නියම නුලත්......
අපේ සමාජයේ තියෙන ආකල්ප තමයි හැමදේටම මුල. බොහෝ වැඩිහිටියන් තුල තියෙන 1940, 50 ආකල්ප අපේ ඔලුවට දාපු නිසා අපි පහු බැහැල තියෙනවා. ඒ කලේ රස්සාවක් කරලා හෙමිහිට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. හෙමිහිට කිව්වේ මුළු ජීවිත කාලෙම වේන්න පුළුවන්.
නැදෑ කෙනෙක්ගේ වචන මේ.
"ඔය හැටි දගල්ලනේ මොකටද..........හම්බෙන පඩියෙන් කලා බීල සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නේද ළමයෝ."
එත් අද සමාජ වටපිටාව වෙනස්. ඉක්මනට හොද අදායමක් උපයල, ලස්සන ගෙයක් දොරක් හදාගෙන, හොද වහනයක් අරගෙන, iphone ,HD tv අරගෙන ජීවත් වෙන්න කවුරුත් කැමතියි. සාමාන්‍ය විදියට ලැබෙන දෙයකින් සතුටුවෙලා ජීවත් වෙන කට්ටිය බොහොම ටිකයි.
ජීවිතේ මුල් කලේ හොද පදනමක් දමාගන්න ඕනේ, මහන්සි වෙලා. පහුවෙනකොට බැඳලා ළමයි ඉන්න කොට වෙලාව බොහොම අඩුයි. එතකොට වැදගත්වෙන්නේ පවුල, ළමයි සමග ගතකරන කාලය. මොකද රස්සාවක් කරාම ඉතිරිවෙන බොහොම සුළු කාලය තමයි ඕවට තියෙන්නේ.