අපාය තුල සතියක් ගතවෙන හැටි

Dec 2, 2010
3
0
0
අපාය තුල සතියක් ගතවෙන හැටි

මිනිහෙක් මැරිලා ආපසු ඉපදුනේ අපායෙ. වට පිටාව දකින කොට තමා ඉන්නෙ අපායෙ බව මිනිහට වැටහුනා. මිනිහ දැන් කරකියා ගන්න දෙයක් නැතිව ඔහේ ඉන්නවා. මෙන්න මේ අතරෙ තමයි යම රජ්ජුරුවො මිනිහ ලඟට ආවෙ.
එතන ඉඳල තමයි ඒ දෙන්නගෙ දෙබස පටන් ගන්නෙ.
යම රජු – මොකද නිකන් කළබල වෙලා වගේ ඉන්නෙ.
මිනිහා – මොනව කතාකරනවද මම ඉන්නෙ අපායෙ නේ. කළබල නොවී ඉන්නෙ කොහොමද?
යම රජු – අපාය ඔබ හිතන තරම් නරක නෑ. මෙහෙ මාර ආතල් තියෙන්නෙ. හැබැයි මම අහන ප්‍රශ්න වලට අවශ්‍ය ප්‍රමානයත් එක්ක පිළිතුරු ඕන. ඔයා බොන මිනිහෙක් නේද?
මිනිහා – ඔව් මම හොඳට බොන කෙනෙක්. බෝතල් 10ක් විතර.
යම රජු – එහෙනම් ඔබ සඳුදා දිනයට බොහොම කැමති වෙයි. සඳුදාට අපි හොඳට බොනවා. මෙහෙ ඔබ කැමති ඕනම බීමක් එදාට තියෙනවා.
මිනිහා – ෂා නියමයි නේ.
යම රජු – ඔබ දුම් පානය කරනව නේද?
හිනිහා – ඔව් මම දුම් පානය කරනවා. දුම් වැටි 100ක් විතර.
මම රජු – එහෙනම් ඔබ අඟහරුවාදාට කැමති වෙයි. එදාට අපි ඔක්කොම ලෝකෙ තියෙන වටිනාම දුම් වැටි වර්ග පානය කරනවා.
මිනිහා – මාරයි නේ.
යම රජු – ඔබ සූදු වලටත් කැමති ඇති.
මිනිහා – නැතුව මම දිගටම කළේ ඒක නේ. සෙල්ලම් 20 ක් විතර.
යම රජු – එහෙනම් බදාදත් හොඳ දවසක් වෙයි. හැබැයි සූදුවෙන් පැරදිලා ණය කාරයෙක් වුනොත් දඬුවමක් විදියට මත්ද්‍රව්‍ය ගන්න සිද්ධ වෙනවා.
මිනිහා – අයියෝ, මම කොහොමත් ඒක කරනව නේ. ඔබට ඇති තරම්.
යම රජු – එහෙනම් බ්‍රහස්පතින්දත් ඔයාටම තමයි. එදාට තියෙන්නෙ ඒ වැඩේ විතර නේ.
මිනිහා – එතකොට සිකුරාදා කොහොමද?
යම රජු – එදාට ඔබ ඉල්ලපු බෝතල් ගානට ලෝදිය පොවනවා. ඊට පස්සෙ ඉල්ලපු දුම්වැටි ගානට ගින්දර වලින් ඔබව පුච්චනවා. ඊටත් පස්සෙ ඔබ සෙල්ලම් කරපු ප්‍රමානයට කටු ඉඹුලෙ යවනවා. ඔබ මත්ද්‍රව්‍ය ගත්ත එකට ගැටලුවක් නෑ. ඒ මත්ද්‍රව්‍ය වල තියෙන්නෙ මිනිස් මල මුත්‍රා. හැබැයි සෙනසුරාද ඉරිද මුකුත් කරන්නෙ