අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනි ඇයි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    අප භාෂාවක් ඉගෙන ගන්නේ ඇයි?

    ඔබට ඕනෑ තරම් ඇහිල ඇති අදටත් මිනිසුන් කතා කරන කොට කියනවා මොකටද සිංහල ඉගෙන ගන්නේ, සිංහල ඉගෙන ගෙන මොනවා කරන්නද, ඉංගිලිසි ටිකක් ඉගෙන ගත්තා නම් තමයි වටින්නේ කියා.

    මං අද කියල දෙන්නම්, සිංහල විතරක් නෙවේ, මොනයම් හෝ භාෂාවක් ඉගෙන ගන්න ඕනේ ඇයි කියන කාරණය. හැබැයි මං උදාහරණ සපයන්නේ සිංහලභාෂාවට අදාළව. එහෙම කරන්නේ අපේ රටේ උදවියට සිංහල ඉගෙන ගැනීමේ වැදගත්කමත් පොඩ්ඩක් පෙන්නවන්න ඕනේ නිසා.

    ඕනෑම භාෂාවකට යම් දේශපාලනික සහ ආර්ථික වටිනාකම් කාලයෙන් කාලයට එකතු වෙනවා. අද ඉංගිලිසි භාෂාවට ලෝකයේ ලැබිලා තියෙන්නේ එහෙම තැනක්. ඒත් ඔබ දන්නවාද එංගලන්තය ප්‍රංශයේ පාලනයට ඍජුව සහ වක්‍රව ගැති වෙලා සිටි 1066 – 1300 අතර කාලයේ එංගලන්තයේ ඉහළ පැළැන්තියේ මිනිසුන් හිතුවේ ඉංගිලිසි භාෂාවෙන් කතා කිරීම හරිම පහත් දෙයක්, ප්‍රංශභාෂාව තමයි උතුම් කියා. ඉංගිලිසි කතා කළේ දුප්පත්, නූගත් ගොවියන්. උතුම් භාෂාව ප්‍රංශ. මේ විදිහට හිතපු එංගලන්තයේ රජවරු පවා අවුරුදු 200ක් පමණ ප්‍රංශභාෂාවෙන් සිය රාජකාරි කටයුතු කළා එමඟින් තමුන්ගේ ලොකුකම පෙන්වන්න. මං මේ කතාව කිව්වේ කාලයෙන් කාලයට භාෂාවකට ආරෝපණය වන දේශපාලන සහ ආර්ථික වටිනාකම් වෙනස් වෙනවා. ඒ නිසා, ඒ මත පමණක් භාෂාවක් ඉගෙන ගැනීමේ වටිනාකම ගැන හිතන්න එපා.

    1. පදවල අරුමය

    ඕනෑම භාෂාවක පද කියන්නේ ඒ භාෂාවේ කාලතරණය තැන්පත් කරන පුළියක් (capsule). පදයක් සමග කතා කරමින් වටයක් ඇවිද්දොත් ඒ පදය අපට විශාල කතාවක් කියා දෙනවා, ඒ පදය භාවිත කළ මිනිසුන්ගේ ඉතිහාසය, ජනජීවිතය, චින්තනපරාසය වගේ දේවල් ගැන. උදාහරණ කීපයකින් මේ කාරණය පැහැදිලි කරන්නම්.

    ඔබ දන්නවා තේකොළ බිහි වෙන්නේ චීනයේ කියා. චීන භාෂාවෙන් මේ ශාඛය හැඳින්වූයේ 茶 ලෙස. මේ චීන අකුර චීනයේ රට මැද සහ උතුරු ප්‍රදේශවල උච්චාරණය කළේ ‘ඡා’ කියලා. මේ නිසා, සේද මාවත ඔස්සේ තේ ව්‍යාප්ත වී ගිය හැම රටකම තේ සඳහා යොදන්නේ මෙන්න මේ ‘ඡා’ කියන පදයෙන් කියැවෙන පදයක්. දැන් ඔබට හින්දියෙන් ‘චායි’ කියනවා ඇහෙන කොට, ඒකෙන් කියැවෙන්නේ උතුරු ඉන්දියාවට තේ ඇවිත් තියෙන්නේ චීනයේ රටමැදින්. ඒත් ෆූජිඇන් පළාතේ වැසියන් මේ පදය උච්චාරණය කළේ ‘තේ’ කියා. මේ නිසා, මුහුදු මාර්ග ඔස්සේ තේ ව්‍යාප්ත වුණු හැම රටකම භාවිත වන්නේ ‘තේ’ යන්නට සමාන පදයක්. සිංහල අපට තේ ඇවිත් තියෙන්නේත් චීනයේ මේ නැඟෙනහිර කලාපයෙන්. ඒකනේ අපත් ‘තේ’ කියන්නේ. දැන් ඉතිං තේ කෝප්පයකුත් ළඟ තියාගෙන ඉතිරි ටිකත් කියවන්න. (මාව දන්න කියන කෙනෙකු හමුවුණොත් අහන්න කෝ ලියනගේගේ තේ බීම කොහොමද කියා... විද්‍යාලංකාරයේ උදවිය නම් දන්නවා වැඩේ...)

