අපි කියවිය යුතු බෞද්ධ පොත් මොනවද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕව මොනව කියෙව්වත් අන්තිමට මහින්ද චින්තනේ කියවපන්. නැත්නම් උඹ සිංහල බෞද්ධයෙක් නෙවෙයි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් මේ කියල තියන දේ වැරදි පැත්තෙන් උයා අල්ලගෙන් තියෙන්නේ බුද්ධ සාසනයේ අපි පුංචි කාලේ ඉදන් අහපු කියපු දෙයක් වුනත් අපි හරියට තේරුම් ගත්තේ නැති දෙකින් කියන්නම් අපි බුද්ධ සාසනේ මේ මාර්ගයේ යද්දී මුලින්ම කියන දේ බුදු ගුණ ඒ ගුණය නිසා නේ අපි මේ ගැන හොයන්නෙත් මේ මාර්ගයේ යන්නෙත්, පලවෙනි බුදු ගුණය අරහං ගුණය තේරුම දැනගන්න
    රේනුකානේ හාමුදුරුවන්ගේ සුවිසි මහා ගුණය පොතෙන් අරගන්නම්
    ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලොවුකික වූ ද , ලෝකෝත්තර වූ ද උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනීමට සුදුසු වූ සේක.

    කුසල කර්මයක පාර්ශව දෙකක් ඉන්නවා එකක් දායකය යි ප්‍රතිග්‍රහකය යි
    කුසල කර්මයකදී වැදගත් වෙන්නේ දෙන දායකයාගේ ඒ වෙලාවේ හා ඉන් ඉදිරියට ඒ වෙනුවනේ ඇති කරගන්න සිතුවිලියි . ඒ දායකය දානය ලැබීමට අරමුණු කරපු පුත්ගලයාගේ මානසික මට්ටමයි.
    දානයක් දෙද්දී
    බේබද්දෙක්ට දෙනවට වැඩ හොදයි නේද හිගන්නෙක්ට දෙන එක
    හිගන්නේකට දෙනවට වැඩ හොදයි නේද එක සිල් පදයක් හරි රකින කෙනෙක්ට දෙන එක
    එක සිල් පදයක් හරි රකින කෙනෙක්ට දෙනවට වඩා හොදයි නේද සිල් පද 5 ක් රකින කෙනෙක්ට දෙන එක
    සිල් පද 5 ක් රකින කෙනෙක්ට දෙනවට වඩා හොදයි නේද සිල්වත් භික්ෂුවට දෙන එක
    මෙහෙම ගිහින් අවසානයේ බුදු වරයෙක් ට දානය දෙන එක උතුම් කියල කියනව

    අනික මචන් මේ බුද්ධ දර්ශනය සියල්ලන්ටම නෙවේ බොහොම සුළු පිරිසකට තේරුම් ගන්න පුළුවන් දෙයක්. වරදින් හෝ නිවැරදි මාර්ගයට කාලයත් එක්ක මින්ස්සු හැඩ ගැහෙයි නැත්නම් තවත් නරක පැත්තට යයි.

    සුත්‍ර වලින් පුත්ගල අනුබද්ධව දේශනා කරල තියන නිසා උදාහරණ දෙද්දී පරිස්සමෙන් ඒ ඒ පුත්ගලයින්ගේ මානසික මට්ටම අරමුණ කරගෙන් තමයි ඒ දේශනා කරලා තියෙන්නේ උයාගෙ මානසික මට්ටමත් එක්ක වැරදි වැටහීම් ඇතිකරගන්න පුළුවන් අවස්ථාව වැඩි මචෝ.

