මේක ටිකක් ප්‍රායෝගිකව වෙනවා අඩුයි මචන්. මම ගියපු ෂෙඩ් ටිකේම, පෝලිමේ ඉන්න කොට ඇවිත් QR එක scan , කරලා amount එක ඇඩ් කරන් යනවා. හදිසියේ හරි, අපි කියපු ප්රමානේ ගහන්න කලින් ටැංකිය ෆුල් උනොත්, අර ගානටම ලිමිට් එක කැපිල ඉවරයි. ඒක හින්ද ටැංකියේ තියෙන ඉඩ ප්‍රමානෙ ගැන අවබෝධයෙන් ගියානම් හොදයි. නැත්තම් වැඩිපුර ටික අපරාදේ.
ඔවු මචං. ඒකනං වෙනව තමයි....
වාහනේ කාලයක් පදිනකොට, හිස්වුන තැන ඉඳන් කොච්චර අල්ලනවද කියල අපිට අදහසක් තියෙනවනෙ.
එතකොට, මමනං කරන්නෙ මගෙ එකේ කාලක් පිරෙන්න ලීටර් 12, 13ක් විතර යනව කියල දන්නවනං,
Qr ස්කෑන් කරනකොටම මම ගහන්නෙ ලීටර් 15ක් කියල කියනව... එතකොට ලීටර් 2ක්, 3ක් ඉතුරු වෙයි.. ඒක ලොකු අවුලක් නෑනෙ....
ඒත්,
මුලු කෝට එකේ ලීටර් 20ම ගැහුව කියල මාක් කරල ගැහුවොත් ලීටර් 8ක් ශෙඩ් එකට ඉතුරුයි...
ඒ ලීටර් අට අපිට වැදගත් නොවන නිසා අවුලක් නෑ කියල හිතෙන්න පුලුවන්, ඒත් තව කෙනෙකුට නීත්‍යානුකූලව යන්න තියෙන තෙල් ප්‍රමාණය,
පස්සෙ ඉතුරුකරගෙන හොරට වැඩි ගාණට විකුණනව...