කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දෙන නිවේදන කියන්නෙ polite suggestions නෙමෙයි. Non-negotiable commands. විශේෂයෙන් ම "රතු නිවේදන" කියන්නෙ "ප්ලීස් මේකත් සලකා බලලා අවදානම් ප්‍රදේශවලින් ජනතාව අයින් කරන්න" කියන එක නෙමෙයි. අධික වර්ෂාපතනය සහ නායයෑම් ගැන Red notice කියන්නෙ more like, "&&තිගෙ පුතෝ &&නෙන්නෙ නැතුව ආපදා කමිටුව රැස්කරලා distress protocols activate කරපං" කියන එක.
ජාතික ආපදා කමිටුව ගැන. මෙට් ඩිපාර්ට්මන්ට් එකෙන් රතු නිවේදන ගැහුවට ඒ මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙන්න එයාලට බෑ. ජනතාවට ඉවත් වෙන්න ආදී නියෝග දෙන්න එයාලට බෑ. රෙඩ් නෝටිස් එකට රෙස්පොන්ඩ් කරන්න බැඳිල ඉන්නෙ ජාතික ආපදා කමිටුව (සම්පූර්ණ නම ජාතික ආපදා කළමනාකරණ සහ සම්බන්ධීකරණ කමිටුව). ඒකෙ සභාපති වෙන්නෙ ජනපති, උපසභාපති වෙන්නෙ අගමැති. නොවැම්බර් 27 රෙඩ් නෝටිස් එක ආවම එසැණින්, ඊළඟ පැය තුළ ජාතික ආපදා කමිටුව රැස් නූණෙ ඇයි යන්නට නිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. තාම එහෙම එකක් ලැබිල නෑ.
රතු නිවේදන දුන්නම ඒකට අදාළ ප්‍රතිචාර වලින් එකක් ලෙස, අධි-අවදානම් කලාපවලින් ජනතාව ඉවත් කිරීම මින් පෙර නොකළ මහ අමුතු දෙයක් නෙමෙයි. උදාහරණ ලෙස 2017 "ඕකි" (Ockhi) ආපු වෙලාවෙ මිනිස්සු 50,000ක් පමණ අවදානම් කලාපවලින් ඉවත් කළා. මරණ 26යි. ආයෙම 2020 "බුරෙවි" (Burevi) ආපු වෙලාවෙ මිනිස්සු 75,000ක් පමණ ඉවත් කළා. මරණ 05යි. මෙවර ඒක නොකළේ ඇයි යන්නට සාධාරණ සහ පිළිගත හැකි හේතුවක් අවශ්‍යයි.
️ පෙර සූදානම ගැන බයිලා ගහන්න නං එපා, උසස්පෙළ විභාගෙට ළමයි ගෙදරින් පිට වුණාටත් පස්සෙයි එග්සෑම් කල්දැම්මෙ.
https://elakiri.com/threads/රෙඩ්-නෝටිස්-එකට-රෙස්පොන්ඩ්-කරන්න-බැ%E2%80%8Dඳිල-ඉන්නෙ-ජාතික-ආපදා-කමිටුව.2233731/#post-31115316