අපි දෙලොවක් අතර ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපි දෙලොවක් අතර ද?


    elderly_in_day_to_day_life.jpg

    පෙරදිග මිනිසා ජීවත් වන්නේ දෙලොවක බව සමීප ව ඔහු දෙස බැලීමේ දී පෙනී යන්නකි. විශේෂයෙන් ම ඔහුගේ ආධ්‍යාත්මික ලෝකය හා භෞතික ලෝකය යන දෙලොව අතර එකිනෙකට දෝලනය වෙමින් ඔහු ක්‍රියා කරනු දැකිය හැකි ය. කෙසේ වෙතත්, බටහිරයාට මෙවැනි දෙගිඩියාවක් ඇති බව ඉඳුරාම කිව නොහැකි ය. ඔහුට භෞතික ලෝකය ඉතා හුරුබුහුටි තැනක් වීමට මේ තත්වය බලපාන බව පෙනේ. පෙරදිගයා මේ ලෝකය බොහෝ විට ගන්නේ 'කරදරයක්' ලෙස ය. බටහිරයා මේ ලෝකය කරදරයක් කොට හිතන්නේ කරදරයකට මුහුණ දුන් විට පමණි.
    පෙරදිගයා අද ජීවත් වන්නේ බටහිර ජීවන මොඩලයක ය. සෑම තැනක ම ඇත්තේ බටහිර වීමට පෙරදිගයාට කරන බලකිරීමකි. එහෙත් පෙරදිගයා මීට හැම විට ම එකඟ වන්නේ නැත. ඔහු බොහෝ විට ඊට ප්‍රතිරෝදය දක්වයි. එවිට දෙලොව ගැටේ. මෙම තත්වය පෙරදිගයා ව අනන්‍යතා අර්බුදයටකට කැඳවන බව ද කිව යුතු ය.
    බටහිරයාට ලෝකය හුරුබුහුටි නිසා හා ඔහු භෞතික ලෝකය විස්වාස කරන නිසා බටහිරයා අතින් ලෝකය වඩාත් පහසු කර ගැනීම සඳහා යන්ත්‍ර සූත්‍ර ආදිය නිපදවාගෙන සිය ජීවිතය තවත් පහසු කරගෙන ඇත. ඇත්ත වශයෙන් ම බටහිරයා සෑම දෙයකට ම යන්ත්‍රාදිය නිපදවන්නේ ම ඔහු භෞතික ලෝකය බැරෑරුම් ලෙස ගන්නා නිසා ය. එහෙත් පෙරදිගයා මේ ලෝකය බැරෑරුම් ලෙස ගන්නේ නැත. ඔහු බැරැරුම් ලෙස ගන්නේ ආධ්‍යාත්මික ලෝකයයි.
    පෙරදිගයා ඉහත දෙලොවක ජීවත් වීම අතනාරින්නට ඔහුට බටහිර පන්නයේ ඉදිරියට යෑමක්- එවැනි ජීවිතයක් ලඟා කර ගැනීම දුෂ්කර වෙනු ඇත. මීට විසඳුමක් තිබේ ද? තිබෙන්නට හෝ නොතිබෙන්නට පිළිවන. එහෙත් අප ඒ ගැන වද විය යුතු නැත. කළ යුත්තේ ජීවිතය පිළිබඳ අලුත් ප්‍රශ්නයක් නැගීම ය. එම අලුත් ප්‍රශ්නය වන්නේ අපට බටහිර පන්නයේ ජීවිතයක් අවශ්‍ය ද යන්න ය. එවැන්නක් අවශ්‍ය නොවන බව- හා නොහැකි බව බටහිර විසින් ම අපට පෙන්වා ඇත. ලෝකය විනාශයේ කරමුලට ම රැගෙන විත් ඇති දේශගුණික විපර්යාස ඊට ප්‍රධාන හේතුවකි. අනෙක නම් බටහිර පන්නයේ ජීවිතයක් සදාකාලික ව- අඩුම තරමේ තව සියවසකට හෝ මුළු ලෝකය පුරාම නිර්මාණය කරන්නට ඇවැසි අසීමිත සම්පත් මේ සීමිත පෘථිවිය තුළ නොමැති වීමයි.
     
    • Like
    Reactions: Vandetta