අප්සට් කවි 5

ncbrando

Member
Jan 31, 2014
838
115
0

අප්සට් කවි 5

සෙට් වෙනකම් නැහෙන
සෙට් වුණාමත් නැහෙන
ජීවිතේ වින්නැහිය
කොල්ලන්ගෙ ආදරය

කිසිම ගතියක් නැති
ජීවිතේ සුන්දරම
ආතල්ම වචනය
පින්බරම ආදරය

රණ්ඩුවට ජල්ලියට
කවුරුවත් නැත්නම්
පාළුමයි ජීවිතය
අනේ මේ ආදරය

වැස්සකට කුඩයකට
හිරිපොදට තෙමීගෙන
කඳුළු දෙන සාගරය
තමයි මේ ආදරය

-බ්‍රැන්ඩෝ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මාලන් බ්‍රැන්ඩෝ :shocked:
[/QUOTE කැම්පස් එකේ මගේ කාඩ් එක බ්‍රැන්ඩෝ.ඒකයි ඒ නමින් මේ කවිය දාන්න හිතුණේ. මොකද මේ වගේ කවි ලියන්නේ කැම්පස් එකේ ඉන්න බ්‍රැන්ඩෝ තමයි. හි හි:D