අපි (නො)දන්න දුක

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි?

    නිවන හේතු වලින් හටගන්නා ඵලයක් නොවෙන හින්දා අසංඛතයි.
    සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.
    ඇයි නිවන එහෙම වුණේ කියලා නම් දන්නේ නෑ.
    නිවන මවපු හැටි තමයි 😄
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.

    අවිද්‍යා පච්චයා සංකාරා..

    දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා

    රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. විද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නෙමෙයි. අපි දැනගන්න තැනම නිච්ච, අත්ත, සුඛ. අවිද්‍යාව.

    ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.

    පටිපදාව කියන්නේ මාර්ගය. (ආර්ය)

    දුකට හේතුව (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) දැකීමමයි, දුක්ඛ නිරෝධය,
    දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධය,
    දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට වැටීම.

    හතරම එකයි. ඒකශනයෙහි, ඒක චිත්තයෙහි අවබෝධ වෙන්නේ.

    imho,
    ගොන් කම, ගොන්කම විදිහටම හම්බෙන එකමයි (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) ගොන් කම (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ වීම සහ තවදුරට ගොනාට අදින්න බැරි වීම (දුක්ඛ නිරෝධය) සහ ගොන් කම ගෙවී යන මාර්ගයට වැටීම.

    ගොන්කම මේකයි.. කියලා හම්බෙන තැනත් ගොනාට ඇදලම තමයි ඉන්නේ. නිරෝධ වෙන දුකක් මිසක්, නිරෝධ කරන් දුකක් ධර්මයේ නැ.

    thoughts @nipund
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    දැන ගැනීම නෙමෙයි මල්ලි දුක... නැත්නම් "දැක්කා නම් දැක්කා පමණයි" වෙන්නෙ කොහොමද? දැන ගැනීමට එහා ගිය සංකාර දුක්ඛ කියල ස්වභාවයක් තියෙනව... ඒක තමයි ඔය පොත්පත් වලින් වත් දැනුමෙන් වත් අල්ලන්න බැරි. ඒක අල්ලගත්ත නම්, ඒක නිරෝධ කරන පටිපදාව (හෙවත් මග වැඩීම) කරන්න පුළුවන්.

    විස්තර කරන්න pls 🙏
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    කියන්නේ දෙකක් ද 👀
    වෙනස්ම දෙකක්, දැනෙන දුක (වේදනා චෛතසිකය) කියන්නෙ එකක්, දුක්ඛය (ප්‍රඥා චෛතසිකය) කියන්නෙ වෙන එකක්.

    අවිද්‍යා පච්චයා සංකාරා..

    දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා

    රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. විද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නෙමෙයි. අපි දැනගන්න තැනම නිච්ච, අත්ත, සුඛ. අවිද්‍යාව.
    ඒක තමයි කියන්නෙ මල්ලි, දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණ වෙන්න මොකක්ද කරන්න ඕනි? මෙතනින්ම පේනවනේ දැනගැනීම නෙමයි ප්‍රශ්නෙ කියල.
    පටිපදාව කියන්නේ මාර්ගය. (ආර්ය)

    දුකට හේතුව (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) දැකීමමයි, දුක්ඛ නිරෝධය,
    දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධය,
    දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට වැටීම.

    හතරම එකයි. ඒකශනයෙහි, ඒක චිත්තයෙහි අවබෝධ වෙන්නේ.

    imho,
    ගොන් කම, ගොන්කම විදිහටම හම්බෙන එකමයි (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) ගොන් කම (දුක්ඛ ආර්ය සත්‍ය) අවබෝධ වීම සහ තවදුරට ගොනාට අදින්න බැරි වීම (දුක්ඛ නිරෝධය) සහ ගොන් කම ගෙවී යන මාර්ගයට වැටීම.

    ගොන්කම මේකයි.. කියලා හම්බෙන තැනත් ගොනාට ඇදලම තමයි ඉන්නේ. නිරෝධ වෙන දුකක් මිසක්, නිරෝධ කරන් දුකක් ධර්මයේ නැ.

    thoughts @nipund
    ඒක ඇත්ත, ඒත් ඇයි පටිපදාවක් දීලා තියෙන්නෙ කියල පොඩ්ඩක් බලන්න... හමොටම එක පාර රහත් වෙන්න බැහැ ඔන්න ඕක තමයි කිව්වෙ අපි වගෙ අයට අවබෝධය වැඩෙන්නේ ටිකෙන් ටික කියල... පොත බලල අපිත් දාරුචීරිය වගෙ කියල හිතගත්තට වැඩක් නැහැ...
    ------ Post added on Dec 25, 2025 at 9:39 AM

    විස්තර කරන්න pls 🙏
    Online forum එකක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඕක මචන්, මම @Blair Solari ටත් කිව්වෙ ඕක... ලංකාවට ගිය වෙලාවක අපේ ආරාමයට යන්න, ගිහින් හාමුදුරු කෙනෙක් එක්ක 1:1 meeting එකක් දාගන්න - මාත් කලේ මෙහෙම තමයි. Oz ලොකු set එකක් ඉන්නව ආරාමය එක්ක සම්බන්ධ වෙල... ලොකු publicity නැති නිසා කවුරුත් වැඩිය දන්නෙ නැහැ.
    ------ Post added on Dec 25, 2025 at 9:42 AM
     
    Last edited:
    • Like
    Reactions: ozykolla

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    ඒක තමයි කියන්නෙ මල්ලි, දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණ වෙන්න මොකක්ද කරන්න ඕනි? මෙතනින්ම පේනවනේ දැනගැනීම නෙමයි ප්‍රශ්නෙ කියල.

    දැනගැනීම අපේ POV එකෙන් වැරදියි.

    දැනගැනීම සහ අවිද්‍යාව වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ, දැනගැනීම අවුලක් නැ, අවිද්‍යාවක් ඇවිත් වැරදියට දැනගන්නවා.. කියලා. ජාතියම, බවයම දුක ඒකයි.

    දැනගැනීම කියන තැනම අවිද්‍යාව නැත්තම් නිච්ච, අත්ත, සුඛ එකටම තියෙන්නේ පෘථග්ජනයගේ, imho.

    ඒක ඇත්ත, ඒත් ඇයි පටිපදාවක් දීලා තියෙන්නෙ කියල පොඩ්ඩක් බලන්න... හමොටම එක පාර රහත් වෙන්න බැහැ ඔන්න ඕක තමයි කිව්වෙ අපි වගෙ අයට අවබෝධය වැඩෙන්නේ ටිකෙන් ටික කියල... පොත බලල අපිත් දාරුචීරිය වගෙ කියල හිතගත්තට වැඩක් නැහැ...

    රහත් වෙන එකට වඩා ධර්මය අවබෝධ කර ගන්න එක (සෝවාන්) පැත්තෙන් මන් කිව්වේ ඒක.
    පටිපදාව දක්වලා තියෙනවනේ, කෙනෙක් මේක ඇත්ත.. කියලා වලක ඉන්නවනම් එයාට උදව් වෙයි සමහර විට ඉන්න තැන හරිද කියලා ආයේ විමසලා බලන්න.
    ------ Post added on Dec 25, 2025 at 9:48 AM
     
    • Like
    Reactions: nuwan9999

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    වැල හොයන්නයි බණ කියන්නයි දෙකක් බෑ මේකේ
    අන්න උඹට තෙරුනා, මෙකා සොවාන් ලු, බුද්ද දර්මෙ ගැන හෙන හෑලි ලියනවා, හැබයි සමහර කොමන්ට්ස් තියෙනවා සත්ව හින්සාව ට සපෝට් (වඳුරු මරන්න), කොල්ලෙක්ගෙ උරන්න ආසයි කියලා කොමන්ට් තිබ්බා, තව ඔය වගෙ uge verbal principles contradictory දෙවල්, උට මානසික ලෙඩක්. තව තැනක කියලා තිබ්බා සෙක්ස් වලට කලින් මැරෙන්න baya කතාවක් මට මතක විදියට.

    @asliyanage වගෙ එකෙක් කිව්වුවොත් ඌ සොවාන් වෙලා කියලා ගරු කමක් නැ උට ගරු කරන්න හරි පුලුවන්.

    මුට මානසික.ලෙඩක්, බෙහෙත් ගත්තොත් හොඳ වෙයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    අසන්කතයි කියන්න පුලුවන් ලක්ෂණ ටික ගැලපෙන නිසා.
    ඔයාගේ අදහස?

    මොනවද ගැලපෙන ලක්ශන සහ ඇයි ගැලපෙන්නෙ?

    නිවන හේතු වලින් හටගන්නා ඵලයක් නොවෙන හින්දා අසංඛතයි.
    සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.
    ඇයි නිවන එහෙම වුණේ කියලා නම් දන්නේ නෑ.
    නිවන මවපු හැටි තමයි 😄

    ඇයි හේතු පලයක් නොවෙන්නෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    මොනවද ගැලපෙන ලක්ශන සහ ඇයි ගැලපෙන්නෙ?

    න උප‍්පාදො
    න වයෝ
    න ඨීතස්ස

    ඇයි ගැලපෙන්නේ.. කියලා අහන්නේ මොන pov එකෙන්ද?

    ලෞකිකව, පිටකය කියවලා 'මෙහෙම වෙනවා..' කියලා දැනගෙන, *දැනුමට අනුව* නිවන කියන සංකල්පයට ගැලපෙනවා අසංඛතය කියන සංකල්පය.

    ලෝකෝත්තරව, මොනවා, මොනවට, කොහොම ගලපනන්ද..

    ඇයි හේතු පලයක් නොවෙන්නෙ?

    මෙය නොවීම, නිරෝධය වන නිසා.

    මෙය තමයි නිච්ච, අත්ත, සුඛ.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    ඇයි හේතු පලයක් නොවෙන්නෙ?

    ඇයි විශ්වෙ අගක් මුලක් නැත්තෙ
    ඇයි නාම රූප තියෙන්නේ
    ඇයි සත්තු ඉන්නේ
    ඇයි නිවන තියෙන්නේ

    ඔය සේරම මවපු හැටි තමයි 😄
    ධර්මතා

    ආර්ය අෂ්ටාංගික මාර්ග, බෝධිපාක්ෂික ධර්ම ඔය මුකුත් නිවනට හේතු නෙමෙයි

    ඇයි කියලා අහනවා නම් දෙයියො මවපු හැටි කියලා තමයි කියන්න වෙන්නෙ 😄
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    න උප‍්පාදො
    න වයෝ
    න ඨීතස්ස

    ඇයි එහෙම වෙන්නෙ?

    ඇයි ගැලපෙන්නේ.. කියලා අහන්නේ මොන pov එකෙන්ද?

    ලෞකිකව, පිටකය කියවලා 'මෙහෙම වෙනවා..' කියලා දැනගෙන, *දැනුමට අනුව* නිවන කියන සංකල්පයට ගැලපෙනවා අසංඛතය කියන සංකල්පය.

    ලෝකෝත්තරව, මොනවා, මොනවට, කොහොම ගලපනන්ද..

    ලව්කිකවනෙ ප්‍රශ්න අහන්න වෙන්නෙ...

    නිවන කියන එක අසන්කතයක් වෙන්නෙ ඇයි?

    මෙය නොවීම, නිරෝධය වන නිසා.

    මෙය තමයි නිච්ච, අත්ත, සුඛ.

    පැහදිලි මදි? කුමක නිච්ච අත්ත සුක නොවීම?

    ඇයි විශ්වෙ අගක් මුලක් නැත්තෙ
    ඇයි නාම රූප තියෙන්නේ
    ඇයි සත්තු ඉන්නේ
    ඇයි නිවන තියෙන්නේ

    ඔය සේරම මවපු හැටි තමයි 😄
    ධර්මතා

    ආර්ය අෂ්ටාංගික මාර්ග, බෝධිපාක්ෂික ධර්ම ඔය මුකුත් නිවනට හේතු නෙමෙයි

    ඇයි කියලා අහනවා නම් දෙයියො මවපු හැටි කියලා තමයි කියන්න වෙන්නෙ 😄

    දෙය්ය මැව්වනම්...දෙය්යනෙ හේතුව? :P
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    ඇයි එහෙම වෙන්නෙ?

    ලව්කිකවනෙ ප්‍රශ්න අහන්න වෙන්නෙ...

    නිවන කියන එක අසන්කතයක් වෙන්නෙ ඇයි?

    කලින් කිව්වා වගේ, කියවලා තේරුම් ගත්ත විදිහ තමයි මන්.

    ඔයාගේ අදහස මොකක්ද? නිවන අසංඛතය නෙමෙයිද? නෙමෙයිනම්, ඇයි එහෙම කියන්නේ?

    පැහදිලි මදි? කුමක නිච්ච අත්ත සුක නොවීම?

    දැනගැනීම
    ------ Post added on Dec 25, 2025 at 12:22 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Me knowledge auto download wena eka wenai kiyawala terum ganna yana ekai boru wedak neda
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    Me knowledge auto download wena eka wenai kiyawala terum ganna yana ekai boru wedak neda

    ඊයෙ හවස බිපී 130/80
    අඩු වෙලා 😊

    සංඛත උනා නම් අනිත්‍යය වෙන නිසා වැඩක් නැති වෙනවා.

    සංඛත ධාතුව අනිචච්යි කියලා දකින තැන තමයි නිවන, අසංඛතය.
    ------ Post added on Dec 25, 2025 at 12:32 PM
     
    • Like
    Reactions: Yeezus and Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    කලින් කිව්වා වගේ, කියවලා තේරුම් ගත්ත විදිහ තමයි මන්.

    ඔයාගේ අදහස මොකක්ද? නිවන අසංඛතය නෙමෙයිද? නෙමෙයිනම්, ඇයි එහෙම කියන්නේ?

    නිවන අසන්කතයක් කියල තේරුම ගත්තට...නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි කියල කියවල තේරුම අරගෙන තියෙනවද? නැත්තම් හිතල බලල තියෙනවද?

    දැනගැනීම
    ------ Post added on Dec 25, 2025 at 12:22 PM

    නිච්ච සුක අත්ත දැනගැනීමේ නොවීම?

    ->අනිච්ච දුක්ක අනත්ත දැන ගැනීමෙ වීම?

    ඊයෙ හවස බිපී 130/80
    අඩු වෙලා 😊

    සංඛත ධාතුව අනිචච්යි කියලා දකින තැන තමයි නිවන, අසංඛතය.
    ------ Post added on Dec 25, 2025 at 12:32 PM

    තැන කිව්වෙ?
    ------ Post added on Dec 25, 2025 at 12:34 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    නිවන අසන්කතයක් වෙන්නෙ ඇයි කියල කියවල තේරුම අරගෙන තියෙනවද? නැත්තම් හිතල බලල තියෙනවද?

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට නොගන්න නිසා තමයි අසංඛතය කියලා මන් කියන්නේ. ඔව් හිතලා තමයි කොහොමත් කියන්න පුලුවන් වෙන්නෙ ඉතින්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,976
    113
    නිච්ච සුක අත්ත දැනගැනීමේ නොවීම?

    ->අනිච්ච දුක්ක අනත්ත දැන ගැනීමෙ වීම?

    සමාන පද
    පෘථග්ජන දැනගැනීම = නිච්ච, අත්ත, සුඛ = මෙය ඇති විට මෙය වීම

    යථා ස්වභාවය = අනිච්ච, දුක්ඛ, අනත්ත = නිරෝධය

    තැන කිව්වෙ?

    යෝනිසෝ මනසිකාරය
    ------ Post added on Dec 25, 2025 at 12:39 PM