මට නම් මෙතන වරදක් ඒ හැටි පෙන්න නැහැ, රජයේ කොයි ඉස්පිරිතාලෙත් ලෙඩ්ඩු දුක් විඳිනවා.
දොස්තරලා 20ක් ගත්තම එකෙක් දෙන්නෙක් ඉන්නවා ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නැති.ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි.ඒ මිනිස්සුන්ටත් ප්‍රස්න තියෙනවා.
ඔයි යන වෙලාවක ගිහින් බලපන් එහා පැත්තේ කැන්සර් වෝඩ් එකට. එකේ 28-29 වෝඩ් වල මිනිස්සු දුක් විඳින හැටි.. හැරෙන්නවත් ඉඩ නැති තරම ලෙඩ්ඩු ඉන්නේ.ඒ වගේම ඉන්න නර්ස්ලා ලෙඩ්ඩුන්ට සලකන හැටි.
ඉන්න ඕන ප්‍රමාණයෙන් බාගයයි නර්ස්ලා ඉන්නේ.. ලෙඩ්ඩු 250ගෙ විතර එක බෙහෙත් වේලක් දෙන්න නර්ස්ලා 15ක් විතර ඉන්නේ. මොන තරම් ගේමක් දෙනවද වැඩ ටික කරන යන්න.
එකේම උඩට ගිහින් බලපන් කැන්සර් හැදිලා අසරණ පොඩි උන්ගේ ලෝකය ...උබට ජිවිතේ ගැන හුගක් දේවල් හිතේවි..
ඔයි කියපු ටික වගේම තමයි .....බලපන් කැන්සර් වෝඩ් එකේ එකම ලෙඩෙක් වත් බඩගින්නේ ඉන්නවද කියලා. නැහැ ...හැමදාම තුන් වේලට කොහේ හරි පුද්ගලිකව හෝ සමිති සමාගමකින් හැමෝටම කන්න බොන්න ගේනවා ..කෑමට අමතරව යෝගට්,ජෙලි, පලතුරු මොනවහරි එක්ක...
මොනතරම් හොඳ මිනිස්සු අපි අතර ඉන්නවද කියලා උබට හිතේවි...
ඒ වගේම පුලුවන්නම් කැන්සර් වෝඩ් එකේ ලොක්ක උපුල් ඒකනායක ඩොක්ටර් එක්ක කතා කරලා බලපන් ...කිසිම ලොකු කමක් නැති මොන තරම් නිහතමානි ඩොක්ටර්ලත් ඉන්නවද කියලා.එතුමා හැම පෝයටම රෝගීන් එක්ක වෝඩ් එකේදීම සිල් සමාදන් වෙනවා.
මෙතන වෙලා තියෙන්නේ යාලුවා ඔය දැකලා තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතෙන් චුට්ටක් විතරක් වීමයි.
ඔයා හොඳ රස්සාවක් කරන ,හුගක් සල්ලි තියෙන උගත් කෙනෙක් වෙන්න ඇති.නමුත් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් නම් නෙමෙයි..