    තේ ගෙනාවේ මුහුදෙන්නේ. මුහුදෙන් එන්න ඔරු, පාරු, හෝ වෙනත් සමුද්‍රයාත්‍රා තියෙන්න ඕනේ. ඔබ දන්නවාද හෝමෝ සේපියන් මානවයන් ව්‍යාප්ත වන විට දැනට වසර 50,000කට පෙර ගිණිකොන දිග ආසියාවේ සිටි උදවිය තමයි මුලින්ම මුහුදු යාත්‍රා හදල තියෙන්නේ. අනුමාන කරන්නේ ඔවුන් ඕස්‍ට්‍රේලියාවට ගියේ එහෙම කියල. ඒ කාලෙත් බෝට්ටුවෙන්ම තමයි ඕස්ට්‍රේලියාවට ගිහිං තියෙන්නේ! ඒ කාලේ මුහුදු සීමා අදට වඩා ළඟින් තියෙන්න ඇති.

    කොහොම නමුත් ඔය ජාවා සුමාත්‍ර දූපත්වල වැසියන් අදටත් පාවිච්චි කරනවා වචනයක් ‘පරහු’ හෝ ‘පෙරහු’ කියා කුඩා මුහුදු යාත්‍රාවලට. උණබටවලින් තමා ඒවා හැදුවේ. දැන් ඔබට තේරුණා ද? සිංහල අප ‘පහුර’ කියන පදය භාවිත කරන්නේ මේ උදවිය නිසා. සෙනරත් පරණවිතාන මහතා තමා මේ සම්බන්ධය මුලින්ම හඳුනා ගත්තේ. බතක් තෝබා ජනතාව ‘සොළු’ කියා පදයක් භාවිත කරනවා මේ යාත්‍රාවලටම. මෙන්න මේ පදයේ අතීතරූපය තමා අපට ඇවිත් තියෙන්නේ ‘ඔරු’ කියා. මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන් එකම හේතුව, ඒ උදවිය තමා අපට මුලින්ම මුහුදු යාත්‍රා හඳුන්වා දී තියෙන්නේ. දැන් පේනවා නේ පදයක් දිගේ ගියාම කොච්චර දේවල් හමු වෙනවාද කියා. මේ දෙඩවිල්ල දැන්ම ඉවර වෙන්නැහැ.

    දකුණු පළාතේ භාවිත කරනවා ක්‍රියාපදයක් ‘දොඩනවා’ කියා කතා කරනවා කියන තේරුමට. ඔබ දන්නවා නේද ලෝකයේ වැඩිම පිරිසක් කතා කරන්නේ ඉන්දු-ආර්යභාෂා කියන වර්ගයට අයිති භාෂා කියා. යුරෝපයේ ඈත කෙළවරෙ සිට දකුණු ආසියාවේ ලංකාව දක්වා විශාල භූමි ප්‍රදේශයක මිනිසුන් කතා කරන මේ සියලු ඉන්දු-ආර්ය භාෂාවල මූලික වාක්කෝශය සෑහෙන සම්බන්ධයි. මූලික වාක්කෝශය කියන්නේ සෑම මිනිසෙකුගේ ම එදිනෙදා අවශ්‍යතාවලට භාවිත කරන වාඞ්මාලාවට. කනවා, බොනවා, ඇවිදිනවා, කතාකරනවා වගේ පද. එහෙම බැලුවාම සමස්ත ඉන්දු-ආර්යභාෂා කතා කරන ලෝකයේත් අපේ රටේ අහලපහල ඉන්න දෙමළ, තායි වගේ භාෂා කතා කරන ලෝකයේත් කොතැනකවත් ‘කතා කරනවා’ කියන තේරුමට ‘දොඩනවා’ කියා හෝ ඊට ළඟින් යන ශබ්දයක්වත් භාවිත කරන්නේ නැහැ.

