අනුරාධපුර ඇස් වෙද මහතා ....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඇසට ප‍්‍රතිකාර කිරීමෙන් පසු මාසයක් භාවනාවට... බලන්ගොඩ මහ නා හිමියන්ගේ දෑස සුවපත් කළ වෙද ඉසිවරයාණෝ

    1595735614270.png


    රුවන්මැලි මහාසෑය වටේ ගිනි ගහන අව්වේ තුන්පාරක් පැදකුණු කෙරුවේ පාවහන් නැතිව.”

    ”මං හිතන්නේ නායක හාමුදුරුවෝ මේ තැන්වලට වැඩියේ මොකක් හරි භාවනාවකට සමවැදිලා කියලයි.”

    ”අපි දවල් දානෙට ආපහු ඉසුරුමුණිය පන්සලට වැඩියා. දවල් දානෙන් පස්සේ නායක හාමුදුරුවන්ට සැතපෙන්න කීවා. උන්වහන්සේ සාමාන්‍යයෙන් දවල්ට සැතපෙන්නෙ නෑ.”
    ”උන්වහන්සේ පොතක් අරගෙන හාන්සි පුටුවට වෙලා හවස් වෙනකම්ම පොත බැලූවා. ඒත් මම උන්වහන්සේට කීවා අද දවසේ පොත් කියවන එක නවත්තලා හෙට වෙද මහත්තයට ඇස් පෙන්නමු කියලා.”
    ”උන් වහන්සේ සිනහ වෙලා පොත පැත්තක තිිබ්බා. ඒ වනවිටත් බලන්ගොඩ හාමුදුරුවෝ වැඩලා ඉන්නවා කියන ආරංචියට වැල නොකැඞී උපාසක උපාසිකවෝ එන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ දැක බලාගෙන වන්දනා කරන්නයි ඒ උදවිය ආවේ. එන පිරිස සීමා කරන්න අපි හිතුවත් නායක හාමුදුරුවෝ කීවේ ඒ ඇත්තන්ට පිං රැස් කර ගන්න ඉඩ දෙන්න කියලා.”

    ”ඒත් පහු වෙනිදා උදේම පිරිස එන එක නැවැත්තුවේ දවල්ට වෙද මහත්තයට හාමුදුරුවන් පෙන්නන්න තියෙන නිසා.”

    අක්ෂි වෛද්‍ය පී. වීරසිංහ මහත්මා - මම වැඩ කරන්නේ අනුරාධපුරයේ අභයගිරිය ව්‍යාපෘතියේ වැඩ බිමේ වැඩ පාලකවරයෙක් විදිහට. දැන් අවුරුදු විසි දෙකක්ම සේවය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති අභයගිරිය ව්‍යාපෘති වැඩ බිමේ. අපේ පවුල පාරම්පරික අක්ෂ වෛද්‍යවරු. මමත් රක්ෂාවට යනකල් ඇස් වෙදකම කෙරුවා. ඒ නිසා මටත් ඇස් වෙදකම පිළිබ`දව හො`ද පළපුරුද්දක් තියෙනවා. අපේ වෙද පරපුරේ අය අනුරාධපුරේ විතරයි වෙදකම් කරන්නේ.”

    ”ලංකාවේ වෙන කොහේවත් අනුරාධපුරයේ වෙද පවුලේ අය වෙදකං කරන්නේ නෑ. මම ආයුර්වේද වෛද්‍ය සභාවෙත් අනුරාධපුර පළාතේ වෛද්‍ය සභාවේත් ලියාපදිංචි වුණ වෛද්‍යවරයෙක්.

    ”මගේ සේවය අගය කරලා මට රජයෙන් වෙනත් සමිති සමාගම්වලින් ද උපහාර සම්මාන දීලා තියෙනවා.”

    ”මට ජනාධිපති සම්මානයත් ලැබුණා.

    ”ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ වෙදකම් කිරීම මම නතර කෙරුවා. ඒත් වැඩබිමේදී අපේ සේවක මහත්තයකුට අනතුරක් සිදුවුණොත් මම බෙහෙත් කරනවා.”

