අපි නොදන්න EMP බෝම්බ.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අපි නොදන්න EMP බෝම්බ.

    විද්‍යුත් චුම්බක ස්පන්ධ බෝම්බ.



    emp1.jpg





    දෙවෙනි ලෝක යුද්ධයේදී භාවිතා උන ප්‍රභලම හා තීරණාත්මකම ආයුධය වුයේ න්‍යෂ්ටික බෝම්බයයි. එම යුද්ධය අවසන් වූයේ පළමු වරට න්‍යෂ්ටික බෝම්බය පාවිච්චියෙන් වුවත්, මුළු දෙවන ලෝක යුද්ධයම ගතකෙරුනේ කවුරුන් පළමුව න්‍යෂ්ටික බෝම්බය නිපදවාවිද යන තරගය මතයි. න්‍යෂ්ටික බෝම්බය ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍යනම් මම කලකට ඉහතදී පලකරපු අපි නොදන්න න්‍යශ්ටික අවි ත්‍රෙඩ් එකට යන්න පුළුවන්.

    nuclear-explosion-300x180.png

    අද මම කතා කරන්න යන්නෙ තුන්වන ලෝක යුද්ධයකදී තීරණාත්මක කරුණක් වන ආයුධයක් ගැනයි. න්‍යෂ්ටික අවි තවමත් බලවත් ආයුධයක් වුනත්, ඒකෙන් ඇති වන පාලනයෙන් තොර ජිවිත හා පාරිසරික හානිය නිසා කවුරුවත් ඒවා පාවිච්චි කරන්න අකමැත්තක් දක්වනව. නමුත් මේ අලුත් ආයුධයෙන් සෘජුව කිසිම ජිවිත හානියක් හා පාරිසරික හානියක් සිදු නොවන අතර ක්ෂනිකයෙන් ඕනෑම රටක් ගල් යුගයට ගෙනයෑමේ බලයක් තියනවා. මේ අලුත් ආයුධය තමයි විද්‍යුත් චුම්භක ස්පන්ධ බෝම්බය(Electromagnetic Pulse Bomb). කෙටියෙන් EMP bomb හෝ E-bomb.



    විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර හා සන්නායක අතර සම්බන්ධය

    Electromagnetic-induction.gif

    මම හිතනවා මෙතන වැඩි දෙනෙක් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් කියන්නෙ මොකද්ද කියල දන්නවා කියල. විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් සන්නායකයක් හරහා ගමන් කලාම, මේ ක්‍ෂේත්‍රය මගින් ඒ සන්නයකයේ තියන නිදහස් ඉලෙක්ට්‍රෝන් එක් දිශාවකට තල්ලු කිරීමක් කරනවා. එතකොට මේ සන්නායකය හරහා ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිදුවනවා.

    සරලව කියනවනම්: සන්නායකය කානුවක්නම්, නිදහස් ඉලෙක්ට්‍රෝන ඒකෙ තියන වතුරනම්; අපි අතෙන් මේ කාණුවේ වතුරට පොඩි තල්ලුවක් දුන්නොත් මේ කානුව හරහා වතුර ගැලීමක් සිද්ධ වෙනවනෙ. මේකත් හරියටම ඒ වගේ. විද්‍යාත්මකව කියනවනම්, මේ සන්නායකය හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා.

    picture.php

    මේ ක්‍රමයට කියන්නෙ Electromagnetic induction කියල. මේ විදිහට තමයි බයිසිකල් ඩයිනමොවකින් බල්බ් එකක් පත්තු කරන්නෙ. සන්නායක දඟරයක් මැද්දෙ කාන්දමක් තියල කරකවන එකනෙ ඩයිනමොවේ කරන්නෙ. ඒක හරියට අර කානුවට හබල් රෝදයක් දාල කරකවනවා වගේ.