    එහෙම නම් අපට විතරක් ඒක ආවේ කොහොමද? ඒකට එකම හේතුව මේකයි. දැනට වසර 7000කට උඩදී මුහුදු වතුරු වැඩි වීම නිසා ලංකාව සෙසු ලෝකයාගෙන් වෙන් වුණාම ලංකාවේ මිනිසුන් කතා කළ භාෂාව සෙසු ලෝකයා සමග මිශ්‍ර නොවී තිබුණා. එහෙත් කාලයෙන් කාලයට ලංකාවේ උතුරු ප්‍රදේශවලට ඉන්දීය ආක්‍රමණ, සංක්‍රමණ පැමිණීම නිසා ඒ පළාත්වල මිනිසුන් කතා කළ භාෂාව ටික ටික ඉන්දීය නැඹුරුවක් ගත්තා. දකුණට එම බලපෑම ලැබුණේ අඩුවෙන්. ඒ නිසා, අපේ පැරණිම වචන දකුණු පළාතේ ජනවහර ඇතුළේ තැන්පත් ව රැකුණා. කොහොමද වැඩේ. දැන් එහෙමයි කියා දකුණේ අය ආඩම්බර වෙන්න එහෙම එපා.

    තව ගොඩක් තියෙනවා. තව එක කතාවක් විතරක් කට කහනවාට කියන්නම්. ලංකාවේ පැරණිම සෙල්ලිපිවල අපේ රටේ මිනිසුන්ව හඳුන්වන්න සිංහල, සිහළ, හෙළ හෝ වෙනත් කිසිදු පදයක් භාවිත කර නැහැ. හැබැයි දමිළ/ද්‍රවිඩ ජනතාව හඳුන්වපු තැන් තියෙනවා. දන්නවාද ඒ ඇයි කියා?

    මිනිසුන් පදයක් භාවිත කරන්නේ යමක් වෙන් කොට හඳුනා ගන්න ඕනෙ වුණාම. කිසිම කෙනෙකු තමුන්ගේ නම තමුන්ම භාවිත කරන්නේ නැහැ. මගේ නමින් මට කතා කරන්නේ අනෙක් අය. මං මටම නම කියා ගෙන කතා කරන සිරිතක් නැහැ. (ඕන්නං බැරි නැහැ. හැබැයි ඒක සාහිත්‍යය පිණිස මිස වෙනත් දෙයකට නෙවේ.) ඉතිං එදා සෙල්ලිපි ලියපු තැනැත්තාට අපේ රටේ එකා වෙන් කොට හඳුනාගන්න පදයක් තිබුණේ නැහැ. එහෙම අවශ්‍ය වුණෙත් නැහැ. අප ‘සිංහලයන්’ බව අපේ රටේ ලියැවෙන්න කලින් ඉන්දියාවේ සෙල්ලිපිවල ලියල තියෙනවා. පූ. 3 සියවස තරම් පැරණි සෙල්ලිපිවලත් අප ගැන සඳහන් වෙනවා. ඒ මොකද උන්දැලට ඕනේ අපව හඳුන්වන්න නමක්. ඉතිං අපේ සෙල්ලිපිවල දෙමළ/දමිළ කියන නම ලැබෙනවා කියන්නේ අපේ උදවියට ඕනේ වෙලා තියෙනවා ඒ අයව වෙන් කොට දකින්න. ඔන්න ඕකයි ඇත්ත කතාව.
    නාබිය නොදක්වා, සලු ඇඳ බොලට දක්වා, නොපව තන සක්වා කියා ඇඳුම් අඳින්න උපදෙස් දුන්නේ කෝට්ටේ යුගයේ ගැහැනුන් එහෙම පෙන්නගෙන ගිය හින්දනේ, ආයිබෝං... මේකත් ඓහම තමා.

