අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ, ඔස්ට්‍රේලියාවේදී දුරකථන ඇමතුමක් ලබාදී ගිලන් රථයක සහාය ඉල්ලා සිටි විට, ගිලන් රථ දෙකක් පැමිණෙන බවට, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් වත්තල ආසන බල මණ්ඩලයේදී පවසන ලද ප්‍රකාශය සාවද්‍ය බවයි. ඒ බව ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මෙන්ම එහි මාධ්‍ය වාර්තා නිරීක්ෂණයෙන් ද තහවුරු වෙනවා.
ගිලන් රථ 2 ක් හෝ කිහිපයක් පැමිණීම සිදුවිය හැක්කේ, වෙනත් බොහෝ රථවල පරිදිම, වැඩි පිරිසක් විපතට පත්ව ඇති අනතුරකදී හෝ ගින්නක් හෝ වැනි හදිසි අවස්ථාවකයි. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පවතින සත්‍ය තත්ත්වය නම් ගිලන් රථයක් පැමිණීමට බොහෝ කාලයක් ගැනීම, අතුරු වෛද්‍ය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ අඩු බව , ගිලන් රථ සේවා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට වැඩි කාලයක් ගැනීම නිසා ජනතාව අවස්ථා ගණනාවක දී පිඩාවට පත්ව තිබීමයි. සමහර ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ද මේ සම්බන්ධව අදහස් දැක්වීම් සිදුකර තිබෙනවා.