ලංකාවේ අද්‍යාපන ක්‍රමය කවදා දියුනු වෙයිද. ඇයි ලමයින්ට කිසිදා සොයා ගැනීමට නොහැකි දේ පිළිබඳව උගන්වන්නේ.. අන්තර්ජාලය තුල අද වෙනවිට නැති දෙයක් නැත තරම්ය..නමුත් අලුතින්ම ඉගෙන ගන්න ලමයෙක් මේ පිළිබඳව අන්තර්ජාලය තුල හෙව්වොත් ඔහුට ලැබෙන කිසිවක් නැත.. ඇත්තටම අපිට වැරදුනේ කොතැනද...
අපි දින දර්ශනයට කැලැන්ඩරය කියනවා.. ජනවාරි මාසයට ජනවාරි කියනවා පෙබරවාරි ඇතුලු සියල්ලත් එලෙසයි ෆෑන් එකට ෆෑන්, කාර් එකට කාර් බස් එකට බස් වීඩියෝ වලට වීඩියෝ වගේ අපි දහස් ගානක් වචන පරිහරනයදී ඊට අදාල ලෝකයම පිලිගත්ත නියමිත වචන භාවිත කරනවා.නමුත් අද්‍යාපනය ලබාදෙනකොට හය හතර නොතේරෙන දරුවන්ට ලොවෙත් නැති වචන වලින් අදි තාක්ෂණික මෙවලම් හදුන්වා දෙන්න උත්සාහ කරනවා අපි ලෝකයට විවර වෙන්න හදන්නේ මෙහෙමද අපි ලමයින්ට උගන්වන්න ඕනේ මෙහෙමද මෙය ඉක්මනින්ම බලධාරීන්ගේ අවධානයට යොමු වේවා...
මෙය පරිගණකයක් තුල තිබෙන වීඩීයෝ ග්‍රැෆික් ඇඩැප්ටර් එක යන නමින් හෝ VGA එක නමින් හදුන්වන්න. ඉන් බැහැරව ලමයින්ගේ මනසට වෙනත් නම් යැවීමෙන් ඔවුන්ගේ කුඩා බුද්ධියට අදික බරක් පැටවීම තව දුරටත් දියුනු අද්‍යාපන ක්‍රමයක ගුණාංග නොවෙන බව බලධාරීන්ට අවබෝධ කරවීම අපගේ වගකීමක් බව අපි සිතන්නෙමු..
මොනිටරය නම් එය මොනිටරයයි කී බෝඩ් එක නම් එය යතුරු පුවරුව නොවෙයි කී බෝඩ් එකමයි.. වයර් නම් වයර් මයි..මදර් බෝඩ් එක නම් එය මවු පුවරුව නෙමයි එය මදර්බෝඩ් එකමයි.. අපි තව දුරටත් හුදකලා ජාතියක් නොවී ලෝකයත් සමග ඉගෙන ගන්න අනාගතයට අපේ ලමයින්ට ගොඩ නගමු.. දැන්වත් ඇති මේ යල් පැන ගියපු අද්‍යාපන ක්‍රමය...✍
Made in Sri Lanka Admin