    මේ කානුව පටන් ගන්න තැනටම ආයිත් එකතු වෙනවනම් ඒක closed circuit එකක් විදිහට ගණන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ මේකේ තියන වතුර රවුමට රවුමට කැරකෙනවා අපි අර හබල් රෝදේ කරකවනකම්. මේ කාණුවේ තවත් තැනක, මේ ගලන වතුර ආධාරයෙන් තවත් පොඩි දැති රෝදයක් කැරකෙනවා. මේක තමයි අර පත්තු වෙන බල්බ් ඒක.





    EMP bomb කියන්නෙ කුමක්ද?

    e-bomb-intro.jpg

    දැන් අර කලින් උදාහරණයම ගමුකො. අපේ පොඩි කාණුවේ අර දැති රෝදේ වතුර පාර හැටියට හෙමීට කැරකි කැරකි ඉන්නවා. ඒ අතරෙ පෝරිසාදයෙක් එනවා ලොකු හබලකුත් කරේ තියන්. ඇවිත් අර හබල කාණුවට දාල මහා හය්යෙන් ඒක පාරක් හබල් ගානව. ඒත් එක්කම අර හෙමීට ගිය වතුර පාර මහා රැල්ලක් වෙලා අර දැති රෝදෙ ගලවගෙන ගහගෙන යනව.:angry:

    මේකම තමයි සරලව EMP බෝම්බයකින් කරන්නෙ. එකෙන් කරන්නෙ එකපාරම ඉතා ප්‍රභල විද්‍යුත්චුම්භක ස්පන්ධයක් ඇති කරන ඒක. මේ ස්පන්ධය ඉලෙක්ට්‍රොනික පරිපථ වල තියන වයර් හා අනෙකුත් සන්නායක වල වැදුනම ඒවා හරහා ලොකු විද්‍යුත් ධාරාවක් නිපදවෙනවා. අපි ඕන කෙනෙක් දන්නවා ඕනෑම විද්‍යුත් පරිපථයක නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් යැව්වම වෙන දේ; ඔක්කොම සියුම් පරිපථ කොටස් පිච්චෙනවා. මේකෙන් වැඩිපුර හානි වෙන්නේ අර්ධසන්නායක වලින් හදපු උපාංග. ඒ කියන්නෙ ඔක්කොම transistors හා chips.:shocked:

    අනිත් ප්‍රධාන දේ තමයි, විද්‍යුත්චුම්භක තරංග වලට රික්තයක් හරහා උනත් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මේ තරංග වලින් පරිපථ ආරක්ෂා කරගන්න එක කොහෙත්ම ලේසි නෑ.


    මේ බෝම්බයේ බලය අනුව වර්ග තුනකට බෙදෙනවා.


    1. Low-level EMP bomb

    මේකෙන් නිපදවන Electromagnetic pulse එකේ ශක්තිය ගොඩක් අඩුයි. පරිපථ කොටස් වලට හානි කරන්න තරම් ප්‍රභල නැති උනත්, සංකීරණ පරිපථ වන පරිඝණක වගේ උපාංග තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට සමත්. උදා:- ප්‍රදේශයක තියන සියලු පරිඝණක තාවකාලිකව ඇනහිටවන්න හෝ force restart කරවීම, රේඩියෝ තරංග වලට බාධා කිරීම.

    2.Mid-level EMP bomb

    මේකෙන් සාමාන්‍ය තරමට ශක්තිමත් pulse එකක නිපදවනවා. මේකෙන් ප්‍රදේශයක තියන පරිඝනක වල ගබඩා කරලා තියන දත්ත සම්පුර්ණයෙන්ම මකා දමන්න පුළුවන්. ඒ වගේම transistors හා processor chips වලට හානි කරනවා.:dull:


    3. High-level EMP bomb

    මේකෙන් ඉතාමත් බලසම්පන්න EMP pulse එකක් නිපදවනවා. ප්‍රදේශයක තියන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග විනාශ කිරීමට පුළුවන් වගේම අවශ්‍ය තරම් බලය යෙදවුවොත් ඇතැම් ඉලෙක්ට්‍රොනික උපාංග පුපුරවා හැරීමටද පුළුවන්.:shocked:




    EMP බෝම්බයේ උපත.



