මචන් කතාවේ උඹේ වර්ෂන් එක අහපුවම උඹ හොඳට මහන්සිවෙලා ගොඩ යන කොල්ලෙක් වගේ පේනවා. උඹලගේ නෑයෝ අන්තිම නරකයි වගේ පේනවා. උන්ගේ වර්ෂන් එක ඇහුවොත් සමහරවිට උඹගේ කතාව සමතුලිත වෙන්නත් ඉඩ තියනවා (නොවෙන්නත් ඉඩ තියනවා). මටනම් හිතෙන්නෙ උඹ මාර එන්ඩියුරන්ස් තියන කොල්ලෙක් දැන් ටිකක් මහන්සියි. මහන්සි බලන්න එපා බන් උඹට තව ඉතාම පොඩි දුරයි මැරතන් එකේ දුවන්න තියෙන්නෙ. උඹ වගේ කොල්ලෙකුට වරදින්න විදිහක් නෑ (බම්බුවේ කර්මයක් නිසා නෙමේ උඹ මහන්සි වෙලා වැඩ කරන නිසා).
කවුද එකෙක් කියල තිබුන නේද බුක් ෂොප් එකක් දාන්න කියල. ඒක සිරා අයිඩියා එකක්. මම දන්න කෙනෙක් හිටිය බොහොම පහල අඩියට වැටිලා. එයා බූක් ෂොප් එකක් පටන් ගත්ත. මිනිහ අද කෝටිපතියෙක්.
අනිත් විශේෂම දේ තමයි මචන් හැම බිස්නස් එකක්ම පටලගන්න යන්න එපා. උඹේ ඩිසයින් වැඩෙයි ෆොටෝ වැඩෙයි මගුල් ගෙවල් ආශ්රිත වැඩයි කරපන්. අනිත් ෆොටෝකොපි සහ බූක්ෂොප් අයිටම් සීන් ඒක සම්පූර්ණයෙන්ම වයිෆ්ට බාර දීපන්. උඹ හැම එකම පටලගන්න යන්න එපා. වයිෆ් කියයි එයාට සැලෝන් එකක් දැම්මොත් ගොඩ කියල. ඒ උනාට සැලෝන් වලට මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ. සැලෝන් එකක් දැම්මොත් කෙළවෙන්න තියන චාන්ස් ඒක වැඩි. ඒ නිසා බූක් ෂොප් සීන් එක ගොඩ දාල ඉවර වෙලා උඹල ගොඩ ගියාට පස්සෙ ඕනනම් සැලෝන් සීන් එකක් ගැන හිතල බලපන්.
ඕක තමයි මට හිතෙන දේ.... EK එකේ ආර්ථික විශේෂඥයින් මේ ගැන මොකද කියන්නෙ කියල බලමු.