අපි නොදන්න ඉඩොක්

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    අවුරුදු 5කට කලින් ලියපු එකක්.. 🤭

    #අපි_නොදන්න_ඉඩොක්

    (පින්තූරෙ තියෙන ජිල්මාට් එක මොකද්ද නොදන්න අයට)

    මේකට ගමේ බාසාවෙන් කියන්නෙ #ඉඩොක්කෙ. එහෙම නැත්තන් ඉඩොක් කැටේ. මේකෙන් තමයි දකුණේ ප්‍රසිද්ද අවරුදු ක්‍රීඩාවක් වෙච්ච #ඉඩොක්_ගැසීම" කරන්නෙ. ඇත්තටම මේක එළුවගෙ දණිසේ තියන ඇටයක්.

    මේකේ එක පැත්තක පොඩි වලක් වගේ ගැඹුරක් තියෙනවා. අනික් පැත්ත එහෙම නෑ. ඉඩොක්කෙ ගැඹුර තියෙන පැත්ත රතුපාට ගාලා තියෙන්නෙ. ගැඹුර පැත්තට කියන්නෙ #කිරිනිස්", ඒ පැත්ත තමයි ජයග්‍රාහී පැත්ත, අනික් පැතලි පැත්තට කියන්නෙ #කුප්පෙ",
    ඒ පැත්ත පරාජිත පැත්ත.

    මේ සෙල්ලම කරන්නෙ මෙහෙමයි,

    ❎සෙල්ලම කරන්නෙ දෙන්නෙක් අතරේ (වටේ ඉඳන් ඔට්ටු අල්ලන්න ඕනතරන් පිරිසකට පුලුවන්)

    ❎ඉඩොක්කෙ උඩ දාන නියමිත ඉරියව්ව තමයි ඇණ තියාගන්න එක. එක්කෙනෙක් නියමිත උසට ඉඩොක් කැටේ උඩ දානවා. උඩ ගිහින් ඉඩොක්කෙ කිරිනිස් පැත්ත ඒ කියන්නෙ රතුපාට පැත්ත( කිරිනිස්) උඩ අතට වැටුනොත් එයා ඔට්ටුව දිනුම්,

    ❎පැතලි පැත්ත එහෙම නැත්තන් කුප්පෙ පැත්ත උඩ අතට වැටුනොත් ඔට්ටුව පරාදයි. වෙනත් ඕනම පැත්තකට වැටුනොත්, ඊලගය අවස්තාව ප්‍රතිවාදියාට උඩ දාන්න ලැබෙනවා.

    ❎ කිරිනිස් සහ කුප්පෙ ට අමතරව #රාජ_ කිරිනිස්, #රාජ_කුප්පෙ වගෙ අවස්තාවලුත් තියෙනව.

    ❎ කිරිනිස් කුප්ප රාජ කිරිනිස් රාජ කුප්ප ඇරුනහම ඉතිරි අර පැති දෙකෙන් එක පැත්තක් තියෙන්නෙ වලක් වගේ. ඒ පැත්ත #වල. අනික් පැත්ත තියෙන්නෙ උසට කන්ද වගේ. ඒ පැත්තර කියන්නෙ #ගොඩ කියලා.

    ❎වල ගොඩ ඔට්ටු එක සැරෙන් දිනන්න පුළුවන්. යම් විදියකින් වලගොඩ ඔට්ටු බේරන්න කුප්ප කිරිනිස් වැටුන අවස්තාවක් ආවොතින් ඒ වෙලාවට විතරක් කුප්පෙ ගොඩ ලෙසත්, කිරිනිස් වල ලෙසත් සලකනු ලබනවා.

    ❎ ඒ වගෙම ඒකාලේ ඉඩොක් ඔස්තාර්ලා සූක්ෂම විදියට කුප්පෙ පැත්තෙ බර වැඩි කරන්න "කුප්පෙට ඇණ ගැසීම" කියලා නීති විරෝධී වැඩකුත් ඔය ඉඩොක්කැටේට කරනවා
    😍😍😍

    මේ සෙල්ලම කරන්නෙ අවුරුදු කාලෙට විතරයි, ඒ වගෙම මේ සෙල්ලම වැඩියෙන්ම ජනප්‍රිය දකුණු පලාතේ, සිංහල අවුරුදුකාලෙට වැඩිමහල් අය බූරුවා ගහනකොට ගොඩක් වෙලාවට තරුණ අය කුඩා ලමයි එහෙම කරන්නෙ ඉඩොක් ගැහීමයි, කැට ගැහීමයි.

    ඒ වගෙම වටේම බූරු පිටි වලට ගිහින් සතේට හිඳිලා ආපු සමහරු මාරු කාසිටිකක් හොයන් පොඩි උන් එක්ක ඉඩොක් ගහලා ආයෙම බූරුපිටියට යන්න අවශ්‍ය මුදල හොයාගන්නත් ඉඩොක් පිටිවල වාඩි උනා 😂

    රුපියලට දෙකට ඔට්ටු අල්ලන සූපින් "ඉඩොක්පිටි" වගෙම රුපියල් දාස් ගණන් ගැවසෙන පත ඉඩොක් පිටිත් අවුරුදු කාලෙට දකුණේ ගම්වල නොඅඩුව දකින්න තිබුනා.

    මේ සෙල්ලම කරද්දි තමන්ගෙ පවුලේ අය, අසල්වාසීන් එකතුවෙලා ලබන සතුට නම් සල්ලි වලට ගන්න බෑ... හැබැයි දැන් දැන් ඉඩොක් ගහන අය විතරක් නෙමේ ඉඩොක් ගැන දන්න අයත් සෑහෙන අඩුයි.

    #ගෙහාන්_සචින්ද
     

    Attachments

    • FB_IMG_1744628805369.jpg
      FB_IMG_1744628805369.jpg
      42.1 KB · Views: 33
    • Like
    • Love
    Reactions: kinkon and Candid-B