    ”මුලදී ඉතා සුළුවෙන් පටන් ගත්තත් පහුවෙන කොට අනුරාධපුරයේ හැම පැත්තෙන්ම ඇස් ලෙඞ්ඩු මාව හොයාගෙන එනවා. ඒත් රාජකාරි වෙලාවේ නං අම්ම මුත්තා කීවත් වෙදකමට යන්නේ නෑ. ඒත් නොකරම බැරි අවස්ථාවක් උනොත් මම නිවාඩු දාලා ගිහින් ප‍්‍රතිකාර කරනවා. ඒත් පුරුද්දක් වශයෙන් නෙවෙයි.”

    ”මගේ වෙදකම ගැන අහලා දවසක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ටී. ජී. කුලතුංග මහත්තයාත් ආවා. මම වෙදකම් කරන ක‍්‍රමය දිහා බලා ඉ`දලා එතුමා කීවා මෙම වෛද්‍ය ක‍්‍රමය ලංකාවේ හැම දෙනෙක් ම දැන ගත යුතුයි කියලා ‘දිවයින’ පත්තරේට ලිපියක් පළ කළා.

    ”ඇහේ ලෙඩට කකුලේ මහපටඟිල්ලට බේත් බඳින ජීවකයා” නමින් ඒ ලිපිය පළ කළේ.

    ඒ ලිපියෙන් පස්සේ ලංකාවේ හැම පැත්තෙන්ම රෝගීන් මා ළ`ගට ආවා. ඒ හැම රෝගියෙකුම සුවපත් කරලා තමයි මම ඒ අය ආපහු ඇරියේ.

    ”මගේ ඇස් වෙදකම ගැන සංචාරක මඟ පෙන්වන්නං මාර්ගයෙන් දැනගෙන විදේශීය සංචාරකයොත් දැන් එනවා. ඒ රටවල බටහිර වෙදකමෙන් සනීප කරන්න බෑ කියපු ලෙඞ්ඩු මම දින කීපයනින් සුවපත් කළාම ඒ ඇත්තෝ පුදුම වෙනවා.”

    balangoda2
    ”ඇමරිකාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ජපානය වගේ රටවලිනුත් ආරංචිය කටකතා වශයෙන් පැතිරිලා ඇස් ලෙඞ්ඩු කණ්ඩායම් වශයෙන් එනවා. ඒත් මගේ රාජකාරියට බාධා නොවන විදිහට සති අන්තයේ අනුරාධපුරයේ ලංකාරාම පාරේ බණ්ඩරපුලම්කුලම කියන ස්ථානයේ සායනයක් (වෛද්‍ය මධ්‍යස්ථානයක්) මගේ ගෙදර පවත්වනවා.

    ”හවස රාජකාරි වෙලාවෙන් පස්සේ තමයි එම ස්ථානයේ බෙහෙත් කිරීම කරන්නේ.”

    ”ඈත පළාත්වල ඉඳලා එන රෝගීන් සඳහා සති අන්තයේ ආණ්ඩුවෙන් බලන්ගොඩ ඉ`දලා ලංගම බස් රථයක් ද යොදවලා තියෙනවා.

    ”මම කිසිම රෝගියකු ගෙන් මුදලක් අය කරන්නේ නෑ. අපේ වෙද පරම්පරාවෙ කවුරුත් මුදල් අය කරන්නේ නෑ. ඒත් බුලත් අතක් රැගෙන ආ යුතුයි. කවුරු හරි කෙනෙක් සන්තෝෂයෙන් බුලත් අතට ප`ඩුරක් තිබ්බොත් ඒක බාර ගන්නවා. තියෙන පඬුර කීයද කියලා මම බලන්්නේ නෑ. සමහර ඉතාම දුප්පත් රෝගීන් බුලත් අතක් විතරක් ගේනවා. ඒ හො`දටෝම ඇති එහෙම ඇත්තන්ට මං බතින් බුලතින් සංග‍්‍රහ කරලා යවනවා.”

    ”මට ඕනෑම ඇස් ලෙඩක් දින කිහිපයකින්ම සුවපත් කරන්න පුළුවන්. බටහිර වෙදකමෙන් සුවපත් කරන්න බැහැ කියාපු රෝගීන් බොහෝ දෙනෙක් මම සුවපත් කරලා තියෙනවා. ඕනෑම ඇස් රෝගයක් අපේ වෙද ක‍්‍රමයට සුවපත් කරන්න පු`ඵවන්.”

    ”අපේ පාරම්පරික රහස් වෙදකමට අනුව අපි ඇහැට බෙහෙත් දමන්නේ නෑ. අපි කකුලේ මහපටැඟිල්ලටයි බෙහෙත් බ`දින්නේ. ඇහේ රෝග තත්ත්වය අනුව රහසිගතව සාදනු ලබන බෙහෙත මහපටැ`ගිල්ලට බ`දිනවා. දින කිහිපයකින් රෝගියා සුවපත් වෙනවා.”

    ”පිටරටවල උදවිය මෙම වෙදකම දැකලා පුදුම වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම ඇස් වෙද ක‍්‍රමය බටහිර රටවලට ගෙන ගියොත් අපේ රටට විදේශ විනිමය පමණක් නොව ආයුර්වේදය පිළිබඳව විශාල පිබිදීමක් ඇති කරන්න පුළුවන්.”

    ”මීට අවුරුදු විසි තිස් ගණනකට පෙර දවසක් මට දහවල් එකොළහට විතර ඉසුරුමුණිය පන්සලේ ලොකු

    හාමුදුරුවන්ගෙන් පණිවිඩයක් අරගෙන හාමුදුරුවන් වහන්සේ නමක් මාව හමුවෙන්න වැඩියා. මම ඉක්මනට උන්වහන්සේ හමුවෙන්න එළියට ආවා. උන්නාන්සේ කීවා බලංගොඩ නායක හාමුදුරුවෝ ඇස්වලට බේත් ගන්න ඉසුරුමුණිය පන්සලට වැඩලා ඉන්නවා. වෙද මහත්තයා හමුවෙන්න එන්න පුළුවන් වෙලාවක් දැන ගෙන යන්නයි ආවේ කියලා.

    ”ඒ කතාව අහලා මම පුදුම විදිහට සතුටු වුණා. මට ඒ කතාව අදහා ගන්නත් බැරි තරම්. මතු බුදුබව පතන පෙරුම් පුරණ උත්තමයෙකුට බෙහෙත් කොට සුවපත් කිරීමට අවස්ථාවක් ලැබීමට තරම් වාසනාවන්තයෙක් වීම පිළිබ`දව අපමණ පී‍්‍රතියට පත් මම ඒ මොහොතේම නිවාඩු අයදුම් පතක් ඉදිරිපත් කෙරුවා.”

    ”මම ඒ පොඩි හාමුදුරුවන්ට කීවා නායක හාමුදුරුවෝ කොහාටවත් වඩින්න එපා. මම තව ටිකකින් නිවාඩුවක් දාල ඉසුරුමුණිය පන්සලට එන්නං කියලා පොඩි හාමුදුරුවෝ ආපහු පිටත් කෙරුවා. මම නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක් පුරවලා අපේ ලොකු මහත්තයා ළඟට ගියා.”

    අපේ ලොකු මහත්තයා ඇහැව්වා ‘මොකටද හදිස්සියේ නිවාඩු ගන්නේ කියලා.”

    ”මම කාරණේ කීවම ඒ මහත්තයා කීවා දින ගණනාවක් උනත් ඉ`දලා නායක හාමුදුරුවන්ට බෙහෙත් කරලා සුවපත් කරන්න. මම ඒ දින ඔක්කොම ඉහළට කියලා රාජකාරි නිවාඩු හැටියට හදලා දෙන්නං කියලා.”

    ”බලන්ගොඩ හාමුදුරුවෝ වගේ හමුදුරුවන් වහන්සේ නමක් ලංකාවේ වැඩ සිටීමම අපේ රටට කොයි තරම් ගෞරවයක්ද? නිවාඩු ගැන හිතන්න එපා. උන් වහන්සේගේ ඇස් දෙක සුවපත් කරන්න කියලා ඉල්ලීමක් ද කළා.”

    ”ඒ පින අපේ දෙපාර්තමේන්තුවටම හිමි වෙනවා කියලා අපේ ලොකු මහත්තයා කීවා.

    ”අපේ දෙපාර්තමේන්තුවෙන් මට කවදාවත් නොහිතූ සහයෝගයක් ලැබුණු බව අපේ බෞද්ධ ජනතාවට කීම මගේ යුතුකමක් සේ මම සලකනවා.”

    ”මම ඉසුරුමුණිය විහාරය වෙත ළඟාවන විටත් නායක හාමුදුරුවන් වහන්සේව දැක බලා ගෙන වන්දනාමාන කිරීමට බොහෝ පිරිසක් රැස්වී සිටියා.

    ”මම නායක හාමුදුරුවන්ට නමස්කාර කොට උන්වහන්සේගේ ශරීරය ස්පර්ශ කිරීමට අවසර ඉල්ලා සිටියා.

