අප්සටි දිනයක්....... මෙග් කථාව
හැමෝටම සුභම සුභ දවසක් වේවා...........
අද මට ජීවිතේ ගොඩක්ම කලකිරීමක් දැනිච්ච දවසක්......... ඒක නිසා මගේ මෙතෙක් ජීවිත කථාව උඹලා එක්ක බෙදා ගන්න හිතුවේ..... පලමුවෙන්ම මම මහ ලොක්කෙක් නෙවේ මචං..... ජීවිතේ හෙමින් පුංචියට ගොඩනගාගෙන ටික දුරක් යනකොට ආර්ථික වශයෙන් හුගක් කඩා වැටුන කෙනෙක්. මම පදිංචි වෙලා ඉන්නේ සරදියෙල් වැඩ පෙන්නපු පැත්තෙම තියන ලස්සන අයිතිහාසික ගමක. මගේ ඇත්ත නමින් මේ පැත්තතේ ගොඩක් දෙනෙක් දන්නවා..... ඒ හින්දා මම සරදියෙල් නමින්ම ඉන්නම්. මම ඉපදුනේ 1980 ගනන්වල මැද භාපයේ අවුරුද්දක. ගමේ තියන ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කරලා 5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා නගරයේ ප්‍රසිද්ද පාසලකට ඇතුලත් උනා. සාමාන්‍යෙපළ විභාගයත් සමත් උනා. උසස් පෙළ විභාගයත් වාණිජ අංශයෙන් සම්ත් උනා. කැම්පස් යන්න තරම් රිසාල්ට් 1ක් තිබ්බේ නෑ. දෙවනි පාරත් ඒ වගේම තමා. මට වාණිජ පැත්තෙන් ඉස්සරහට යන්න එච්චර කැමැත්තක් තිබ්බේ නෑ. අපේ ගෙදර ආර්ථික වටපිටාවත් ලොකුවටම තිබ්බේ නැති හිංදා මම තීරණය කලා ජොබ් 1ක් කරන ගමන් ඉගෙන ගන්න. එග්සෑම් ඉවර වෙලා පහුවදා ඉදන් මම ටෙලිකොම් 1කේ සබ් කන්ට්‍රැක් කරන ඩයිමි කියන කම්පැනි 1කට (දැන් ඒක ENKEY )රස්සාවට ගියා සාමාන්‍ය කම්කරුවෙකු විදිහට.
ඉතින් කණු දිගේ නැගගෙන, වලවල් හාර හාර, දවසට රුපියල් 300ක වැටුපකින් පටන් ගත්ත රස්සාවේ වැඩ ඉක්මනට අල්ලගත්ත හින්දත්, උසස් පෙළ සමත් හින්දත්, මගේ වැඩ නීට් 1කට කරන හින්දත් මාස 5කින් විතර මම සුපර්වයිසර් තනතුරට උසස් උනා. මට වෙනම ටීම් 1කකුත් පාවිච්චියට රියදුරු සහිත වාහනයකුත් හම්බුනා. වැටුප රු 900ක් උනා දවසට. ඊට අමතව දවසේ ටාගට් 1ක අනුව කමිෂන් 1කකුත් හම්බුනා. මගේ මල්ලීයි නංගියි ඉගෙන ගන්න නිසා එයාලට ක්ලාස් පීස් දුන්නේ මම. ගෙදරටත් පුලුවන් විදිහට වියදම් කරා. මේ අතරේ මම Sri Lanka Institute Of Printing ආයතනයට සම්බන්ධ වෙලා Non Lenior Video Edditing, Graphic Designg, Advanced Diploma in Graphic Design කියන පාඨමාලා ටිකත් කරගත්තා මට වේලාව තියන විදියට. මම සාමාන්‍යෙයන් මාසෙට රු. 