    EMP බෝම්බය හා එයින් කල හැකි හානිය පිලිබඳ සංකල්පය පළමුව උපදින්නේ 1958දි ඇමරිකාව විසින් පැසිෆික් සාගරයේ කරන ලද පර්යේෂණ න්‍යෂ්ටික පිපිරවිමකදී. මෙම පිපිරවිමේදී සැතපුම් සියගණනක් ඈතින් තිබූ හවායි දුපතේ විදුලි බුබුළු දැවී යන ලදී. එමෙන්ම ඔස්ට්‍රලියාවේ රේඩියෝ උපකරණ වලටද බාධා ඇති විය.

    පසුව මේ සිද්ධිය පිලිබඳ වෙනම කල පර්යේෂණයකදී සොයාගැනුනේ ඒ න්‍යෂ්ටික පිපිරවිමේදී පිට වුන අධිබල ගැමා කිරණ, වායුගෝලයේ තිබූ ඔක්සිජන් හා නයිට්‍රිජන් අනු වලින් ඉලෙක්ට්‍රොන ගලවා විසි කර ඇති බවයි. මෙම එකවර නිදහස් වූ විශාල ඉලෙක්ට්‍රොන ප්‍රමාණය පෘථිවියේ චුම්බක ක්‍ෂේත්‍රය හා ප්‍රතික්‍රියා කර අධිබල විද්‍යුත්චුම්භක ස්පන්ධයක් නිර්මාණය කර ඇත.

    e-bomb-photon.gif


    emp_bomb_226.gif

    ඇමරිකාව හා රුසියාව අතර තිබූ සීත යුධ සමයේදී ඇමරිකාව වඩාත් බිය වුයේ ඇමරිකාවේ පොලොව මත පුපුරන න්‍යෂ්ටික බෝම්බයකට වඩා රුසියාව විසින් ඇමරිකානු අහසේ න්‍යෂ්ටික බෝම්බයක් පිපිරවිමයි. මොකද අහසේදී පුපුරණ න්‍යෂ්ටික බෝම්බයකින් ඇතිවන EMP තත්වය විශාල ප්‍රදේශයකට පැතිරිය හැකි නිසා. 50km උඩ අහසේ පිපිරෙන න්‍යෂ්ටික බෝම්බයකට ඇමරිකාවේ අඩක තියන ඉලෙක්ට්‍රොනික උපකරණ වලට හානි කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ ඒ සංකල්පය අලලා පරිඝණක ක්‍රීඩාවක යෙදූ දර්ශනයක්.







    පිරිසිදු EMP බෝම්බ.

    High power microwave bombs(HPMs)


    කාලයත් එක්ක දැන් ලෝකෙ න්‍යෂ්ටික බෝම්බ වලට තියන බය වැඩි වෙලා තියනවා. ඒක නිසා න්‍යෂ්ටික නොවන එහෙත් මෙම EMP සංසිද්ධිය ඇති කල හැකි බෝම්බයක් තැනීමට ලෝකයේ සුපිරි බලවතුන් තරඟ කරනවා.

    අලුත් සංකලපයක් වන High power microwave(HPM) ආයුධය තැනීම නිසා මේ වන විට ඇමරිකාව තරමක් ඉදිරියෙන් සිටිනව. නමුත් මෙය ඉතාමත්ම වියදම් අධික උපකරණයක්. සරලව ඒක ලොකු microwave උඳුනක් වගේ, නමුත් න්‍යෂ්ටික බෝම්බයකින් ඇතිවන electromagnetic pulse එකටත් වඩා ලොකු එකක් කුබියෙකුටවත් හානි නොවන විදිහට ඇති කරන්න පුළුවන්.