    ඒක සිරා මචං. උඹේ ඒ පැහැදිලි කිරීමේ සෑහෙන්න ගත යුත්තක් තියෙනවා. බොහෝම ස්තූතියි මහන්සි වෙලා type කරලම දුන්නට

    උඹ කියන එක හරි මචං. සිල්වත් කෙනෙක් ට දෙන එක හොඳයි තමයි. නමුත් මචං අද ආරමවාසී භික්ෂූන් රකින සිල් මොනවද?
    අද භික්ෂූන් කරන්නේ මොනවද?
    භික්ෂූන්ගේ කාර්ය භාරය සත්‍ය සොයන්න උත්සහා කරලා ඒක අපිට කියලා දෙන එක. අද කරන්නේ දානේ කකා TV බල බල ඉන්න එක
    එහෙම කෙනෙක්ට වඩා මම කැමතියි පවුලක් නඩත්තු කරන්න හදන තාත්තා කෙනෙක්ට උදව් කරන්න

    රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත් වල images නැතුව PDF තියෙනවද මචං?

    ඕව මොනව කියෙව්වත් අන්තිමට මහින්ද චින්තනේ කියවපන්. නැත්නම් උඹ සිංහල බෞද්ධයෙක් නෙවෙයි

    :D
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එක එක්කෙනා ලියපු පොත් නෙවෙයි මම අහන්නේ
    බුද්ධ වචනය අඩංගු පොත්.
    ත්‍රිපිටකයේ තමයි ඉතින් පිරිසිදු බුද්ධ වචනය තියෙන්නේ. ඊට අමතරව පූජාවලිය ,සධ්ධර්මරත්නවලිය ,බුද්ධ ගච්චය ,සකස්කඩය වගේ පොතුත් තියෙනවා. මේවත් ඉතින් ස්වාමින්වහන්සේලා රචනා කරපු පොත් තමයි ධර්මය ආශ්‍රයෙන්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක සිරා මචං. උඹේ ඒ පැහැදිලි කිරීමේ සෑහෙන්න ගත යුත්තක් තියෙනවා. බොහෝම ස්තූතියි මහන්සි වෙලා type කරලම දුන්නට

    උඹ කියන එක හරි මචං. සිල්වත් කෙනෙක් ට දෙන එක හොඳයි තමයි. නමුත් මචං අද ආරමවාසී භික්ෂූන් රකින සිල් මොනවද?
    අද භික්ෂූන් කරන්නේ මොනවද?
    භික්ෂූන්ගේ කාර්ය භාරය සත්‍ය සොයන්න උත්සහා කරලා ඒක අපිට කියලා දෙන එක. අද කරන්නේ දානේ කකා TV බල බල ඉන්න එක
    එහෙම කෙනෙක්ට වඩා මම කැමතියි පවුලක් නඩත්තු කරන්න හදන තාත්තා කෙනෙක්ට උදව් කරන්න

    රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත් වල images නැතුව PDF තියෙනවද මචං?
    ආයි වැරදි තැනින් අල්ල ගත්ත මචන්. බුදුරජාණන් වහන්සේ මුල් භික්ෂු පිරිසට තමයි ඒ කියන්නේ මුල් රහතන් වහන්සේලාට තමයි දේශනා කරන්නේ ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න කියල ඊට පස්සේ එහෙම දේශනා කරලා තියනව කියල මන් දැකල නැ. එහෙම වගකීමක් බුද්ධ දර්ශනය තුල රහතන් වහන්සේලාට පවරලා නැ තමන් සත්‍ය සොයා ගත්තට පස්සේ එක කියල දෙන්න ඕනේ කියල. රහතන් වහසෙලාට වගකීම් බැදීම් කියල දේවල් නැ. ලංකාවේ රහතන් වහසේලා සිටියත් ඒ එක රහතන් වහන්සේ කෙනෙක් වත් ඒ වගකීමෙන් බැදිලා නැ. රහතන් වහන්සේ කෙනෙක් කියල දැන හෝ නොදැන ලගට ගිහින් අවසර අරන් ඇහුවොත් දේශනා කරයි මේ මාර්ගයේ යන්න කියල. අනික අපි පන්සලට දානය දෙද්දී දෙයක් කියනව අපි සංග සාසනයේ අග සව් දෙනමගේ සිට එන භික්ෂු පරම්පරාවට මේ දානය පිළිගන්වන්නේ කියල. ඒ වෙලාවට අග සව් දෙනාම ඇතුළු මුල් රහතන් වහසේලා සියලු දෙනාම අරමුණු කරලා වුන්වහසේලා වෙනුවෙන් මේ දානය දෙනවා කියල සිතුවිල්ලක් ඇති කරලා ඒ කුසලයෙන් මේ සසරින් එතෙර වීමට හේතු වෙන්න කියල ප්‍රර්ථනා කරන එක තමයි හොද ඒ සිතුවිල්ල කිලිටි නොවී නොකඩවා පවත්වාගෙන යන එක තමයි හොද. එහෙම වුනහම උයා දානය දුන්නේ කාට වුනත් අරමුණු කරේ උතුම් පුත්ගලයෙකට නිසා ඒ පුත්ගලයාගේ මානසික මට්ටම යි උයාගෙ පිරිසිදු චේතනාව නිසා කුසලයේ බලය වැඩි වෙනවා නිර්වාණය අවබෝධ කිසිම වෙනුවනේ.
    ඉස්සර කාලේ මිනිස්සු පිණ්ඩපාතයේ වැඩින භික්ෂුන් වහසේලා දානය පිළිගැන්වූවේ වුන්වහසේලා ධර්ම මාර්ගයේ යමින් නිවන අවබෝද කරගන්න දරණ වැයම වෙනුවෙන් ඒ දෙයට ගරු කරලා. උයාට හිතෙනවා නම් පන්සලේ හාමුදුරුවෝ එහෙම නැ කියල අරාන්‍යක භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට දානයක දෙන්න සිතුවිල්ල කිලිටි නොවෙන්න ඕන නිසා.
    උය පන්සලේ හාමුරුවන්ගේ වගකීම කියල හිතන දෙයින් තේරෙන්නේ උය වගකීම උයාගෙ පැත්තට අරගෙන නැ මන් වුනත් සම්පුරන්යෙන්ම අරගෙන නැ එක අපේ දුර්වල කම. වෙන කාගෙවත් නෙවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගේ ජිවිත කතාව බලන්න උයා කියන දේවල් වලට හාත්පසින් වෙනස දේවල් සදහන් වෙලා තියන්නේ සමහර තැන වල. මම වාසනාවන්තයි කල්‍යාණ මිත්‍රයෙක් හිටිය මට හරිමාර්ගය කියල දෙන්න අනවශ්‍ය විදිහට කරැණු ඔලුවට දාගන්නේ නැතුව.
    හරය ගැන මුලික අදහසක් නැතුව සුත්‍ර දේශනා තේරුම ගන්න ගිහින් වැඩක් නැති වෙයි. මොකද සුත්‍ර දේශනාවේ අරමුණු කරේ කා වෙනුවෙන් ද ඒ අරමුණු කරපු පුත්ගලය සංසාරයේ කොතැනක හෝ ඒ ගැන හදාරලා හරය පිලිබදව දැනුවත් වුන කෙනෙක් නිසා.
    උපතිස්ස තරුණයාට පද කිහිපයක් කියද්දීම රහත් මාර්ගයට යොමු වුනේ එකයි. මොකද දහස් දසදහස් වාරයකටත් වඩා ඒ ගැන ඉගෙන ගෙන තියනවා. හරය සර්ව සම්පුරන්යෙනම හදාරලා තියනව. එහෙම අවබෝධයක් තිබුන අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ නැතුව අපි වගේ මොනවත් දන්නේ නැති අයට නෙවේ මචෝ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආයි වැරදි තැනින් අල්ල ගත්ත මචන්. බුදුරජාණන් වහන්සේ මුල් භික්ෂු පිරිසට තමයි ඒ කියන්නේ මුල් රහතන් වහන්සේලාට තමයි දේශනා කරන්නේ ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න කියල ඊට පස්සේ එහෙම දේශනා කරලා තියනව කියල මන් දැකල නැ.

