අපි නොදන්න චීනය-2
ඊයේ දිනයේ එනම් ජූලි මස 30 වෙනිදා චීනය මහජන විමුක්ති හමුදාවේ 90 වන සංවත්සරය සැමරීය.ඒ සඳහා සූදානම් කර තිබූ හමුදා පෙළපාලියේ චීනය සතු නවීනතම යුද්ධෝපකරණ ප්‍රදර්ශනය කරන ලදි.මෙම දැවැන්ත හමුදා පෙළපාලිය චීනයේ ඇතුලු මොංගෝලියා ප්‍රාන්තයේ සුරිච් හමුදා කඳවුරු භූමියේ පැවැත්විණි.ඒ සඳහා සෙබලුන් 12,000ක්,ගුවන් යානා 129ක් සහ හමුදා රථ 571ක් සහභාගි විය.
චීන මහජන විමුක්ති හමුදාව නිර්මාණය කරන්නේ 1927 වර්ෂයේ අගෝස්තු මස 1 දාය.සිවිල් යුද්ධයකින් පසුව 1949 ඔක්තෝම්බර් මස 1 දා චීන මහජන සමූහාණ්ඩුව බිහිවේ.වර්තමාන චීන ජනපති ෂි ජින්පින්ග් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එරට හමුදාවෙන් සෙබලුන් 300,000ක් අඩු කිරීමට ක්‍රියා කරන බවයි.නමුත් ලොව විශාලතම හමුදාව සිටින්නේ චීනය සතුවයි.එය මිලියන 2ක් ඉක්මන බව වාර්තා වේ.
සංවත්සර උත්සවයේ හමුදා පෙළපාලියේදී ටයිප් 99ඒ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකි,එච්ජේ-10 යුද ටැංකි නාශක මිසයිල පද්ධති,ෂෙන්යැන්ග් ජේ-16 ප්‍රහාරක යානා සහ චෙන්ග්ඩු ජේ-20 පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානය ආදි යුද්ධෝපකරණ රැසක් ප්‍රදර්ශනය කරන ලදි.
ඊට අමතරව බීජින් පාලනය "ගුවන් යානා ප්‍රවාහන නෞකා නාශක"-ඩීඑෆ්-21ඩී නෞකා නාශක මැදිදුර බැලස්ටික් මිසයිලය සහ නවතම ඩීඑෆ්-31ඒජී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ලෝකයා ඉදිරියේ නිරාවරණය කරන ලදි.
ඩීඑෆ්-31ඒජී මිසයිලය මෙවැනි පෙළපාලියකට එක් කර තිබුණේ ප්‍රථම වරට බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම අන්තර් මහද්වීපික මිසයිලය කි.මී.10,000කට වැඩි දුරක් ගමන් කල හැකිය බව පැවසේ.පෙළපාලිය අධීක්ෂණය කිරීම ජනපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදුකරන ලදි.ඊට එක් කර තිබූ රථවලින් 40% පමණ ප්‍රථමවරට ප්‍රදර්ශනය කල බවද සඳහන් වේ.
ප්‍රවාහන හෙලිකොප්ටර් සහ යුද රථ
පෙළපාලියේ ගමන් කරන සෙබලියන්
චීන ධඡය සහිතව ගමන් කරන සෙබලුන්
මෙම කඳවුර ආසියාවේ විශාලතම පුහුණු හමුදා කඳවුර ලෙසද හඳුන්වයි
යුද්ධෝපකරණ එකතුව ඈතට දිස්වන අයුරු
චීනය සතු යුද ටැංකි සහ සෙබලුන් ප්‍රවාහනය කරන රථ
ජංගම කාලතුවක්කු රථ සහ මිසයිල විදින
Source:sputniknews.com
-HarshaLulzSec-

ජනපති ෂි ජින්පින්ග් පෙළපාලිය ආරම්භයට පෙර එය නිරීක්ෂණය කිරීම
චීන මහජන විමුක්ති හමුදාව නිර්මාණය කරන්නේ 1927 වර්ෂයේ අගෝස්තු මස 1 දාය.සිවිල් යුද්ධයකින් පසුව 1949 ඔක්තෝම්බර් මස 1 දා චීන මහජන සමූහාණ්ඩුව බිහිවේ.වර්තමාන චීන ජනපති ෂි ජින්පින්ග් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එරට හමුදාවෙන් සෙබලුන් 300,000ක් අඩු කිරීමට ක්‍රියා කරන බවයි.නමුත් ලොව විශාලතම හමුදාව සිටින්නේ චීනය සතුවයි.එය මිලියන 2ක් ඉක්මන බව වාර්තා වේ.
සංවත්සර උත්සවයේ හමුදා පෙළපාලියේදී ටයිප් 99ඒ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකි,එච්ජේ-10 යුද ටැංකි නාශක මිසයිල පද්ධති,ෂෙන්යැන්ග් ජේ-16 ප්‍රහාරක යානා සහ චෙන්ග්ඩු ජේ-20 පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානය ආදි යුද්ධෝපකරණ රැසක් ප්‍රදර්ශනය කරන ලදි.
ඩීඑෆ්-21ඩී නෞකා නාශක මැදිදුර බැලස්ටික් මිසයිලය
ඊට අමතරව බීජින් පාලනය "ගුවන් යානා ප්‍රවාහන නෞකා නාශක"-ඩීඑෆ්-21ඩී නෞකා නාශක මැදිදුර බැලස්ටික් මිසයිලය සහ නවතම ඩීඑෆ්-31ඒජී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ලෝකයා ඉදිරියේ නිරාවරණය කරන ලදි.
ජේ-20 පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානය
ඩීඑෆ්-31ඒජී මිසයිලය මෙවැනි පෙළපාලියකට එක් කර තිබුණේ ප්‍රථම වරට බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම අන්තර් මහද්වීපික මිසයිලය කි.මී.10,000කට වැඩි දුරක් ගමන් කල හැකිය බව පැවසේ.පෙළපාලිය අධීක්ෂණය කිරීම ජනපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදුකරන ලදි.ඊට එක් කර තිබූ රථවලින් 40% පමණ ප්‍රථමවරට ප්‍රදර්ශනය කල බවද සඳහන් වේ.
පෙළපාලියේ ගෙන ගිය න්‍යෂ්ඨික සහ සාම්ප්‍රදායික ප්‍රහාරක හැකියාව සහිත මිසයිල
ප්‍රවාහන හෙලිකොප්ටර් සහ යුද රථ
පෙළපාලියේ ගමන් කරන සෙබලියන්
චීන ධඡය සහිතව ගමන් කරන සෙබලුන්
මෙම කඳවුර ආසියාවේ විශාලතම පුහුණු හමුදා කඳවුර ලෙසද හඳුන්වයි
යුද්ධෝපකරණ එකතුව ඈතට දිස්වන අයුරු
චීනය සතු යුද ටැංකි සහ සෙබලුන් ප්‍රවාහනය කරන රථ
ජංගම කාලතුවක්කු රථ සහ මිසයිල විදින
Source:sputniknews.com
-HarshaLulzSec-

චීනේ අපේ ලොකු අයිය වේගෙන නෙ එන්නේ
+10 