අඳුරු මහද්වීපය (1 කොටස)
සුවිසල් ජෛව විවිධත්වයකින් යුතු අප්‍රිකානු මහාද්වීපය මිනිස් වර්ගයාගේ නිජබිම ලෙසද සැලකේ. අදින් වසර මිලියන 7කට පමණ ඉහත මධ්‍යම නැගෙනහිර අප්‍රිකානු භුමියේ ආදිතම මානවයාගේ සම්භවය සිදුවී ඇතිබව විද්‍යාත්මක සාධක මඟින් සනාථකොට ඇත. අප්‍රිකාව යන්නෙහි අරුත වන්නේ දුවිල්ලෙන් හටගත් දේශය යන්නයි.
අප්‍රිකානු මහාද්වීපය
අඳුරු මහාද්වීපය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අප්‍රිකානු මහාද්වීපය භුමි ප්‍රමාණයෙන් සහ ජනගහණයෙන් දෙවැනි වන්නේ ආසියාවට පමණි. සමස්ථ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 30.3 වන අතර සමස්ථ ජනගහණය බිලියන 1.2 වේ. ස්වාධීන පාලන ඒකක (රටවල්) 54 කින් සමන්විත අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම රට වන්නේ ලිබියාවයි. වැඩිම ජනගහණයක් ජීවත්වන රට වන්නේ නයිජීරියාව යි. මධ්‍යධරණී මුහුද, රතු මුහුද, ඉන්දියන් සාගරය හා අත්ලාන්තික් සාගරයෙන් වටවී ඇති අප්‍රිකානු මහාද්වීපය පෘථිවි බිම් ප්‍රමාණයෙන් 20% කට හිමිකම් කියයි. පෘථිවියේ උතුරු අර්ධගෝලය සහ දකුණු අර්ධගෝලය තුල ව්‍යාප්තව ඇති එහි මධ්‍ය ප්‍රදේශය නිවර්තන සදාහරිත වැසි වනාන්තර වලින් ගහණ වන අතර උතුරු දිගට වන්නට සුවිසල් වැලි කාන්තාර වලින් යුතුවෙයි. ලොව දිගම ගංගාව ලෙස විරුදාවලිය ලත් නයිල් නදිය ගලන්නේ ද මේ දැවැන්ත භුමිය හරහාය. උතුරු හා දකුණු උෂ්ණත්ව කලාප දෙකටම හසුවන ලොව එකම මහාද්වීපය මෙයවේ.