    මේ මිළ අධික සංකල්පයකට අමතරව ප්‍රභලත්වය අඩු, නමුත් වියදම අඩු සංකල්පයකුත් තිබෙනව.


    flux compression generator bombs (FCGs)


    picture.php


    මේක වැඩ කරන විදිහනම් බොහොම සංකීර්ණයි. ඒත් සරලව වෙන්නේ මේකයි. ආවරණයක්(Jacket) ඇතුලෙ සන්නායක බටයක්(Armature) වටේට කම්බි දඟරයක්(Stator winding) යනව. මේ දඟරයයි බටයයි ගැවෙන්නේ නෑ. දෙක අතරෙ හිඩසක් තියනවා. අර දඟරය හරහා විද්‍යුත් ධාරාවක් යවන අතරෙ අර බටයේ කොනක ඉඳන් අගට රැල්ලක් යවනව වගේ ඒකාකාරිව පුපුරවනවා. පිපිරවීම නිසා සන්නායක බටයේ කැබලි අධික වේගෙන් අර විද්‍යුතය ගමන් කරන දඟරයේ වැදිලා ඒක ලුහුවත්(Short circuit) කරනවා. පිපිරවීම රැල්ලක් වගේ ගමන් කරන නිසා මේ ලුහුවත් වීමත් රැල්ලක් විදිහට ඉදිරියට ගමන් කරනවා. එතකොට ඒ ලුහුවත් වීම නිසා ඇතිවෙන විද්යුත්චුම්භක තරංග ඒක පිට එක තෙරපිලා අන්තිමට විශාල විද්‍යුත්චුම්භක ස්පන්ධයක් විදිහට අනෙක් කොනෙන් පිට වෙනවා.

    මේකේ වැඩ කරන ආකෘතියක් හදල කියල තාම වාර්තා වෙලා හෝ වාර්තා කරල නෑ. ඒත් හරියට හැදුවොත් වැඩ කරන්න ඕන.:rolleyes:




    දැන් ඉතින් කට්ටියට දළ අදහසක් එන්න ඇතිනේ මේක මොනවගේ ආයුධයක්ද කියල. මේකක් රටක පිපිරුනොත් මුළු රටම කඩන වැටෙනව. සෘජුව නැති උනත් වක්‍රව මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් නැති වෙනවා. මොකද රටක ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඇදවැටෙනව කියන්නෙ ඒ රටේ ඉස්පිරිතාලයක්වත් වැඩකරගන්න බැරි තත්වෙට වැටෙනව.

    empcascadeeffects.jpg


    කොටින්ම කියනවනම්, තාක්ෂණයට වහල් වෙලා ඉන්න අපි, මෙහෙම දෙයක් උනොත් කෙලින්ම වැටෙන්නෙ ගල් යුගයට.:lol:

    අන්තිම කියන්න තියෙන්නෙ කොච්චර සංකීර්ණ උනත්, කොච්චර ලස්සනට හැදුවත් හෝ කොච්චර සිත්ගන්නාසුළු උනත් ආයුධය ආයුධයමයි. ඒකෙ ඇති හොඳක් නෑ.:(


    P.S - උඹල මේවා හදන්න ගිහින් පොලිසියට මාට්ටු උනොත් ඔන්න මම නෑ.:angry::P


    විකිරණ ගැන දැනගන්න ඕනෙනම් මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්න - මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පට්ට පෝස්ට් එක... අලුත් දෙයක් දැන ගත්තා :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූතියි දැණුම බෙදා ගත්තට....

    අර මැලේසියන් වෙස්ල් එකට දුන්නෙත් මේ වගේ එකකින් කියල අපි හිතන නිසා මේක වටිනවාය
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Patta math hadanawa EMP bomb ekak...passe danawa keselwaththata :rofl::P aruge odesk work , I phone okkotama kelawila yanna :lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    patta mchooo

    rep denna baalu "You must spread some Reputation around before giving it to mmaxx again."
     
    Last edited: