බුරියානියට සාගම සැයත් ඩෝසර් වෙයි.
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය – මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ – සාගම දාගැබ
- මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක් දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක් වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස් බිමට සමතලා කරලා…
- මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක් මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස් කලා. මෙම දාගැබද ඊට මඳක් දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබක්…
මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත.
යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.
පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, අසිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.
සේයාරූ උපුටාගැනුම – දිවයින සහ බොදු බල සේනා ජාලය
(
http://denethharinna.blogspot.com/)
_______________________________________________
මේ සම්බන්ධයෙන් වන දිවයින ලිපිය –
අම්පාරේ ඉපැරණි දාගැබක් ඩෝසර් කර නිධන් සෙවූ 7ක් දැලේ
අම්පාර තිරුක්‌කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ ඌරකිතයි ප්‍රදේශයේ ඉපැරණි දාගැබක් ඩෝසර් කර නිධන් හාරමින් සිටි ද්‍රවිඩ ජාතිකයන් 07 දෙනකු ඊයේ (25 වැනිදා) සවස එම ඩෝසර් යන්ත්‍රය සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එක්‌තරා ජාත්‍යන්තර ස්‌වෙච්ඡා සංවිධානයකට අනුබද්ධව අම්පාර කාර්යාලයක සේවය කරන අයෙකුද සිටිති.
මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක් දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක් වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස් බිමට සමතලා කර තිබේ. ඉන් පසු දාගැබ ගර්භයේ මැද කොටස දෙකට වෙන්වෙනසේ ගැඹුරට හාරා නිධන් සොයා තිබේ. මෙලෙස මෙම ඉපැරණි ගර්භය හෑරීමේදී පැරණි මැටි භාජන කිහිපයක් ඇතුළු පුරාවස්‌තු රැසක්‌ද හමුව තිබේ.
මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක් මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස් කර තිබිණි. මෙම දාගැබද ඊට මඳක් දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබකි. සැකකරුවන් 07 දෙනා සමඟ යතුරු පැදියක් හා ඩෝසර් යන්ත්‍රයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත අක්‌කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් තිරුක්‌කෝවිල් පොලිස් ස්‌ථානාධිපති පො.ප. චමින්ද තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් හා අම්පාර පුරාවිද්‍යා පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
https://www.divaina.com/2012/11/26/news11.html