    ”උන්නාන්සේ කීවා වෙද මහත්තයා මගේ ශරීරය ඇල්ලීමට අවසර ඉල්ලීමෙන් ම මහත්මයාගේ උදාර ගතිය පෙන්නුම් කරනවා. වෙද මහත්තයා කැමති විදිහකට මගේ පංචස්කන්ධය ඇල්ලීමට අවසර තියෙනවා. මම නැවතත් උන්වහන්සේට නමස්කාර කොට ඇස් දෙකම පරීක්ෂා කළා.”

    ”ඉස්පිරිතාලේ ලොකු මහත්තයා කීව කතාව ඇත්තයි. ඒ වනවිටත් ඇස්වල ස්නායු මැරෙමිනුයි තිබුණේ තවත් රෝගි තත්ත්වයක් මම දුටුවා. ඇස්වල ක`දුළු ග‍්‍රන්ථි අවහිර වෙලා. ඒ නිසා නායක හාමුදුරුවන්ගේ ඇස් වලින් නිතරම කඳුළු ගලමින් තිබුණේ පළමුව ඊට ප‍්‍රතිකාර කළා. මම නායක හාමුදුරුවන්ට මාසෙකට බෙහෙත් දීලා මාසෙකට පස්සේ කකුලට බේත් බඳින්න බලන්ගොඩට එන්නං කියලා නායක හාමුදුරුවෝ ආපහු බලන්ගොඩට පිටත් කළා. ඒ සමගම මම අවවාදයක් ද කෙරුවා.”

    ”හැබැයි නායක හාමුදුරුවනේ දින කීපයක් යනකල් පත පොත පත්තර එහෙම බලන්න එපා කීවා.

    ”එතකොට නායක හාමුදුරුවෝ එක්කලා වැඩලා හිටිය නන්දසාර හාමුදුරුවෝ කීවා.”

    ”වෙද මහත්තයාම ඒක කීව එක නං හො`දයි කියලා.”

    ”නායක හාමුදුරුවෝ ඒ කතාවට හිනාවුණා.

    ”මම පැයකින් පමණ ප‍්‍රතිකාර කරලා කීවා.”

    ”නායක හාමුදුරුවනේ මම දන්න හැම බෙහෙතක්ම දාලා ඔබ වහන්සේගේ ඇස් දෙක සුවපත් කරනවා කීවා. ඔබ වහන්සේට වඩා අමරු ඉස්පිරිතාලවලින් අයින් කොරපු කොච්චර නං ලෙඞ්ඩු මම සනීප කරලා තියෙනවද?”

    ”අපේ රටේ විතරක් නෙවෙයි. එංගලන්තය, ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, ජපානය වගේ බටහිර වෙදකම දියුණු රටවල ඉස්පිරිතාලවලින් සනීප කරන්න බෑ කියලා අයින් කරපු ලෙඞ්ඩු මම සනීප කරලා තියෙනවා.”

    balangoda3
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ”ඔබ වහන්සේගේ දෑස මාසයක් ගත වෙන්න කලින් මම සනීප කරනවා නායක හාමුදුරුවනේ කියලා නැවතත් උන් වහන්සේගේ දෙපා මත හිස තබා වැන්දා.

    ”උන්වහන්සේ මට සෙත් පිරිත් කියලා ආශිර්වාද කෙරුවා.”

    ”අනේ හාමුදුරුවනේ මේ මාසය ඉවර වෙන කල් පත පොත පත්තර බැලීමෙන් වැළකිලා ඉන්න වෙනවා කීවා.”

    ”හොඳයි මහත්තයා මම ඒ විදිහට ඉන්නං කෝ. මට මේ කාලය පුරාම භාවනානුයෝගීව ඉන්න පු`ඵවන් නෙව.”

    ”මාසෙකට පස්සේ මම නායක හාමුදුරුවන්ගේ සුවදුක් බලන්න බලන්ගොඩට ගියා. පස්සේ මම දීපු බෙහෙත්වල සාර්ථක ප‍්‍රතිඵල දැක්කම මට දැණුන සතුට කියලා නිම කරන්න බෑ. මම කරපු බෙහෙත හැටියට හිසේ කාලයක් පුරා රැඳිලා තිබුණ සෙම පටල නිසා ස්නායු පද්ධතිය අවහිර වෙලා තිබුණා. මං කළ වෙදකම අනුව ඒ සෙම් පටල කබ විදිහට පිටවුණා. මම ඇහැ බෙහෙත් දියරයෙන් ශුද්ධ කරලා අන්තිම බෙහෙත් වඩියත් මහපටැ`ගිල්ලේ ආලේප කළා. ඇහැට ඉහළින් තවත් බෙහෙතක් ද ගෑවා.”

    ”ඊළඟ වතාවේ මම ඇහැ පරීක්ෂා කරන කොට ඇස් දෙක නිල් පාට මැණික් වගේ දිළිසෙන්න පටන් ගත්තා. එතෙක් පාවිච්චි කළ කණ්ණාඩි කුට්ටම නැතිව වුවද පත පොත කියවිය හැකි බව නායක හාමුදුරුවෝ කීවා.”

    ”ඒත් මම කීවා තව සති දෙක තුනක් යනතුරු වැඩිය ඇහැ වෙහෙස මහන්සි කරන්න එපා කියලා මම උපදෙස් ද දුන්නා. ඒ වගේම වැඩිය ලයිට් එළිය ඇහැට අගුණයි. රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වෙන කොට එහි අඩු එළියකින් රූප ගත කිරීම කරන්න කියලා සංවිධායකයින්ට දන්වන්න කියලත් කීවා.

    නායක හාමුදුරුවෝ බලන්න මම අවස්ථා කිහිපයක්ම බලන්ගොඩට ගියා. උන් වහන්සේ ඇස් දෙක සුවවීම ගැන උන්වහන්සේ අපමණ සතුටටත් පත්වෙලා හිටියා.”

    ”මම දවසක් නායක හාමුදුරුවන්ගෙන් ඇහැව්වා ඔබ වහන්සේට මෙහෙම ලෙඩක් හැදුනේ ඇයි කියලා.”

    ”උන්නාන්සේ කීවා මේක කර්මජ රෝගයක් මහත්තයා. මමත් එක්තරා භවයකදී අක්ෂි වෛද්‍යවරයෙක් හැටියට සේවය කරලා තියෙනවා. මම වෙදකම් කරලා තියෙන්නේ රාජ රාජ මහාමාත්‍යවරුන්ටයි සිටුවරුන්ටයි විතරයි. මගෙන් බෙහෙත් ගන්න ආපු දුප්පත් රෝගීනට මම බෙහෙත් නොකර පන්නා දමා තියෙනවා. ඒ පාප කර්මය තමයි මට මේ භවයේදී පටිසන් දුන්නේ.”

    ”ඒක නිසා මම අවවාදයක් හැටියට කියන්න කැමතියි වෛද්‍ය වෘත්තියේ ඉන්න දේශීය බටහිර කොයි කෙනෙක් උනත් එන
    රෝගියාගේ උදවියගේ තරාතිරම නොබලා අසරණ තත්ත්වයට පත්වුණ කෙනෙක් කියලා හිතලා සේවය කරන්න වෙදකම් කරන්න කියලා.”

    ”ඔබ වහන්සේ දකින හැටියට මම පෙර භවයේ කොයි වගේ කෙනෙක් ද හාමුදුරුවනේ?”

    ”මහත්තයා පෙර භව ගණනාවකදීම මහා වෙද සෘෂිවරයෙක් හැටියටයි කටයුතු කරලා තියෙන්නේ. ඒ සන්දියේ මුුන්නැහේ යටතේ වෙද මහත්තුරු සිය ගණක් ඉ`දලා තියෙන මහා වෙද ඉසිවරයෙක්. ඉදිරි භවවලදීත් මුන්නැහේ සේවය කරන්නේ දක්ෂ පිළිගත් ප‍්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙක් හැටියටයි.”

    ”මහ නාහිමියන් බලන්ගොඩට වැඩියත් මම මාස දෙක තුනකට සැරයක් නායක හාමුදුරුවෝ පරීක්ෂා කරනවා. උන්නාන්සේ මහරගම පන්සලට වඩිනවා. මම එහාට ගිහින් නායක හාමුදුරුවන්ගේ ඇස් පරීක්ෂා කරනවා.”

    ”මට බලන්ගොඩට යෑම දුර වැඩි නිසා නායක හාමුදුරුවෝ කොළඹට වඩිනවා. මම කොළඹට ගිහිල්ලා උන්නාන්සේගේ ඇස් පරීක්ෂා කරලා ආපහු අනුරාධපුරයට යනවා.”

