අනුරාධපුර වෛද්යවරිය දූෂණය කල සැකකරු චීවරදාරියෙක් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    4445-1-2.jpg


    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

    කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා වේ.

    34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.

    යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

    එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර ඇත.

    එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණි.

    සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.

    එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.

    අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.

    එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.

    අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.

    සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.


    1741758757-Untitled-3.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    අපේ මාධ්‍ය මේ සිද්දිය ගැනනම් ටිකක්වත් සදාචාර සම්පන්නව වැඩ කර..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    චීවර ධාරියෙක් නෙවෙයි යකෝ . .
    හිටපු ස්වාමින් වහන්සේ කෙනෙක් 🥱
    දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා. කලින් ස්වාමින්වහන්ස දැන් චීවරදාරියෙක්.
     
    • Like
    Reactions: dilann

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අප්පා මෙයාද ජාතික ආරක්ෂාව කඩපු එකා...............

    වල්ල ලාච්චුවකට දාලා වහමු ආරක්ෂාවට.........
    That's right brother, sharia law is the answer.ආසයි? ලාච්චුවට දාලා වහමු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    පොලීසි උසාවි බන්ධනාගාර වල කාලය නාස්ති නොකර සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යනු.
    දැනටමත් හමුදාවෙන් පැනලා ඉන්න උන්ට දුටු තැන වෙඩි තබනු.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකා ෆෝන් එක ඉස්සුවේ නැත්නම් වෙදාලට තව ටික දවසක් ජොලියේ පොලිසියත් එක්ක මුව හොයන්න තිබ්බ :angry:
    :angry: :angry: :angry: