අනුර කුමාරට නාගයා ගහයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජවිපෙ නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ සිටියි. ජවිපෙ සම්පුර්ණ මධ්‍යම කාරක සභාව අත් අඩංගුවට ගෙන ඝාතනය කල බව (සෝමවංශ හැර) බව රටම දනියි. එසේම රෝහණ විජේවීර ජනාධිපති අපේක්ෂකයෙකු විය. 1983 පක්ෂය JR විසින් පක්ෂය තහනම් කලේ කිසිම සාධාරණ පදනමක් නැතිව බවද රටම දනියි. යුද්ධයකදී නොව රජයේ අත්අඩංගුවේ පසුවූ තම පක්ෂයේ නායකයන් මැරුවේ කව්ද ? ඔවුන් ඝාතනය කලේ කෙසේද ? කියා තමන් දන්නා බව පසුගියදා පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නමුත් අද රනිල් තුරුලේ නැළවෙන අනුර කුමාරට ඒ පිලිබඳ නිර්භයව එඩිතරව කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කිරීමට කොන්දක් නොවිය.

    TNA මන්ත්‍රී වරයාගේ නොසැලෙන, නිර්භීත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය වෙනම සොයා බැලිය යුතුය. රකාශයේ සත්‍ය අසත්‍යතාවය වෙනම සොයා බැලිය යුතුය. එම ප්‍රකාශය බොහෝ විට 2021 මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනා සම්මතයේදී ප්‍රයෝජනයට ගැනීමට ඉලක්ක කල කථාවක් කියා රජය දොස් නගනු ඇත. ඒ කෙසේ වුවද මොවුන් නිර්භයව පාර්ලිමේන්තුව තුල කරන ප්‍රකාශ දෙස බලන විට ජවිපෙ නිර්මාතෘ ඇතුළු නායකයින් පන පිටින් ඝාතනය කර රටට බොරු කියා ජනතාව වංචා කල එජාපයට රනිල් ඇතුළු කණ්ඩායමට එරෙහිව එක වචනයක් කියන්න අපොහොසත් වූ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ භාවිතය අතිශයින්ම ගුජුප්සා ජනකය.

    https://www.facebook.com/nagananada/
     
    • Like
    Reactions: batwise