    ”වරක් උන්නාන්සේ මැදවක්ක පන්සලේ වස් වසලා ඉන්න කොටත් මම ඒ පන්සලට ගිහින් ඇහැ පරීක්ෂා කළා. මහ නා හිමියන් අපවත් වෙනතුරුම වෙනත් ඇස් ආබාධයක් ඇතිවුණේ නැහැ. බලන්ගොඩ මහ නා හිමියන් වගේ අනාගත බුදුවරයකුට බෙහෙත් කිරීමෙන් මම කළ ප‍්‍රතිකාරයන් සිහිපත් වෙන හැම වෙලේම මගේ දෑස සතුටු කඳුළින් තෙමෙනවා මහත්තයා.”

    මෙම ලිපිය සම්පාදනය කිරීම ස`දහා මට තොරතුරු සොයා දෙමින් කටයුතු කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශයටත්, අභයගිරි ව්‍යාපෘතියේ කාර්යාලයේ ප‍්‍රධාන ලිපිකාර මහත්මියටත් එම කාර්ය මණ්ඩලයටත් සුවපත් වේවායි මම සෙත් පතමි.
    (Divaina)

    මෙතනින් බෙහෙත් අරන් සුවවූ අය වෙතොත් මෙහි විස්තර දමන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට හිතෙන්නෙ නම් බොරුවක් වගේ
    සාමාන්‍යෙන් අසාමාන්‍ය දෙයක් කරනවා නම්, අසාමාන්‍ය විදියෙ වෙදකමක් එහෙම මේ ආශික්ලෑන්ඩ් එකේ තියනවා නම් බොරුවක් තමයි
    balangoda2.jpg

    මේ දාල තියන පින්තූරෙ කියන්නෙ බන් ඔය බලංගොඩ හාමුදුරුවොන්ට අවුරුදු 80කටත් වඩා සාත්තු කරා කියලා, එහෙනම් මේ හාමුදරුවොන්ට වයස 120ක් වත් වෙන්න එපැයි, එහෙම වයසක් පේන්නෙ නැහැනේ (බලංගොඩ හාමුදුරුවො අපවත් වෙලත් අවුරුදු 20ටත් වැඩිනේ)
    අනික දිවයිනේ ගියපු ආටිකල් එකක්නේ, ඕකෙ යන්නෙ ඔයවගේ ටිකක් වයසක මිනිස්සු අන්දලා ෆෝම් කරලා ෆේමස් වෙන්න ලියන ආටිකල් නේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මට හිතෙන්නෙ නම් බොරුවක් වගේ
    සාමාන්‍යෙන් අසාමාන්‍ය දෙයක් කරනවා නම්, අසාමාන්‍ය විදියෙ වෙදකමක් එහෙම මේ ආශික්ලෑන්ඩ් එකේ තියනවා නම් බොරුවක් තමයි
    balangoda2.jpg

    මේ දාල තියන පින්තූරෙ කියන්නෙ බන් ඔය බලංගොඩ හාමුදුරුවොන්ට අවුරුදු 80කටත් වඩා සාත්තු කරා කියලා, එහෙනම් මේ හාමුදරුවොන්ට වයස 120ක් වත් වෙන්න එපැයි, එහෙම වයසක් පේන්නෙ නැහැනේ (බලංගොඩ හාමුදුරුවො අපවත් වෙලත් අවුරුදු 20ටත් වැඩිනේ)
    අනික දිවයිනේ ගියපු ආටිකල් එකක්නේ, ඕකෙ යන්නෙ ඔයවගේ ටිකක් වයසක මිනිස්සු අන්දලා ෆෝම් කරලා ෆේමස් වෙන්න ලියන ආටිකල් නේ
    ඒක නං photo එක හදපු එකාට මොංගල් වෙන්න ඕන. මේ හාමුදුරුවෝ කියන්නේ අවරුදු විසි තිස් ගානකට කලින් බලන්ගොඩ හාමුදුරුවන්ට බෙහෙත් කරේ කියල.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ අම්මව ඔතෙන්ට එක්කන් ගියා. ඒ කියපු විදියටම බෙහෙත් බැන්දා. හරි ගියේ නෑ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and PHBhagya

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ කියන්නේ බුලන්කුලම ඇස් වෙද මහත්තයා ගැන නම් එයාගෙන් බෙහෙත් ගත්ත ගොඩක් අය හොඳ වෙලා තියෙනවා.. මම දන්න බෙහෙත් කීප දෙනෙක්. 🙏
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට හිතෙන්නෙ නම් බොරුවක් වගේ
    සාමාන්‍යෙන් අසාමාන්‍ය දෙයක් කරනවා නම්, අසාමාන්‍ය විදියෙ වෙදකමක් එහෙම මේ ආශික්ලෑන්ඩ් එකේ තියනවා නම් බොරුවක් තමයි
    balangoda2.jpg

    මේ දාල තියන පින්තූරෙ කියන්නෙ බන් ඔය බලංගොඩ හාමුදුරුවොන්ට අවුරුදු 80කටත් වඩා සාත්තු කරා කියලා, එහෙනම් මේ හාමුදරුවොන්ට වයස 120ක් වත් වෙන්න එපැයි, එහෙම වයසක් පේන්නෙ නැහැනේ (බලංගොඩ හාමුදුරුවො අපවත් වෙලත් අවුරුදු 20ටත් වැඩිනේ)
    අනික දිවයිනේ ගියපු ආටිකල් එකක්නේ, ඕකෙ යන්නෙ ඔයවගේ ටිකක් වයසක මිනිස්සු අන්දලා ෆෝම් කරලා ෆේමස් වෙන්න ලියන ආටිකල් නේ

    අපේ අම්මව ඔතෙන්ට එක්කන් ගියා. ඒ කියපු විදියටම බෙහෙත් බැන්දා. හරි ගියේ නෑ.
    කවුරු මොනව කිවුවත්, ඇහැකට, කණකට සිංහල බේත් වක්කරන්න මටනං හිතහදාගන්න අමාරුයි...


    සිංහල වෙදකම හොඳ වෙන්න පුලුවන්. හැබැයි හරි නියාමනයක් නැති නිසා, සිංහල වෙදාගෙ ඉඳන්, බේත් කඩේ මිනිහට එනකල්ම හොරු බෝවෙලා තියෙන්නෙ......
    වෙදා හොඳ දක්ශයෙක් වුනත් බේත් කඩේ එකා තණකොළ වේලල දෙන්නත් පුලුවන්නෙ....
     
    • Like
    Reactions: NRTG and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුරු මොනව කිවුවත්, ඇහැකට, කණකට සිංහල බේත් වක්කරන්න මටනං හිතහදාගන්න අමාරුයි...
    ඇත්ත බන්. ඇහැට කෙලින්ම බෙහෙත් කරන්නෙ නෑ. කකුල්වල මහපට ඇඟිල්ලට බෙතේ බඳන්න තියෙන්නෙ. එතකොට ඇස් හොඳවෙනවලු :lol:

    ඕකුන්ව තඹ සතපහකට විස්වාස කරන්න හොඳනෑ. ආන්ඩුව මැදිහත් වෙලා වෙද හොරුටික පන්නල දාන්න ඕනෙ. අර අනුරාධපුරේ වකුගඩු වෙදා ගැනත් ඔය ටිකමයි. පොර නිකන් ආතක් පාතක් නැතුව ඉද්දි කොහෙන් හරි පුස්කොල පොතක් හම්බවෙලා වෙදකම පටන් අරන් තියෙන්නෙ. මුලු රටේම එවුන් එතෙන්ට ගියාට ගමේ එකෙක්වත් යන්නෙ නෑ
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    මම කරපු බෙහෙත හැටියට හිසේ කාලයක් පුරා රැඳිලා තිබුණ සෙම පටල නිසා ස්නායු පද්ධතිය අවහිර වෙලා තිබුණා. මං කළ වෙදකම අනුව ඒ සෙම් පටල කබ විදිහට පිටවුණා. මම ඇහැ බෙහෙත් දියරයෙන් ශුද්ධ කරලා අන්තිම බෙහෙත් වඩියත් මහපටැ`ගිල්ලේ ආලේප කළා. ඇහැට ඉහළින් තවත් බෙහෙතක් ද ගෑවා.”

    This explains everything 😅 😅 😅
     
    • Haha
    • Like
    Reactions: hasithayad and NRTG

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    His way of treatments and the methods are unexplainable by the modern science
    / medicine.
    That doesn't mean that his methods are ineffective.
    Need to do some clinical trials to compare his treatments with the western medical treatments.
     
    • Like
    Reactions: NRTG