled:

    ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි ;)
     
    Last edited:

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි ;)[/QUOTE]

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මැණික් ගල් සහ කළුගල්
    මිශ්‍ර බඳුනක් ලැබූ කෙනෙකු මැණික් ගල් පමණක් රැගෙන අන් සියල්ල ඉවත දැමූහ, තවකෙකු එම බඳුන සම්පූර්ණයෙන්ම ඉවත දැමූහ :baffled:

    ප්‍රඥාවන්තයා යම්කිසි දේශනාවක් තුලින් සෑම විටම ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් එය තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගනියි, අන්ධ මෝඩ පෘතක්ජනයා එහි සුළු වරදක් වුවද දැක තමන්ගේ පෞද්ගලික කෝන්තර මත හෝ තමන්ගේ දෘෂ්ඨියට ගැලපෙන්නේ නැති නිසාවෙන් එය සම්පූර්ණයෙන්ම ඉවත දමයි ;)

    :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාධු සාධු අපෙ හාමුදුරුවනේ! තුච්ඡ පුරුෂයා, මෝඝ පුරුෂයා යැයි බැණවදින ඒ අය ඔබ වහන්සේට වැඩි වැඩියෙන් හමු වේවා! ඒ වචනම කොච්චර ප්‍රිය උපදවනවාද හාමුදුරුවනේ! පියෙකු නැතිව අතරමං වුන දුකට පත් වූ පිහිටක් සරණක් නැති දරුවෙකුට සෙනෙහෙබර පියෙකු ලැබුනා වාගෙ! ඒ වචන ඇහෙනකොටත් ප්‍රියයි හාමුදුරුවනේ! ඒ සද්දෙ ඇහෙනකොටම සතුට ප්‍රීතිය උපදිනවා! අනේ මගේ තාත්තා! අනේ මගේ කුස ගිනි නිවන තාත්තා! අනේ මගේ ආදර තාත්තා! සාධු සාධු සාධු!

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ක්‍රෑහ් තුක්...

    Skylark

    අහෝ! Skylarkගේ සෝවාන් ඵලය හෙලූ කෙළ පිඩක් මෙන් නික්ම ගිය වගයි.:lol::lol::lol::lol:

    මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක

    කමල් වික්‍රමනායක

    kamal-80x83.jpg

    "ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

    ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

    කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අහෝ! Skylarkගේ සෝවාන් ඵලය හෙලූ කෙළ පිඩක් මෙන් නික්ම ගිය වගයි.:lol::lol::lol::lol:

    :yes: :lol:

    අනේ පව් බං අසරණ Skylark... දහමේ නමින් හරි ගැටෙන්න බලාගෙන ඉන්නෙ. :lol:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මේ හාමුදුරොවෝත් ඉහත වීඩියෝවේ විනාඩි දොළහෙන් ඉදිරියට ආසන්නයේ "ඒකයි මං කියන්නේ කිසීම කෙනෙක් කිසී කෙනෙකුට කිසීම දෙයක් කියන්න යන්න හොදත් නැහැ, මොකුත් ඕන්නෑ, නිකාන් තියෙන කට ඔහෙ අපි සකස් කර ගන්න ඕනැ." යැයි පවසනවා.

    Skylark