


"නාවික ප්‍රහාරක යාත්‍රා වල නිළදාරින්/ සහෝදර නැවියන් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කල ආකාරය විස්මය දනවන දසුනක් විය. විශාල යුද හමුදා සෙබල පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් ඔවුන් සටන් කල අයුරු අප ජිවිත කතාවේ කිසිදිනෙක නොමියෙන මතක සටහන් වී අප හදවත් තුල සදාකාලිකවම තැන්පත් වී ඇත.
.... රුදුරු දේශද්‍රෝහී ත්‍රස්තවාදීන්ට එරෙහිව සීය අවි මෙහෙයවමින් ඔවුන් සටන් කල ඒ නිර්භීතබාවයට හා දැක්වූ එවන් දස්කම් විස්කම් වෙනුවෙන් මෙලොව පුදන්නට ගෞරව හා සම්මාන මෙතෙක් බිහිවී නොමැති බව මාගේ විශ්වාශයයි...
නාවික යාත්‍රා වල සිටි සහෝදර නැවියන් එකා පිට එකා මැරි වැටෙමින් ජිවිත පරිත්‍යාග කරද්දී පවා රුදුරු ත්‍රස්තවාදී බෝට්ටු උඩින් තම යාත්‍රා පදවමින් නොසැලෙන අරමුණක පිහිටලා ප්‍රහාරය දියත් කල ආකාරය අප හදවත් තුලින් කිසිදා මැකී නොයන අතිශය බිහිසුණු දසුනකි. ගොඩබිමේ යුද පෙරමුණේ යුද්දයේ බිහිසුණු බව අප අත්විඳ ඇතත් කිසිදු හව් හරනක් නැති මහා සයුර මද මෙවන් වික්‍රමයන් කල ඔබගේ වීර වික්‍රමාන්විත පුතුන් අප හදවත් තුල සදාකාලික වීරයින් සේ රැඳී සිටිනු ඇත.."
අද තමයි ත්‍රෙඩ් එක නිදහසේ කියවන්න ලැබුණේ..
ගොඩාක් පිං මේක ශෙයා කරාට..