10000ක් විතර ඉතුරු කලා. මගේ වැඩ වලට ඕනි කරන දේවල් ටික ටික ගත්තා. මට පොඩි කාලේ ඉදන් පොටෝග්‍රැෆි උණ තිබ්බා. ඉතින් කටිටිය පස්වෙන් ගිහිං කුණුහරප පවා අහගෙන ඒකත් ඉගෙන ගත්තා. ඒ ගැන වැඩිදුර අද්යාපනය ජාතික ඡායාරූප කලා සංගමෙන් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවයි, බේසික් පාඨමාලාවයි කරලා ලබාගත්තා. ටෙලිකොම් සමාගමේ අවුරුදු 3ක් විකර වැඩ කරලා මම එතනින් ඉවත් උනා. ඒ වෙනකොට මම ග්‍රෑෆික් ඩිප්ලෝමා 1ක කරලා ඉවරයි. මට ඕනි ප්‍රැක්ටිකල් පැත්ත වැඩි දියුණු කරගන්න මම ස්ටුඩියෝ 1කක වැඩට ගියා 7500ක මාසික පඩියට. ටෙලිකොම් 1කේ ඉදිදි ඉතුරු කරපු සල්ලි තිබ්බ නිසා ටිකක් අමාරුවෙන් ගේම ගහගත්තා. බස් 1ට මාසෙට රුපියල් 3000ක් විතර යනවා. සෙනසුරාදා ඉරිදා දවස් දෙකම කොළඹ යනවා ක්ලාස් වලට. පඩිය අමාරුවෙන් පිරිමහගෙන ක්ලාස් වල වියදමුත් කවර් කරගෙන ගෙදරටත් පුලුවන් විදියට වියදම් කළා. ඒත් වෙනදා වගේ ලොකුවට බැරි උනා. ඒ දවස්වල මට ගෙදර තිබ්බේ මාරම තැනක්. පවුලේ අනිත් අයගෙනුත් එහෙමයි. කාලය ඔහොම ගෙවීගෙන ගියා. පවුලේ කාටහරි කරදරයක් උනොත් බැහැලම උදව් කලා. යාලුවන්ටත් එහෙමයි. වෙඩිමක් එහෙම තියනවානම් ඒත් එහෙමයි. ගොඩක් යාලුවන්ගේ නෑදෑයන්ගේ වෙඩින් වලට සැරසිලි කලේ මම. අඩුම තරමේ මල් වල වියදමවත් ගත්තේ නෑ. මේ කාලෙදිම අප්පච්චි කරපු සයිට් 2-3ක් පිට පිටම පාඩු උනා. මම මගේ එකවුන්ට් වල තිබ්බ සල්ලි ඇදලා දුන්නා එයාට වියදම් පියවාන්න.
ඔහොම අවුරුදු 3ක් විතර ස්ටුඩියෝ 1කේ වැඩ කරගෙන යද්දී අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ඩිජිටල් ප්‍රින්ටින් මැෂින් 1ක් ගෙනාවා උගේ යාලුවෙකුත් එක්ක හවුලේ. අපේ පොර සල්ලි දැම්මා යාලුවා තමා ඩිසයිනර්. ටික කාලයක් යදිදි යාලුවා වෙනම මැෂින් 1ක් අරගෙන ගියා අයියත් එක්ක තරහා වෙලා. අපේ පොර ඩිසයින් කියන නාමයක් දන්නේ නෑ. පොර සදා අනාථ වෙලා හිටියේ යාළුවා නිසා. ඉතින් මම ස්ටුඩියෝ 1න් අයින් වෙලා අරූට සප් 1ක දෙන්න ගියා උදේ 8 ඉදන් රෑ 10-12 වෙනකම් වැඩ දවසට 