    එහෙම වගකීමක් බුද්ධ දර්ශනය තුල රහතන් වහන්සේලාට පවරලා නැ තමන් සත්‍ය සොයා ගත්තට පස්සේ එක කියල දෙන්න ඕනේ කියල. රහතන් වහසෙලාට වගකීම් බැදීම් කියල දේවල් නැ. ලංකාවේ රහතන් වහසේලා සිටියත් ඒ එක රහතන් වහන්සේ කෙනෙක් වත් ඒ වගකීමෙන් බැදිලා නැ. රහතන් වහන්සේ කෙනෙක් කියල දැන හෝ නොදැන ලගට ගිහින් අවසර අරන් ඇහුවොත් දේශනා කරයි මේ මාර්ගයේ යන්න කියල.

    එතකොට බුදුවරයෙක් රහත් වෙන batch එකක් පාසා කියන්න ඕනෙද එක මග යන්නේ නැතුව දහම් ප්‍රචාරය කරන්න කරන්න කරන්න කරන්න කියලා? නෑ නේ මචං
    අනික එතකොට ත්‍රිපිටකයේ සඳහන් වෙනවද අද බුදුන් මෙන්න මේ මේ අයට දහම් ප්‍රචාරය කරන්න කිව්වාය කියලා? ත්‍රිපිටකයේ ඕනෑ තරම් ලිය නොවුණු දේවල් තියෙන්න පුළුවන් බ්‍රෝ. අපි එතකොට කරන්න ඕනේ බුදුන් කියපු දේ එක්ක සසඳලා බලන එක

    බුදුවරයෙක් තමන්ගේ සත්‍යාවබෝධයෙන් පස්සේ නිකම් හිටියේ නැහැ. ධර්මය දේශනා කරමින් පා ගමනින් ගියා. ඒ දේම පළවෙනි රහතුන් ටත් කිව්වා. එහෙනම් බොහෝ දුරට බුදුවරයෙක් අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්, රහතන් කෙනෙක් දහම් ඇසීමට කැමැත්තෝ හට දහම් මාර්ගය දේශනා කරයි කියලා. ඒක පොතේ ලියලා තිබ්බේ නැති පමණින් එය වුණේ නෑ කියන්න බැහැ.

    දීඝ නිකායේ මහා පරිනිර්වාන සූත්‍රය කියවලා බලන්න. මාරයා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීණි ඔබ වහන්සේ මේ වචනය කිව්වා ..etc...යම් තාක් කාලයක් මාගේ භික්ෂූන් ධර්මය දරන්නෝ නොවෙද්ද......etc.... දේශනා නොකරන්නේද.....ප්‍රකට නොකරන්නේද....ඒ තාක් මම පිරිනිවන් පාන්නේ නෑ. නමුත් දැන් භික්ෂූන් එහෙම නෑ. එයාලා ධර්මධරයි, දේශනා කරනවා
    ප්‍රකට කරනවා ඒ නිසා පිරිනිවන් පාන සේක්වා කියලා

    ඒ කියන්නේ බුදුවරයෙක් අපේක්ෂා කරනවා තමගේ දහම ලෝවැස්සන්ට දැනගන්න තමන්ගේ භික්ෂූන් ප්‍රකට කරයි කියලා (එක්කො මම ඒක තේරුම් ගත්තා වැරදියි)

    අනික අපි පන්සලට දානය දෙද්දී දෙයක් කියනව අපි සංග සාසනයේ අග සව් දෙනමගේ සිට එන භික්ෂු පරම්පරාවට මේ දානය පිළිගන්වන්නේ කියල. ඒ වෙලාවට අග සව් දෙනාම ඇතුළු මුල් රහතන් වහසේලා සියලු දෙනාම අරමුණු කරලා වුන්වහසේලා වෙනුවෙන් මේ දානය දෙනවා කියල සිතුවිල්ලක් ඇති කරලා ඒ කුසලයෙන් මේ සසරින් එතෙර වීමට හේතු වෙන්න කියල ප්‍රර්ථනා කරන එක තමයි හොද
    ඒ සිතුවිල්ල කිලිටි නොවී නොකඩවා පවත්වාගෙන යන එක තමයි හොද. එහෙම වුනහම උයා දානය දුන්නේ කාට වුනත් අරමුණු කරේ උතුම් පුත්ගලයෙකට නිසා ඒ පුත්ගලයාගේ මානසික මට්ටම යි උයාගෙ පිරිසිදු චේතනාව නිසා කුසලයේ බලය වැඩි වෙනවා නිර්වාණය අවබෝධ කිසිම වෙනුවනේ.

