අඳුරු මහද්වීපය (3 කොටස)
ලිපි පෙළ;
1. අඳුරු මහද්වීපය (1 කොටස)
2. අඳුරු මහද්වීපය (2 කොටස)
ක්‍රි.පූ. 1400 දී ඊජිප්තුවේ අබු සිම්බෙල් හි ඉදිකරන ලද මහා රමේසස් පාරාවෝ රජුගේ ශෛලමය ප්‍රතිමා
එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ බිහිවූ ඉපැරණිතම සහ විශිෂ්ටතම මානව ශිෂ්ටාචාරයට උරුමකම් කියන්නේ අප මේ කතාකරමින් සිටින අඳුරු මහාද්වීපය හෙවත් අප්‍රිකාවයි. ක්‍රි.පූ. 3300 දී පමණ ඇරඹි පාරාවෝ (Pharaoh) වරුන්ගේ ඊජිප්තු ශිෂ්ටාචාරය උතුරු අප්‍රිකානු කලාපයේ පමණක් නොව ලෝකයේ බොහෝ පෙදෙස් කරා සිය ආදිපත්‍යය පැතුරුවන්නට සමත්විය. එය ආසියානු මද්යධරණි කළාපයේ පිහිටි වැදගත් ම ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය විය.
ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී. මුල්ම වකවානුවේදී මෙම රාජධානිය "රතු කිරුළ" සහ "සුදු කිරුළ" නමින් කොටස් දෙකකින් සමන්විත විය. එහෙත් පසුකාලීනව මේ රාජධානි යුග්මය එකච්චත්රවී බලසම්පන්න පාරාවෝ වරුනගේ ඊජිප්තු මහා රාජ්‍යය බිහිවිය.
ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ
අප්‍රිකානු ඉතිහාසය හැදෑරීමේදී කිසි ලෙසකින් හෝ මඟහැරිය නොහැකි රජ පෙළපතක් වන්නේ පාරාවෝ (Pharaoh) ය. ශිලාමය යෂ්ටියක් අතැතිව ලොවක් මවිත කළ විශ්මිත පිරමීඩ ඉදිකරමින් ලෝකයට විශිටතම ශිෂ්ටාචාරයක් එක්කළ පාරාවෝ පෙළපත පිළිබඳ වෙනමම හැදෑරිය යුතුවේ.
ක්‍රි.පූ. 332 වනවිට ඊජිප්තු රාජධානිය රෝමන් වරුන්ගේ සහ පැරණි ග්‍රීකයන්ගේ ග්‍රහණයට පත්ව තිබිණ. පසුව මහා ඇලෙක්සැන්ඩර් රජු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ගොඩනැගුවේය. උතුරු අප්‍රිකානු ධරණීය වෙරළ කළාපය රෝමන් අධිරාජ්‍යයට නතුවීමත් සමඟ ම උතුරු අප්‍රිකාව පුරා රෝමානු පාලන ක්‍රමය ශීග්‍රයෙන් තහවුරු වන්නට පටන් ගත්තේය. රෝමන් වරුන්ගේ නීතිය, ආර්ථිකය, ආගම සහ සංස්කෘතිය විසින් අප්‍රිකානු කලාපය යටපත් කරගන්නා ලදී. එසේම රෝමානු අධිරාජ්‍යය කෙරේ අප්‍රිකානු බලපෑම ද නොසලකා හල නොහැක. ලේප්ටිස් මැග්නා (වත්මන් ලිබියාව) හි උපත ලද සේප්ටිමියුස් සේවෙරස් (Septimius Severus) යනු රෝමානු අධිරාජ්‍යයේ කිරුළ දැරූ අප්‍රිකානු සම්භවයක් සහිත රෝමන් අධිරාජ්‍යයෙකි.
හතරවන සියවසේ දී පමණ සාන්තුවර ෆ්රුමෙන්ටිඅස් විසින් රතුමුහුද හරහා අප්‍රිකානු කළාපය වෙත ක්‍රිස්තියානි ආගම ගෙන ආවේය. අප්‍රිකාව තුල ඉස්ලාම් ආගම ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ හත්වෙනි සියවසේදී ය.
අඳුරු මහද්වීපය (4 කොටස) බලාපොරොත්තු වන්න
ලිපි පෙළ;
1. අඳුරු මහද්වීපය (1 කොටස)
2. අඳුරු මහද්වීපය (2 කොටස)
සමාරම්භක ශිෂ්ටාචාර, රාජ්‍යත්වය සහ ආගම