21 satawarshae Sri lankawe bhiuna Jatika wiraek kiyala kauruth amataka karanna epa...
ජෙනරාල් සරත් ෆොන්සේකා යනු ආණ්ඩුවේ දහසකුත් එක්ක කෙනෙහිළිකම් මධ්‍යයේ වුත් කොන්ද කඩා නොගෙන ඊට අබියෝග කරන සැබෑම වීරයෙකි. ඔහු කිසි ලෙසකින්වත් දෙබිඩි චරිතයක් නොවන බව බහුතර පොදු හැඟීමයි. පසුගිය දෙවසර පුරා ඔහුකළ කී දැ, ඔහුගේ හැසිරීම උවමනාවකටත් වඩා වැඩියෙන් ඔහුගේ වීරත්වය පිළිබඳව මහජනතාව හමුවේ ඔප්පු සිද්ධ කර පෙන්වා දී ඇත. කොටින්ම මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කොට වැඩ වරද්දාගත් එක්සත් ජාතික නිදහස් සන්ධාන පාක්ෂිකයන් පවා මේ දූෂිත ආණ්ඩුවට එරෙහිව අද දවසේ ජෙනරාල් ඉතා නිර්භය ලෙස සිදු කරන වාචික අභියෝග ගැන සිතා රහසින් හෝ සතුටු වනු නොඅනුමානය.