අඳුරු මහද්වීපය (3 කොටස)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අඳුරු මහද්වීපය (3 කොටස)

    ලිපි පෙළ;
    1. අඳුරු මහද්වීපය (1 කොටස)
    2. අඳුරු මහද්වීපය (2 කොටස)

    සමාරම්භක ශිෂ්ටාචාර, රාජ්‍යත්වය සහ ආගම​
    DQ62r1rl.jpg

    ක්‍රි.පූ. 1400 දී ඊජිප්තුවේ අබු සිම්බෙල් හි ඉදිකරන ලද මහා රමේසස් පාරාවෝ රජුගේ ශෛලමය ප්‍රතිමා

    එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ බිහිවූ ඉපැරණිතම සහ විශිෂ්ටතම මානව ශිෂ්ටාචාරයට උරුමකම් කියන්නේ අප මේ කතාකරමින් සිටින අඳුරු මහාද්වීපය හෙවත් අප්‍රිකාවයි. ක්‍රි.පූ. 3300 දී පමණ ඇරඹි පාරාවෝ (Pharaoh) වරුන්ගේ ඊජිප්තු ශිෂ්ටාචාරය උතුරු අප්‍රිකානු කලාපයේ පමණක් නොව ලෝකයේ බොහෝ පෙදෙස් කරා සිය ආදිපත්‍යය පැතුරුවන්නට සමත්විය. එය ආසියානු මද්‍යධරණි කළාපයේ පිහිටි වැදගත් ම ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය විය.
    ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී. මුල්ම වකවානුවේදී මෙම රාජධානිය "රතු කිරුළ" සහ "සුදු කිරුළ" නමින් කොටස් දෙකකින් සමන්විත විය. එහෙත් පසුකාලීනව මේ රාජධානි යුග්මය එකච්චත්‍රවී බලසම්පන්න පාරාවෝ වරුනගේ ඊජිප්තු මහා රාජ්‍යය බිහිවිය.

    juit2UJl.jpg

    ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ

    අප්‍රිකානු ඉතිහාසය හැදෑරීමේදී කිසි ලෙසකින් හෝ මඟහැරිය නොහැකි රජ පෙළපතක් වන්නේ පාරාවෝ (Pharaoh) ය. ශිලාමය යෂ්ටියක් අතැතිව ලොවක් මවිත කළ විශ්මිත පිරමීඩ ඉදිකරමින් ලෝකයට විශිටතම ශිෂ්ටාචාරයක් එක්කළ පාරාවෝ පෙළපත පිළිබඳ වෙනමම හැදෑරිය යුතුවේ.
    ක්‍රි.පූ. 332 වනවිට ඊජිප්තු රාජධානිය රෝමන් වරුන්ගේ සහ පැරණි ග්‍රීකයන්ගේ ග්‍රහණයට පත්ව තිබිණ. පසුව මහා ඇලෙක්සැන්ඩර් රජු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ගොඩනැගුවේය. උතුරු අප්‍රිකානු ධරණීය වෙරළ කළාපය රෝමන් අධිරාජ්‍යයට නතුවීමත් සමඟ ම උතුරු අප්‍රිකාව පුරා රෝමානු පාලන ක්‍රමය ශීග්‍රයෙන් තහවුරු වන්නට පටන් ගත්තේය. රෝමන් වරුන්ගේ නීතිය, ආර්ථිකය, ආගම සහ සංස්කෘතිය විසින් අප්‍රිකානු කලාපය යටපත් කරගන්නා ලදී. එසේම රෝමානු අධිරාජ්‍යය කෙරේ අප්‍රිකානු බලපෑම ද නොසලකා හල නොහැක. ලේප්ටිස් මැග්නා (වත්මන් ලිබියාව) හි උපත ලද සේප්ටිමියුස් සේවෙරස් (Septimius Severus) යනු රෝමානු අධිරාජ්‍යයේ කිරුළ දැරූ අප්‍රිකානු සම්භවයක් සහිත රෝමන් අධිරාජ්‍යයෙකි.
    හතරවන සියවසේ දී පමණ සාන්තුවර ෆ්රුමෙන්ටිඅස් විසින් රතුමුහුද හරහා අප්‍රිකානු කළාපය වෙත ක්‍රිස්තියානි ආගම ගෙන ආවේය. අප්‍රිකාව තුල ඉස්ලාම් ආගම ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ හත්වෙනි සියවසේදී ය.

    අඳුරු මහද්වීපය (4 කොටස) බලාපොරොත්තු වන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී

    100% waradi meka.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී

    100% waradi meka.
    එහෙනම් වෙච්ච දේ කියන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී

    100% waradi meka.

    එහෙනම් වෙච්ච දේ කියන්න

    ඔව්.....ඩයිනස්ටික් පාලනයෙන් පස්සේ ඊජිප්තුව ඇලෙක්සැන්ඩර් ගේ අධිරාජ්‍යට යටත් වෙනවා.
    ඇලෙක්සැන්ඩර් ගේ සෙන්පතියෙක් තමා ඊජිප්තුවේ පාලකයා වෙන්නේ ක්‍රි:පූ 300 වගේ කාලේදී.
    ඒ ග්‍රීක් සෙන්පතියාගේ පරපුරෙන්මයි ක්ලියෝපැට්‍රා එන්නේ.එතකොට ක්ලියෝපැට්‍රා සීසර් ව සහ ඊට පස්සේ මාර්ක් ඇන්තනිව කසාද බැඳලා ඊට පස්සේ තමා රෝම අධිරාජ්‍යයේ කොටසක් වෙන්නේ.ඒ ක්‍රි:පූ 30 වගේ.
    ඊට පස්සේ රෝම අධිරාජයේ කඩා වැටීමත් එක්ක ඊජිප්තුව පර්සියන් අධිරාජ්‍යයේ කොටසක් වෙනවා.