    මට තේරෙන විදිහට නම් මේක මහා බොලඳ සිතුවිල්ලක්. සිල්වත් නො-වුණත් එයින් කෙනෙක්ට දන් දීලා සිල්වත් භික්ෂූන් වෙනුවෙන් කියලා අත හෝදගෙන හිත හදාගන්නවා. ත්‍රිපිටකයේ තියෙන්නෙත් කහ නූලක් බැඳගෙන ඉන්න කෙනෙක්ට එහෙම හිතලා දුන්නත් මහත් ඵල කියලා.

    එහෙනම් මම කියන්නේ ඕක ජීවිතෙත් එක්ක පොර බදන අසරණ අහිංසක තාත්ත කෙනෙක්ට දෙන්න. ළමයින් එලියට ඇදලා දාපු අම්ම කෙනෙක්ට දෙන්න. දීලා ඕනෙ නම් සංඝයාට දුන්නා කියලා හිතාගන්න.

    ඔයා මොන විදිහට හිතුවත් අහසයි පොළොවයි ඉල්ලුවත් මටනං පෞද්ලිකවම ඒක අදාල නෑ බ්‍රෝ.
    නමුත් අඩුම තරමේ එතකොටවත් අර්ථවත් දෙයක් වේවි

    ඉස්සර කාලේ මිනිස්සු පිණ්ඩපාතයේ වැඩින භික්ෂුන් වහසේලා දානය පිළිගැන්වූවේ වුන්වහසේලා ධර්ම මාර්ගයේ යමින් නිවන අවබෝද කරගන්න දරණ වැයම වෙනුවෙන් ඒ දෙයට ගරු කරලා. උයාට හිතෙනවා නම් පන්සලේ හාමුදුරුවෝ එහෙම නැ කියල අරාන්‍යක භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට දානයක දෙන්න සිතුවිල්ල කිලිටි නොවෙන්න ඕන නිසා.

    මම කළුගල ආරණ්‍යයේ භික්ෂූන්ට දන් දීලා තියෙනවා. ඒ එයාලා දරණ උත්සහයට. සාර්ථක වුණත් නැතත් ඒ උත්සහය වටිනවා
    පන්සල් වල පිං බත් කකා ඉන්න අයටනං දන් දෙන්න කැමති නෑ මචං
    අපේ සිතුවිල්ලයි වැදගත් බ්ලා බ්ලා දේවල් කියන්නේ අපි වගකීමෙන් නිදහස් වෙලා අත හෝදගන කරන වැඩක් කියලයි මමනං හිතන්නේ

    උය පන්සලේ හාමුරුවන්ගේ වගකීම කියල හිතන දෙයින් තේරෙන්නේ උය වගකීම උයාගෙ පැත්තට අරගෙන නැ මන් වුනත් සම්පුරන්යෙන්ම අරගෙන නැ එක අපේ දුර්වල කම. වෙන කාගෙවත් නෙවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගේ ජිවිත කතාව බලන්න උයා කියන දේවල් වලට හාත්පසින් වෙනස දේවල් සදහන් වෙලා තියන්නේ සමහර තැන වල. මම වාසනාවන්තයි කල්‍යාණ මිත්‍රයෙක් හිටිය මට හරිමාර්ගය කියල දෙන්න අනවශ්‍ය විදිහට කරැණු ඔලුවට දාගන්නේ නැතුව.

    කෙනෙක් මහණවෙන්නේ නිවන් මග පසක් කරගන්න. අද ඉන්න අයට ඒකවත් කරගන්න බැහැ. බැරිනං අඩුම තරමේ එයාලා සිල් රැකගෙන වත් ඉන්න ඕනේ. ඒක එයාලගේ වගකීම.

