දුරකතන සංවාදය ඇසුවෙමි.
මේ මගේ අදහස...
යමෙක් රටට ජාතියට ආගමට ද්‍රෝහී ක්‍රියාවක් කරනවානම් ඔහුට එය පෙන්වාදීමේ වරදක් නැත.
එසේ කරන්නේ බාලවයස්කාරයෙක් නම් වැඩිහිටියෙකුට එය පෙන්වාදීමට සුවිශේෂ අයිතියක් ඇත.
නමුත්....
තමන්ගේ ලොකුකම් කියා කාට හෝ තර්ජනය කිරීමට අයිතියක් නැත.
අනෙක තමා කලදේ ප්‍රසිද්ධියට පත්කර ඒ දරුවාගේ ආත්මගරුත්වය වැනසීමට හෝ චරිතය ඝාතනය කිරීමටද අයිතියක් නැත.
තවද...
කෙනෙකුගේ දුර්වලකම ,වයස, බලයක් නොමැතිකම ප්‍රයෝජනයට ගෙන තමන් පොර වීමට, තර්ජනය කිරීමට උත්සාහ කිරීමද අනුමත කළ නොහැකිය.
අනෙක තමන් පමණක් කතා කරමින් අනෙකා අදහස් දැක්වීමට උත්සාහ කරද්දී එය "වැල් බයිලා වැඩක් නෑ" යැයි කියමින් ඊට අවකාශ නොදීමද අසාධාරණය.
සාරාංශය -
කළ දේ හොදය. කළ විදිය හොද නැත. දරුවා නරකය. දරුවා හැදීමට ගිය විදියද නරකය.