    හ්ම්ම්..... ඇස්ලියම් මහත්තයෝ තව ටිකක් in detail විස්තර දෙමුකෝ.අවුරුදු , දින වකවානු එහෙම හොයන්න බෑ දැන්.:dull::dull:
     
    525 BCE weddi parana egypthuwe kale iwarai ita passe egypthuwa palanaya ine achaemenid/persian empire eken ita passe egypthuwa alexander yatath kara ganawa alexander marunta passe alexander ge genral kenek una ptolemy thamai egypthuwa palanaya kare eyagen passe ptolemic dynsty eken palanaya kare egypthuwa pharaoh kiyana namawath use kare na cleopatra ge kale enakan octavian egypthuwa yatath kara gathata passe thamai roman egypt kale athi wenne.

    pharaoh kiyana nama witharai bahawitha une achaemenid adirajjaye kotasak wediyata planaya une ekath dunne andukarayata.

    305 BC weddi thamai ptolemic lage palane patan ganne eka 30BC weddi iwarai ita passe thamai roman kale patan ganne.
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ක්‍රි.පූ. 300 දී රෝමානු අධිරාජ්‍යවාදයට නතුවන තෙක් ම ඩයිනස්ටි පරපුරේ පාරාවෝ රජ පෙළපත විසින් ඊජිප්තු රාජ්‍යය පවත්වාගෙන යන ලදී

    100% waradi meka.

    You must spread some Reputation around before giving it to asylum again :(
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔව්.....ඩයිනස්ටික් පාලනයෙන් පස්සේ ඊජිප්තුව ඇලෙක්සැන්ඩර් ගේ අධිරාජ්‍යට යටත් වෙනවා.
    ඇලෙක්සැන්ඩර් ගේ සෙන්පතියෙක් තමා ඊජිප්තුවේ පාලකයා වෙන්නේ ක්‍රි:පූ 300 වගේ කාලේදී.
    ඒ ග්‍රීක් සෙන්පතියාගේ පරපුරෙන්මයි ක්ලියෝපැට්‍රා එන්නේ.එතකොට ක්ලියෝපැට්‍රා සීසර් ව සහ ඊට පස්සේ මාර්ක් ඇන්තනිව කසාද බැඳලා ඊට පස්සේ තමා රෝම අධිරාජ්‍යයේ කොටසක් වෙන්නේ.ඒ ක්‍රි:පූ 30 වගේ.
    ඊට පස්සේ රෝම අධිරාජයේ කඩා වැටීමත් එක්ක ඊජිප්තුව පර්සියන් අධිරාජ්‍යයේ කොටසක් වෙනවා.

    හ්ම්ම්..... ඇස්ලියම් මහත්තයෝ තව ටිකක් in detail විස්තර දෙමුකෝ.අවුරුදු , දින වකවානු එහෙම හොයන්න බෑ දැන්.:dull::dull:
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again
    :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    525 BCE weddi parana egypthuwe kale iwarai ita passe egypthuwa palanaya ine achaemenid/persian empire eken ita passe egypthuwa alexander yatath kara ganawa alexander marunta passe alexander ge genral kenek una ptolemy thamai egypthuwa palanaya kare eyagen passe ptolemic dynsty eken palanaya kare egypthuwa pharaoh kiyana namawath use kare na cleopatra ge kale enakan octavian egypthuwa yatath kara gathata passe thamai roman egypt kale athi wenne.

    pharaoh kiyana nama witharai bahawitha une achaemenid adirajjaye kotasak wediyata planaya une ekath dunne andukarayata.

    305 BC weddi thamai ptolemic lage palane patan ganne eka 30BC weddi iwarai ita passe thamai roman kale patan ganne.

    ඇස්ලියම් මහත්තයෝ......පලවෙනි පෙලිසියම් යුද්ධයෙන් පස්සේ ආපහු පාරාවෝ වරු ඊජිප්තුවේ බලය අල්ල ගන්නවා නේද ?
    ඒ කොයි කාලේද ?
    ඔතන පර්සියන් අධිරාජ්‍ය එක්ක යුද්ධ කිහිපයක් තියෙනවා නේද ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇස්ලියම් මහත්තයෝ......පලවෙනි පෙලිසියම් යුද්ධයෙන් පස්සේ ආපහු පාරාවෝ වරු ඊජිප්තුවේ බලය අල්ල ගන්නවා නේද ?
    ඒ කොයි කාලේද ?
    ඔතන පර්සියන් අධිරාජ්‍ය එක්ක යුද්ධ කිහිපයක් තියෙනවා නේද ?

    mulin ydda kihipayak thiynawa bale alla ganna kalin achaemenid la ekke egyptu army eka pharaoh psamtik the III battle of pelusium eka paradinawa cambyses the II ta ekan passe thamai egyptuwa alla ganne achemenid adirajjaya

    karalai kipayak gahnawa eth sampurna bale alla ganna wenne na achaemenid lagen hama achaemenid raja kenektama pharaoh kiyana garu namabu namaya laba denawa eth e gollo ekanek wath egypt wala indala palanaya kare na eka nikan nama witharak une egypthuwa persia we susa indala thamai palanaya kare andukarayekgen adirajjaye province ekak wediyata.