අඳුරු මහද්වීපය (1 කොටස)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අඳුරු මහද්වීපය (1 කොටස)

    අප්‍රිකානු මහාද්වීපය
    2sNgKoCl.png
    අඳුරු මහාද්වීපය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අප්‍රිකානු මහාද්වීපය භුමි ප්‍රමාණයෙන් සහ ජනගහණයෙන් දෙවැනි වන්නේ ආසියාවට පමණි. සමස්ථ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 30.3 වන අතර සමස්ථ ජනගහණය බිලියන 1.2 වේ. ස්වාධීන පාලන ඒකක (රටවල්) 54 කින් සමන්විත අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම රට වන්නේ ලිබියාවයි. වැඩිම ජනගහණයක් ජීවත්වන රට වන්නේ නයිජීරියාව යි. මධ්‍යධරණී මුහුද, රතු මුහුද, ඉන්දියන් සාගරය හා අත්ලාන්තික් සාගරයෙන් වටවී ඇති අප්‍රිකානු මහාද්වීපය පෘථිවි බිම් ප්‍රමාණයෙන් 20% කට හිමිකම් කියයි. පෘථිවියේ උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය තුල ව්‍යාප්තව ඇති එහි මධ්‍ය ප්‍රදේශය නිවර්තන සදාහරිත වැසි වනාන්තර වලින් ගහණ වන අතර උතුරු දිගට වන්නට සුවිසල් වැලි කාන්තාර වලින් යුතුවෙයි. ලොව දිගම ගංගාව ලෙස විරුදාවලිය ලත් නයිල් නදිය ගලන්නේ ද මේ දැවැන්ත භුමිය හරහාය. උතුරු හා දකුණු උෂ්ණත්ව කලාප දෙකටම හසුවන ලොව එකම මහාද්වීපය මෙයවේ.
    සුවිසල් ජෛව විවිධත්වයකින් යුතු අප්‍රිකානු මහාද්වීපය මිනිස් වර්ගයාගේ නිජබිම ලෙසද සැලකේ. අදින් වසර මිලියන 7කට පමණ ඉහත මධ්‍යම නැගෙනහිර අප්‍රිකානු භුමියේ ආදිතම මානවයාගේ සම්භවය සිදුවී ඇතිබව විද්‍යාත්මක සාධක මඟින් සනාථකොට ඇත. අප්‍රිකාව යන්නෙහි අරුත වන්නේ දුවිල්ලෙන් හටගත් දේශය යන්නයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අප්‍රිකානු මහාද්වීපය
    2sNgKoCl.png
    අදින් වසර මිලියන 7කට පමණ ඉහත මධ්‍යම නැගෙනහිර අප්‍රිකානු භුමියේ ආදිතම මානවයාගේ සම්භවය සිදුවී ඇතිබව විද්‍යාත්මක සාධක මඟින් සනාථකොට ඇත.

    මේක මෙහෙම උනේ නැහැ කියලත් සනාථ කරගෙන යනවා
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද යන්නේ? මල්ලේ පොල්. මෙයාල ලෝක අවධානය ගන්න කියන කතා. කොහෙවත් ඕව ඔප්පුකරලා නෑ.

    ඔයාට පිස්සු මෙයා ...එක තමයි කිව්වේ ඔප්පු කරන් යනවා කියල...

    මට Uni එක මතක නැහැ..middle east වල Prof and Dr කෙනෙක් මෙහෙයවන්නේ....ලෝක අවදානය වැඩක් නැහැ chani...ඔයා comment සිහි බුද්දියෙන් කියවන්නකෝ
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඕස්ට්‍රේලියාවෙන් ලු මිනිස්සු පටන් ගත්තේ
    කොහේ වුණත් එක තැනකින් වෙන්න ඕනනේ. එක පාර කීප තැනකින් ඇතිවෙන්න බෑනේ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔයාට පිස්සු මෙයා ...එක තමයි කිව්වේ ඔප්පු කරන් යනවා කියල...

    මට Uni එක මතක නැහැ..middle east වල Prof and Dr කෙනෙක් මෙහෙයවන්නේ....ලෝක අවදානය වැඩක් නැහැ chani...ඔයා comment සිහි බුද්දියෙන් කියවන්නකෝ
    comments ගැන නෙමෙයි මම කිව්වේ, guardian එකේ පලකරලා තිබ්බ ලිපිය ගැන
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩේ උඹ ‘මුරු‘ දන්නවා කියන්නේ වයස 40 පැනලා හරි ආසන්න හරියේ ඇති

    මාත් මුරු දන්නවා. ඒත් එච්චර නාකි නෑ කුකුලෝ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ස්වාධීන පාලන ඒකක (රටවල්) 54 කින් සමන්විත අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම රට වන්නේ ලිබියාවයි.

    :no::no:
    Rank Country Area (sq mi)
    1. Algeria 919,595
    2. Democratic Republic of the Congo 905,568
    3. Sudan 718,723
    4. Libya 679,362

    Map eke Algeria lokui wage hinda google karala baluwa. :D