අපි නොදන්න රුසියාව-16

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-16

    xx3jX3e.jpg

    ඉහත ඡායාරූපය දුටුවිට ඔබට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන ගොඩනැගිල්ලක් සිහිවිය හැකිය.නමුත් මෙය සැබවින්ම පවතින ගොඩනැගිල්ලකි.එය හඳුන්වන්නේ ඩොන්-2එන් රේඩාර් පද්ධතිය නමින්ය.නේටෝ සංවිධානයට ඊට තබා ඇති නාමය වන්නේ Pill Box යන්නයි.මෙය passive electronically scanned array (PESA) වර්ගයේ රේඩාර් පද්ධතියකට නිවහන වූවකි.සෝවියට දේශය පැවති සමයේ නිර්මාණය කල එය මොස්කව් නගරාසන්නයේ ඉදිකර තිබේ.


    මෙය ප්‍රති-මිසයිල ආරක්ෂණ පද්ධතියක පුර්ව අනතුරු ඇඟවීමේ කාර්යය ඉටුකරයි.ගොඩනැගිල්ල චතුරස්‍රාකාරය.පිරමීඩයක ස්වරුපයක් ඉන් දිස්වේ.​

    ClxHGdB.jpg




    1980 දශකයේ මුල් භාගයේ සෝවියට් විද්‍යාඥයින් විසින් නිර්මාණය කල සුවිශේෂී ඇන්ටනා හතරක් මෙම පිරමීඩාකාර ගොඩනැගිල්ල තුල තිබේ.මෙය සාමාන්‍යය කැරකවෙන රේඩාර්වලට එහා ගිය දියුණුවකි.ඒවාහි ඇන්ටනාවට පූර්ණ බැමුමක් සඳහා තත්ත්පරයක හෝ දෙකක ප්‍රමාදයක් තිබේ.එම කාලය තුල සතුරු ඉලක්කයට එය අධිවේගී මිසයිලයක් නම් ඇස නොගැටී නොපෙනී යා හැකිය.

    ZaUM3UZ.jpg




    මෙම රේඩාරය භ්‍රමණය නොවේ.නමුත් එය සතුව අතිවිශාල ඇන්ටෙනා ග්‍රිඩ් හතරක් තිබේ.ඒ සෑම එකක්ම කුඩා ප්‍රමාණයේ ඇන්ටෙනා රැසකින් සමන්විතය.ඒවා භ්‍රමණය වීමකින් තොරව තනි ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරමින් නිකුත් කරන සංඥා ආපසු ග්‍රහණය කරගන්නා බව සඳහන් වේ.එහි වෙනස තිබෙන්නේ තරංගයේ කලාපයේය.අධි වේගී පරිගණක යුගයට පෙර මෙවැනි තාක්ෂණයක් තිබීම පවා විශ්මයකි.

    RPPas4k.jpg




    මෙහි දැක්වෙන්නේ 1980 දශකයේදී මෙම කාර්යය උදෙසා භාවිතා කල සෝවියට් එල්බෲස් පරිගණකයි.මෙම පරිගණකවල වැඩිදියුණු කල සංස්කරණ දැනටත් රුසියාව තුල භාවිතා කරයි.​

    BmdU0oG.jpg





    රේඩාර් පද්ධතිය මෙහෙයවන පිරිස එල්බෲස් පරිගණක සමග වැඩ කරන අයුරු.මැද සිටින්නේ එහි ප්‍රධානියාය.

    FRxLavl.jpg





    ඔහුගේ දෙවැනියාට සේවා ස්ථානය

    DTJ8JXS.jpg




    1994 වර්ෂයේ රුසියා-ඇමෙරිකා ඒකාබද්ධ අත්හදා බැලීමකදී කුඩා ලෝහ ගෝලයක් ඩිස්කවරි ෂටලයෙන් හෙළන ලදි.එය පිල් බොක්ස් රේඩාර් පද්ධතිය විසින් අනාවරණය කරගත් අතර සෙන්ටි මීටර් 5ක විෂ්කම්භයක් සහිත ලෝහ ගෝලයක් ලෙස දිස්වූ බව සඳහන් වේ.

    DTJ8JXS.jpg





    මෙම මධ්‍යස්ථානයට එකවර ඉලක්ක 100ක් අනාවරණය කර ගෙන ලුහුබැදීම කල හැකි අතර ඒවා අතරමගදී විනාශ කිරීමට මිසයිල දියත් කිරීමටද පුලුවනි.


    qWoL0Nh.jpg





    1996 වර්ෂයේදී සෝවියට් විද්‍යාඥ ස්ක්ලොකා මෙම තාක්ෂණය සොයාගැනීම වෙනුවෙන් 'රුසියානු සමූහාණ්ඩුවේ වීරයා' යන එරටදී ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබීය.

    hpnxswy.jpg





    මෙම පරිගණක තිරවල ඡායාරූප ගැනීමට අවසර නැති අතර ඒවා අක්‍රීය කර තිබේ.

    jf7fQNH.jpg





    ආරක්ෂාව උපරිම අයුරින් මෙම ස්ථානයට ලබාදී තිබේ.

    auVrvb1.jpg





    මධ්‍යස්ථානය වටා ඇති ජීවවිද්‍යාත්මක ආරක්ෂණ කඩතිර මගින් සතුන් සහ පක්ෂීන් ක්ෂුද්‍ර තරංග රේඩාර් සියගණනක් ක්‍රියාත්මක වීම ඔස්සේ හානියට ලක්වීම වළක්වයි.

    1YaR6pE.jpg





    අවශ්‍ය විටෙක මෙහි දැක්වෙන ආකාරයේ අන්ත:ඛණ්ඩන මිසයිල 20 දක්වා දියත් කරන්නට ඔවුන්ට හැකියාව තිබේ.

    3BpRCPY.jpg




    පිල් බොක්ස් මධ්‍යස්ථානය සුවිශේෂී වන අතර ඊට සමාන කල හැකි වෙනත් යමක් ලෝකයේ දැනට නොමැති බවද සඳහන් වේ.මෙහි බොහෝ කොටස් රහසිගත සහ පිටස්තරයන්ට තහනම්ය.නමුත් එහි යෑමට අවස්ථාව උදා වූ රුසියානු බ්ලොග්කරුවෙක් මෙම ඡායාරූප අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කර තිබිණි.





    RADAR LESSON 1


    RADAR LESSON 2




    Source:englishrussia.com

    -HarshaLulzSec-