    මෙතන කොහෙද මචං අපිට වගකීමක් තියෙන්නේ?

    හරය ගැන මුලික අදහසක් නැතුව සුත්‍ර දේශනා තේරුම ගන්න ගිහින් වැඩක් නැති වෙයි. මොකද සුත්‍ර දේශනාවේ අරමුණු කරේ කා වෙනුවෙන් ද ඒ අරමුණු කරපු පුත්ගලය සංසාරයේ කොතැනක හෝ ඒ ගැන හදාරලා හරය පිලිබදව දැනුවත් වුන කෙනෙක් නිසා.
    උපතිස්ස තරුණයාට පද කිහිපයක් කියද්දීම රහත් මාර්ගයට යොමු වුනේ එකයි. මොකද දහස් දසදහස් වාරයකටත් වඩා ඒ ගැන ඉගෙන ගෙන තියනවා. හරය සර්ව සම්පුරන්යෙනම හදාරලා තියනව. එහෙම අවබෝධයක් තිබුන අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ නැතුව අපි වගේ මොනවත් දන්නේ නැති අයට නෙවේ මචෝ.

    ඒකනං මම හරියටම කියන්න දන්නේ නෑ
    ඔයා දන්නෙත් නෑ
     
    Last edited:

    Cyper

    Well-known member
  • photo_2020-06-05_18-19-30.jpg

    ත්‍රිපිටකධරාචාර්ය මහෝපාධ්‍ය, මහා කමමට්ඨානාචාර්ය, බෝධිසත්ව ගුණෝපේත නාඋයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත / දේශිත දේශනා සහිත අමිල ධර්ම පොත් කිහිපයක්...
    පින් ඇත්තෝ නොපමාව මේ දුර්ලභ ධර්ම පොත් පරිශීලනය කරත්වා! ධර්ම දානය පිණිස අන් අයටත් කියවීමට සලස්වත්වා..! #pdf

    මෙතැනින් පිවිසෙන්න ↘ https://t.me/dhamma_repo/622

    Google Drive: https://drive.google.com/drive/folders/1RcV5ctDA3qBSOEyDoqyBJXONSHgAH0kl?usp=sharing
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    View attachment 82053

    Thanks මචෝ. හැබැයි මං හොයන්නේ එක එක්කෙනා ලියපු පොත් නෙවෙයි
    අට්ඨකතා, ටීකා ටිප්පනි වගේ දේවල්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Thanks මචෝ. හැබැයි මං හොයන්නේ එක එක්කෙනා ලියපු පොත් නෙවෙයි
    අට්ඨකතා, ටීකා ටිප්පනි වගේ දේවල්
    ඕවා හොයන එක නම් තේරුමක් නෑ.. වසර 2500 ක් පුරාවට පැවති ආක්‍රමණ නිසා ඕවා විනාශ වෙලා.. ඒ කාලේ අනුරාධපුර / පොළොන්නරු කාලේ කොයිතරම් නම් ධර්මය සම්බන්ධ පොත් ගිණිබත් වෙන්න ඇත්ද.... අපරාදේ බුදුනේ හරිම ධර්ම කරුණු ගොඩක් වියැකිලා යන්න ඇති...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕවා හොයන එක නම් තේරුමක් නෑ.. වසර 2500 ක් පුරාවට පැවති ආක්‍රමණ නිසා ඕවා විනාශ වෙලා.. ඒ කාලේ අනුරාධපුර / පොළොන්නරු කාලේ කොයිතරම් නම් ධර්මය සම්බන්ධ පොත් ගිණිබත් වෙන්න ඇත්ද.... අපරාදේ බුදුනේ හරිම ධර්ම කරුණු ගොඩක් වියැකිලා යන්න ඇති...

    බුදුන් වදාල ධර්මය තියෙන්නේ ත්‍රිපිටකයේ. ඒක සුරක්ෂිතව තිබුණා. ඊට පස්සේ ආපු රහතුන්ගේ විවරණ, සංවාද වගේ පොත් තමයි නැත්නං නැතිවෙන්නේ
     
    Cyper

    Well-known member