550-600 ක් විතර දෙනවා. මම අවුරුද්දක් විතර පොර එක්ක වැඩ කාලා. පොරටත් ඩිසයිනින් පුරුදු කලා ටික ටික. අද කියලා දෙන 1ක හෙට මතක නෑ. ආපහු මුල ඉදලා කියලා දෙනවා. ඔය වැඩේ කරන්න බැරි හින්දා පොඩි කොල්ලෙක් අරගෙන වැඩ පුරුදු කලා. නැත්නම් තනියම කරන්න අමාරුයි. මම කථාකරලා කම්පැනි 3කත් වැඩ මූට අරගෙන දුන්නා. මාසේට 30-50ක විතර වැඩ එව්වා. පස්සේ මේකා ඒ වැඩ ටික කඩාගෙන පණ්ඩිත කම හින්දා. මේ කාලෙ වෙද්දි මම wedding photography කරනවා. මගේ හොදම යාලුවාගේ වෙඩිම කරන්න ගිහින් මට උගේ නංගි ගෙනෙක්ව සෙට් උනා (අද වයිෆ්) ඒකත් ලස්සන කාථාවක්. ඉතින් එදා දැකලා කථා කරලා ටික දවසකට පස්සේ තමයි ආදරෙයිද කියලා ඇහුවේ. දැං වැඩේ නැගලා යනවා සතියකට සැරයක් විතර හම්බවෙනවා. මටත් ගොඩක් ආදරෙයි. ඉතිං කාලයක් යන්න ඇරලා මම අම්මට කිව්වා ඒ ගැන. අම්මා අප්පච්චිට කිව්වා හොයලා බලලා ගැලපෙනවා නම් කරමු කීවා. මුලින්ම අපි දෙන්නා හොරෙන් හදහන් බැලුවා 95% ගැලපෙනවා. තැන් 2-3කින් බැලුවා ඔක්කොමලා ඒ දේම කීවා.
කෙල්ලගේ ගෙදර අම්මයි තාත්තයි නංගියි කෙල්ලයි විතරයි. කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරලා කෙල්ලට මාස 06ක කාලේ ඉදලා බලාගෙන තියෙන්නේ ආච්චි අම්මා. ඒ කියන්නේ තාත්තගේ අම්මා. කෙල්ලට වඩා නංගි ගොඩක් බාලයි. අම්මා ජොබ් 1න් අයින් වෙලා අවුරුද්දක් විතර යද්දී තමා නංගි හම්බෙලා තියෙන්නේ. එතකොට කෙල්ල 9 වසරේ. කෙල්ල පොඩි කාලේ ඉදලා ආච්චි අම්මයි නැන්දලයි එක්ක හිටපු හින්දා අම්මට වඩා එකතු ආච්චි අම්මටයි නැන්දලාටයි අම්මා ගෙදර ඇවිල්ලා තියෙන්නේ මාසෙටම දවස් 2යි. උඹලට හිතාගන්න පුලුවන්නේ කොහොමද දැනෙන්න ඇත්තේ කියලා. නංගිව හම්බුනාට පස්සේ කෙල්ලට අම්මා මාර විදියට වෙනස්කං කරන්න පටන් අරගෙන. තාත්තටත් ගතු කේලං කියලා කෙල්ලට මාර විදියට වෙනස්කං කරවලා. විභාගේ කරලා තියෙන්නෙත් මාර ප්‍රෙෂර් 1ක් මැද. පස්සේ කෙල්ල Brandex 1කේ Office 1කේ ජොබ් 1කකට ගිහිං. කෙල්ලගේ ලොකු නැන්දගේ ගෙදර නතර වෙලා. ඒ කාලේ තමා මට සෙට් උනේ. දැං පඩිය ගෙනිහිං අම්මා අතට දෙනවා. අම්මත් කෙල්ලට දෙයියන්ට වගේ 3සලකනවා.
