අපායේ දොරටුව(The Door to Hell)
අපායේ දොරටුව(The Door to Hell)
අපායේ දොරටුව(“The Door to Hell”) නමින් ව්‍යවහාර වන ප්‍රදේශය පිහිටියේ ටර්ක්මෙනිස්ථානයේ(Turkmenistan) Darvaz නම් කුඩා නගරයේය. 1971 වර්ෂයේ දී එරට භූ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල භූ කැණීමක දී, ස්වාභාවික ගෑස් වලින් පිරුණු ගුහාවක් මෙම ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. පසුව කැණීම් කටයුතු නිසාවෙන් විශාල කුහරයක් ලෙස එය නිර්මාණය විය. එම කුහරයේ විශ්කම්භය මීටර් 70 ක් පමණ වේ. කුහරය පුරා ගෑස් පිරී තිබූ හෙයින් කිසිවකු ඒ කරා යෑමට ඉදිරිපත් වූයේ නැත. එබැවින් එම කුහරය තුල පිරි වායුව දල්වනු ලැබීය. එදා දල්වනු ලැබූ එම ගෑස් පිරි කුහරය මේ දක්වා කිසිදු ආකාරයේ නැවතීමකින් තොරව තාමත් දැල්වෙමින් පවතී. මේ දක්වා දැවී ගිය ගෑස් ප්‍රමාණය මෙතෙකැයි ගනන් බලා නොමැත.
පහත වීඩියෝ දසුන්ද නරඹන්න



Last edited:






