ඔය කාලේ ලංකාවෙ ජනප්‍රියම information source එක උනේ ටෙලිවිශන්, internet තිබුනට බහුලව ව්‍යාප්ත වෙලා තිබුනෙ නැ. දැන්වගේ තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න platform නොතිබුන තරම්. එතකොට ප්‍රධාන ධාරාවේ මතයට වෙනස්, ප්රතිවිරෝධී මත සමාජ ගත වෙන්න තිබුන ඉඩකඩ අඩුයි දැන් ගොඩක් information source තියනවා, පුද්ගලිකව වෙනස් මත දක්වන්න මාධ්‍යය / platform තියනවා එතකොට කලින් අපිට දැනගන්න ලැබුන තොරතුරු අලුත් දැනුමත් එක්ක සසදල අලුත් මත ඇතිවෙනවා. එතකොට සුරිප්පෙරුමල, රාහුලල, හසන්තල බොරු කයිවාරු කාරයො කියල දැනෙනවා.
හැබැයි එකෙන් කියන්න බැ ලංකාවේ සමාජයේ ප්රගමනයක් වෙලා කියල මොකද ලංකාවෙ මිනිස්සු සමාජ මාධය වල දක්වන මත බොහොමයක් ගෝත්‍රික පසුගාම් අදහස්. එවට ඇහුම්කන් දෙන/ පරිශීලනය කරන සමාජයත් එවගෙමයි "යු ටියුබ් එකේ තිබුන", "ඉන්ටනෙට් එකේ තිබුන" කියල ඕනැම දෙයක් විචාරශීලි බවක් නැතුව පිළිගන්නවා. ව්චක්ෂණශීලිව දකින්න තරම් පුළුවන් කමක් නෑ
එක හින්දා තව අවුරුදු 20කින්, දැන් කලින් පරම්පරාව කිච කරන උන්දැලත් හසන්තල, සුරුප්පෙරුමල වෙනවා.