ඔහොම යද්දි කෙල්ලත් ගෙදරට මං ගැන කියලා. තාත්තා කීවා ඇවිත් හම්බවෙන්න කියලා. මම ගිහිං කථා කලා හවසක. වැඩේ අවුලක් නෑ ෂේප්. අපේ ගෙදරින් එක්කන් එන්න කීවා. ඒ අවුරුද්දේ සිංහල අවුරුද්දට අපේ ගෙදර කට්ටිට එහේ ගියා කථා බහ කලා. දෙපැත්තේම කැමැත්ත අපිට හම්බුනා. ඔය අතරෙ මට යාබද ටවුන් 1කක ෂොප් 1ක් හම්බුනා දන්න අංකල් කෙනෙක්ගේ. මම අයියට ෂොප් 1ක දාන 1ක ගැන කියපුවාම අයියගේ ගෙදර කට්ටිය මාත් එක්ක තරහා උණා. අයියත් තැන තැන මට මට බැනලා තිබ්බා. ඒවා ගනන් ගන්නේ නැතුව මම ෂොප් 1ක් පටන්ගත්තා. පොර පොටෝකොපි මැෂින් 1ක් තියාගෙන 1ක පැත්තක වැඩ මම අනිත් පැත්තේ මැෂින් 2ක් දාගෙන වැඩ. ෂොප් 1ක පටන්ගද්දී අංකල් කීවේ එයා මාස 2කින් විතර අයින් වෙනවා කියලා. ඒත් අවුරුද්දක් විතර යනකං මේකා අයින් උනේ නෑ. මම රෙන්ට් 1කත් ගෙවනවා මූ කොපියර් 1ක තියාගෙන ඒකෙනුත් ගාන හොයනවා. මේ කාලේ තමා මම Photography කෝස් 1ක කලේ. ඉරිදට දවසම කොළඹ. පෝය දවසට විතරයි කෙල්ලව හම්බුනේ. අංකලයා එක්ක මම කඩේ ගැන කතා කරපු ගමන් මූ අප්පච්චිට කථා කරලා කියනවා මම කඩේ වහලා රවුම් ගහනවා කෙල්ල එක්ක කඩේ වැඩ ඔක්කොම පිට යනවා කියලා. මම බඩු ගේන්න යන වෙලාවට, ලැබ් 1කට ප්‍රින්ට් දාන්න යන වෙලාවට විතරයි කඩේ වැහුවේ. මේකා වෙන එවුන් දාලත් අප්පච්චිට කථා කරවනවා කඩේ වහලා කියලා. ඔය වදේ කරන්න බැරි හින්දා මම කඩේ වැඩට කෙල්ලෙක් ගත්තා ටෙක් 1න් ට්‍රේනින්. කෙල්ලටත් පඩි ගෙව්වා 8000ක්. ටික කාලයක් යද්දී වැඩට ගත්ත කෙල්ලගේ අම්මගේ ලොකු ඔපරේෂන් 1ක් කරලා කෙල්ල මාස 4කින් විතර නතර උනා. මේ කාලේ වෙද්දී අංකල් 1ක්ක ගේම ඉල්ලලා ෂොප් 1න් එයාට යන්න කීවා. පොර ගැන වෙම ආටිකල්1ක් කරන්න තරම් කියන්න දේවල් තියනවාබං.
දැං අපේ සම්බන්දෙටත් අවුරුදු 2ක් විතර ඇති. කෙල්ල ජොබ් 1න් අයින් වෙලා බියුටි කල්චර් කෝස් 1ක් කරන්න පටන් ගත්තා. සල්ලි දෙන 1ක නැවැත්තුවා විතරයි කෙල්ලගේ අම්මා ආපහු පරණ විදියටම වෙනස් කං කරන්න පටන් ගත්තා. කෙල්ලට කන 1කටත් බනිනවා. මම කෙල්ලගෙ ගෙදර ගිහිං ඉද්දි මටවත් අම්මා කරතා කරන්නේ නෑ. අපි දෙන්නා කථා කරත් අම්මා කෙල්ලට බණිනවා. කෙල්ල කරපු නැති දේවල් වලට කෙල්ලව අල්ලලා තාත්තට කේලං කියනවා ඒ මෝඩයත් කෙල්ලට බණිනවා. ආච්චි අම්මත් ගෙදරින් ගියා නැන්දා කෙනෙක්ගේ ගෙදරට. මමත් හැමදේම ඉවසන් කෙල්ල වෙනුවෙන් හිටියා. අපේ අම්මත් කෙල්ලට මාරම ආදරෙයි. මම හම්බෙන්න යන දවසට අනිවා මොනවා හරි හදලා දනවා. මගේ නංගියි මල්ලිත් එහෙමයි. කෙල්ල කෝස් 1ක කරන්න පටන් ගත්තා. සතියේ දවස් 5ම ක්ලාස් සෙනසුරාදා ඉරිදා මැහුම් පංති. කෙල්ලට බියුටි පැත්තටයි මැහුම් පැත්තටයි මාර හැකියාවක් තියෙන්නේ. අම්මයි තාත්තයි දෙන්නම කෝස් වලට සල්ලි දුන්නේ නෑ. කෙල්ලගේ අතේ තිබ්බ සල්ලි ටික ඉවර වෙද්දි මමයි ආච්චි අම්මයි සල්ලි දුන්නා. මමත් ක්ලාස් යනවා, ෂොප් 1කේ වියදම් නිසා වෙනදා වගේ ඉතුරු කරන්න ලැබුනේ නෑ. ඒත් ගෙදරට පුලුවන් විදියට බඩු ගෙනිහිං දැම්මා. මම උදේ 7ට විතර ෂොප් 1ට ගියාම ගෙදර එද්දී 9-10 වෙනවා. ඉතිං ගෙදර ඉන්න ලැබුන වෙලාව ගොඩාක් අඩු උනා. අපි දෙන්නගේ සාර්ථකත්වය වෙනුවෙන් උපරිම මහන්සි වෙලා වැඩ කලා. ගෙදර ඇවිල්ලත් රෑ1-2 වෙනකම් ඇල්බම් හැදුවා. ඉතිං නෑදෑ ගෙවල් වල යන්න තිබ්බ කාලේ ට්‍රිප් යන් තිබ්බ කාලේ අඩුවුනා. ඔහොම එෆෙයාර් එකට අවුරුදු 3.5 විතර වෙද්දි කෙල්ලට ගෙදර ප්‍රශ්ණේ නිසා මානසික පීඩනය වැඩි කමට ආතතිය හැදුනා. මගෙත් එක්කත් කෙලගන්න ගානට ආවා. ඉවසන්න බැරිම තැන මම කෙල්ලගේ ආච්චිඅම්මටත් කියලා ගිහින් ඩොක්ටර් කෙනෙක්ට කෙල්ලව පෙන්නුවා. අපි දෙන්නගෙන් වෙන වෙනම ඩොක්ට ප්‍රශ්ණ ඇහුවා. අපි දෙන්නත් එක්ක පැය 2ක් විතර කථා කලා ඩොක්ට. අපේ වෙඩින් 1ක ඉක්මන් කරන්න කියලා ඩොක්ට කීවා. ඒ වෙනකොට අපේ පවුලේ ගොඩක් අය කීවා වෙඩින් 1ක ගන්න කාලේ හරි කියලා. ඉතින් ගෙවල් දෙකත් එක්ක කථා කරලා දිනයක් දාගත්තා 2014 දෙසැම්බර් මාසේ.
ඔන්න දැං තමා සීන් 1ක පටන් ගන්නේ.
කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම වෙඩිමට වියදං කරන්නේ නෑ කීවා. කෙල්ල ලෝන් 1ක් ගන්න හදනකොට බැංකුවේ මැනේජර්ට කීයලා කෙල්ලට ලෝන් 1ක දෙන්න එපා ආදයමක් නෑ කියලා. අපි දෙන්නා කතා කරලා අපිදෙන්නගෙ වියදමින් හෝම් කමින් 1ක් ගන්නේ නැතුව පුලුවන් විදියට 1ක දවසේ වෙඩිම අරගෙන පොටෝස් ටික විතරක් හරියට ගම්මු කියලා. මම වෙඩින් 1ක ගැන අපේ ගෙදර කට්ටියත් 1ක්ක කතා කරද්දි හෝම් කමින් 1ක් අනිවාර්යයි කියලා අප්පච්චි දැඩි තීරණේක හිටියේ. මම හෝමිකමින් 1ක් ගන්න බෑ කියද්දි තමුසෙට ඕනි 1ක් කරගන්නවා කියලා නැගිටලා ගියා. අම්මා කිසිම දේකට කථා කලේ නෑ. මම දෙන්නත් 1ක්කම කීවා මගේ තියන ආර්ථික තත්වෙත් එක්ක හෝම් කමින් 1කකට වෙනම වියදං කරන්න බෑ කියලා. කරන්න දෙයක් නැති කමට මම කීවා හෝම් කමින් 1කක් ගම්මු කියලා.
අම්මලා පදිංචි වෙලා හිටියේ ටවුන් 1කට කිට්ටුව අලුතින් හදපු ගෙදර. එහේ එච්චර ඉඩ නෑ. මට දුන්නේ අපි කලින් පදිංචි වෙලා හිටපු පරණ ගෙදර. එහේ හෝම් කමින් 1ක් කරන්න ඉඩ ඇති. ඒත් ඒක අවුරුදු 15ක් විතර වහලා තිබ්බ 1ක්. කරන්ට් 1කත් නෑ. වත්තේ පොල්, පුවක් කඩපුවාම දාලා තිබිබේ ඒ 1ගේ ඇතුලේ. පරණ ලී ගොඩවලුයි දහ ජරාව ඔක්කොමත් ඒක ඇතුලේ වත්තත් පට්ටම කැලෑවක්. වෙඩින් 1කට මාස 2ක් තියෙද්දී තමයි අපට නැකත් හම්බුනේ. නැකැත් හම්බුන දවසේ ඉදලා මම ගේ සුද්ධ කරන්න ගත්තා. මාරම ගේමක් දීලා කැලේ සුද්ද කරලා පස් අයින් කරලා ගේ ඇතුලත් සුද්ද කරලා ගොඩ දාගත්ත. හැමදාම උදේ 5 වෙනකොට ගෙදරට යනවා 7 වෙනකං සුද්ද කරලා ඇවිත් නාගෙන ෂොප් 1කට යනවා. හවස 6 වෙනකොට ආපහු ඇවිත් ආය 8 විතර වනකං රීචාජබල් ලයිට් 1ක් දාගෙන සුද්ද කරවා. කෙනෙක් දාල කරන්නත් අතේ සල්ලි මදි. ගෙදරට ලුණු පොල්කට්ටේ ඉදලා හැමදේම ගන්නත් ඕනි. ගෙදර වයරින් කරන්න ඕනි. ඉතිං කට්ටක් කාලා සණස බැංකුවෙන් ලක්ෂ 2ක් ලොන් 1ක් ගත්තා. ඒ සල්ලි වලින් මොරටු ගිහිං බඩු ගෙනාවා 65000ක. රත්තරං බඩු ටිකත් හදන්න ඇඩ්වාන්ස් කලා මාලෙටයි මුදු දෙකටයි 1.60ක් ඒකෙනුත් 50ක් දුන්නා. වයරින් කරලා කරන්ට් 1ත් ගන්නා එතෙන්ට 80කට වඩා ඉවරයි. ඔය අස්සේ වෙඩිමක් සෙට් උනා මගෙත් එක්ක පන්තියෙ හිටපු කොල්ලෙක්ගේ පොර රට ඉන්නේ, වයිෆ් තමයි මෙහේ ඔක්කොම ඇරෙන්ජ් කරන්නේ. ස්ටෝරි බුක් 3යි HD වීඩියෝ 2යි ප්‍රී ෂුට් 2ක්. ඔක්කොටොම බජට් 1ක ලක්ෂ 3.30 කෙල්ලට ඕනි විදියට හදපුවාම. වෙඩින් කාඩ් වලටයි, මැටි කේක් බෝක්ස් වලටත් 65000 ක්. වැඩේ ඕකේ. මට 50000ක් ඇඩ්වාන්ස් කරලා බුකින් දැම්මා. උගෙ වෙඩිම 2015 ජනවාරි 10 මගේ වෙඩිම 2014 දෙසැම්බර්. යාලුවාම කීවා උගේ ෆුල් පේමන්ට් 1කම මගේ වෙඩින් 1ට කලින් දෙන්නම් කියලා. උ වෙඩිමට දවස් 3කට කලින් එනවා ආපහු සති 2කින් යනවා ගෑණිත් 1ක්ක කිලා. ඒ යනකොට ඇල්බම් වීඩියෝ ගෙනියන්න ඕනි කියලා. මම කේක් බොක්ස් ටික ඕඩර් කලා 28000ක් අතින් දීලා. projector එහෙමත් ඇඩ්වාන්ස් කලා. මගේ වෙඩින් 1කට දවස් දෙකකට කලින් දවල් මූ සල්ලි දාන්න එකවුන්ට් නම්බර් 1ක ඉල්ලා ගත්තා. ගෙදර වැඩ වලටයි, වෙඩින් 1කේ වැඩ වලටයි දුවන නිසා ෂොප් 1කේ වැඩත් හරියට උනේ නෑ 8-5 විතරයි වැඩ. අපේ ගෙදරිනුත් ගෙයි වැඩ වලට සපොට් 1ක් දුන්නේ නෑ. යාලුවොත් ඒ වගේ, නෑදෑයොත් ඒ වගේ. වෙඩිමට සතියක් තියලා තමයි අම්මලා සුද්ද කරන්න ආවේ. ඒ වෙනකොට බිත්තිටික කපලා පේන්ට් කරලා ගේ හෝදන්න විතරයි තිබ්බේ. නෑදෑයෝ 2-3දෙනෙකුයි 1ක යාලුවෙකුයි අන්තිම මොහොතේ උදව්වට ආවා.
රෑ 9 වෙනකනුත් වෙඩිම කරන යාලුවා සල්ලි දාලා නැති නිසා මම උට කෝල් 1ක් දුන්නා. මෙන්න මේකා කියපි ආ මචං මම උඹට කියන්න කියලා හිටියේ උඹ අපේ වෙඩින් 1ක කරන්න ඕනි නෑ. ඒක හින්දා උඹට සල්ලි දාන්නේ නෑ කියලා. කෙලලා තියෙන්නේ මම වියදම් ටික ප්ලෑන් කරන් හිටියේ ඒ සල්ලි වලින්. උ ඇඩ්වාන්ස් දීපු සල්ලි වලිනුත් වෙඩින් කාඩ් ගහල දීලා කේක් බොක්ස් ඕඩර් කරලා. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව සෑහෙන වෙලාවක් හිටියා. මම උදව් කරපු යාලුවෝ ඔක්කොටම කථා කලා. සමහරු ගත්ත කටටම බෑ කීවා සමහරු හිනා උනා. මම ණයට දීපු උන්ටත් කථා කළා එක්කෙනෙක් විතරක් රු.30000ක් දුන්නා අනික් අය ෆොන් 1කවත් ආන්සර් කලේ නෑ. මම අන්ත අසරණ වෙලා හිටියේ. හවස 6ට කලින් රත්තරන් බඩු ටික ගන්නත් ඕනි. පහුවදා වියදම් වලටත් සල්ලි නෑ. ගෙදරටත් මෙට්ට 2ක් ගන්න ඕනි, හාල් පොල් ජාති ගන්නත් ඕනි. 35000යි අතේ තියෙන්නේ. බැරිම තැන පොලී කාරයෙක්ගෙන් ලක්ෂ 2ක් ගත්තා. එදා දවස යන්තං ජාමේ බේරාගත්තා. වෙඩිම දවසේ කෙල්ලගේ නැන්නදා කෙනෙක් පණ්ඩිත කමට ගිහින් ප්ලේට් 150ක් ඕඩර් කරලා. අපි කට්ටිය හිටියේ 120යි. ප්ලේට් 30කට වැඩිපුර 35000ක් ගෙව්වා. හෝම් කමින් 1කත් තිබ්බා. ඒකෙන් හම්බුන සල්ලි වලින් අප්පච්චි අරන් තිබ්බ උත්සව පූර්ව ණයක් ගෙවලා. එයා ආරාධනා කරපු කට්ටිය එයා අතට සල්ලි දීලා තියෙන්නේ. හෝම් කමින් 1න් පස්සේ ඔක්කොමලා යන්න ගියා. අපි දෙන්නට නිදාගන්නවත් තැනක් ලෑස්ති කරලා තිබ්බේ නෑ. කෑම හදපු වලං, භාජන්හැමතැනම වයිෆ් ගෙනාපු දෑවැද්දයි, ගෙදර තිබ්බ බඩුයි හැමතැනම. අපි දෙන්නා රෑ 2 විතර වෙනකං අස් කරලා මෙට්ටයක් බිමට දාගෙන නිදාගත්තා. පහුවදා උදේම අප්පච්චි බාර් 1කේ බිල් 1කයි බඩු ගත්ත කඩේ බිල් 1කයි ගෙනත් දුන්නා අතර එතයට 35000 අතේ තිබ්බ ඔක්කොම හූරලා ඒ බිල් 1කයි වෙඩින් කාර් 1කේ බිල් 1කයි ගෙවුවා. ෂොප් 1කේ මාස 2ක කුලිය ඇරියස් වෙලා එහෙන් කතා කරනවා. ෂොප් 1කට බඩු ගත්ත චෙක් 1කකුත් පහුවදාට ඉතින් කෙල්ලගේ කරේ තිබ්බ මාලේ බැංකුවේ උකස් තියලා 45000ක් අරගෙන කඩ කුලියයි ලයිට් බිලයි ගෙවලා චෙක් 1කට සල්ලි දාලා ආවා. දවස් 2ක් ඉදලා වැඩ පටන් ගත්තා ෂොප් 1කේ. මාසෙට කඩ කුලිය 16000යි පොලී සල්ලි 30000 ණය වාරික 5000 ෂොප් 1කෙයි ගෙදරයි ලයිට් බිල් 5000ක් විතර ගෙවන් ඕනි. බයික් 1කට තෙල් ගහන්න, අපිට කන්න බොන්න වෙඩිමක් දෙකක් මාසෙට සෙට් වෙනකොට අමාරුවෙන් ගේම ගහගෙන අවුරුදු 1යි මාස 8ක් ආවා. පොලී ගෙවන්නෙ නැතිව එක පාර ගෙවලා ඉවර කරන්න බැංකු ණයක් ගන්න ට්‍රයි කරා. නංගි රජයේ රස්සාවක් කරන නිසා එයාට ඇප අස්සන් කරන්න කියපුවාම අම්මයි අප්පච්චියි ඒකට එපා කියලා.
ඔය අස්සේ ෂොප් 1ක තිබ්බ කඩ කාමරේ විකුණලා. මගේ ඇග්රිමන්ට් 1ක ඉවර වෙනකොටම මට කඩෙන් අයින් වෙන්න උනා. මේ වෙද්දි වයිෆ්ට දරුවෙක් ලැබෙන්න මාස 8කුත් වෙලා. මේ වෙනකං වයිෆ්ගේ අම්මලා බලන්නෙත් නෑ. අපේ අම්මත් මුල් දවස් ටිකේ බැලුවා විතරයි පැත්ත පලාතකවත් ආවේ නෑ. මම මට පුලුවන් විදියට වයිෆ්ට කන්න ටික හදදා දුන්නා. එයාට එයා උයන එව්වා කන්න බෑ. අහල පහල ගෙවල් වල අයත් ගොඩක් උදව් කලා වයිෆ්ට. නෑදෑයෝ ගැන නම් කියලා වැඩක්නෑ. අඩුම තරමින් අපි උන්නද මලාද කියලා බැලුවේනෑ. මම ෂොප් 1ක වහලා බඩු ටිකත් ගෙදරට ගෙනල්ලා මාස 04ක් විතර වෙනවා දැං. ගෙදරට එන වැඩ ටික කරලා තමා අමාරුවෙන් රෝල ගෙනියන්නේ. මම හදිස්සියේ වයිෆ්ව VOG ට පෙන්නන්න රු. 10000ක් ඉල්ලා ගත්තා අපේ අයියා කෙනෙක්ගෙන්. උගේ ගෑණි ටිකක් කුණුයි. මම ඒ අයියට ලක්ෂ ගණන් වලින් සල්ලි දීලා උදව් කරලා තියනවා. මම සල්ලි ඉල්ලාගද්දිම අර අයියට කියලමයි ගත්තේ ආපහු දෙන්න ටික දවසක් යයි කියලා.
කථාව මතු සම්බන්ධයි