    මෙහෙම කියා ගෙන ගියොත් හිතයි පදවල විතරයි මේ අරුමය තියෙන්නේ කියා. එහෙම නැහැ.

    2. අකුරුවල අරුමය

    අපේ සමහරුන්ට නම් අක්ෂරවින්‍යාසය කියන්නේ මළ ඇණයක්. ඒත් එහෙම හිතන්න එපා. ඒ අකුරු පිටුපස ලස්සන කතා තියෙනවා. දැන් ‘ගෘහිණිය’ කියන පදයේ ‘ණ’ යන්න මූර්ධජනේ. මේ නිසා හැමෝම හිතුවා එහි සිංහල පදය ‘ගැහැණිය’ වෙන්න ඕනේ කියා. ඒත් අපේ පැරණි පුස්කොළපොත්වල අපට නිතර හමු වෙනවා ‘ගැහැනි’ කියන පදය. ඒකට හේතුව සිංහල අපට ඒ පදය ඇවිත් තියෙන්නේ සංස්කෘත ගෘහිණි කියන පදයෙන් නෙවේ, ප්‍රාකෘතභාෂාවල යෙදෙන ‘ගේහිනි’ කියන පදයෙන්. ඒ නිසා තමයි ‘ගැහැනිය’ කියා දන්තජ ‘න’ ලියන්න ඕනේ.

    අම්මපා, මේවා හරිම කම්මැලි කතා නේ. මං මරු කතාවක් කියන්නම්. අපේ පැරණි සෙල්ලිපිවල තියෙනවා ‘සගශ’ කියල පදයක්. සමහර විට, සගස කියලත් ශගශ කියලත් ලියැවුණු තැන් තියෙනවා. මේ ලියන්නේ ‘සංඝස්‍ය’ කියන පදය. ඉතිං ඇයි මේ පදය ලියන විට තාලුජ ශ සහ දන්තජ ස පැටලෙන්නේ. ඒකට විශාල ඓතිහාසික හේතුවක් තියෙනවා. මෙන්න මේකයි කතාව.

    දැනට වසර 7000කට පෙර ඉන්දියාව සහ ලංකාවෙ අතර මුහුදු වතුරු වැඩි වීම නිසා රටවල් දෙක වෙන් වන විට දකුණු ඉන්දියාවේ සහ ලංකාවේ හිටියේ එකම භාෂාවක් කතා කළ එකම ජනතාවක්. හැබැයි දැන් දකුණු ඉන්දියාවේ ඉන්න ද්‍රවිඩ ජනතාව ඒ අයම නෙවේ. හෝමෝ සේපියන් මානවයන් අප්‍රිකාවේ සිට ආසියාවට සංක්‍රමණය වුණේ එක වරම නෙවේ. කාලයෙන් කාලයට අවස්ථා ගණනාවකදීම සංක්‍රමණය වුණා. මේ එන අයත් අප්‍රිකාවේ එකම පළාතකින් ආපු අය නෙවේ. මෙන්න මේ භූගෝලීය වෙනස්කමත් කාල පරතරයත් නිසා කාලෙන් කාලයට සංක්‍රමණය වන ජනතාවගේ භාෂාවල යම් යම් වෙනස්කම් තිබුණා.

    අප ඉන්දියාවෙන් වෙන් වන කාලයේදීම දකුණු ඉන්දියාවට සංක්‍රමණය වන වෙනත් හෝමෝ සේපියන් පිරිසක් සමග ඒ වන විටත් එහි සිටි අපේ මුතුන් මිත්තන් එකතු වෙන්න පටන් ගත්තා. සමහරු එහෙම එකතු වුණේ නැහැ. ඒ අය ටික ටික උතුරු පැත්තට සංක්‍රමණය වුණා මේ පසුව ආ පිරිසට තමුන්ගේ ගම්බිම් බාර දීලා. අර උතුරු පැත්තට ගිය පැරණි මිනිසුන් තමා බෙංගාලය, බිහාර්, ඔරිස්සා වගේ ප්‍රදේශවල පදිංචි වුණේ. මේ නිසා අදටත් බෙංගාලයට යන විට එහි සිටින මිනිසුන් සම්පූර්ණයෙන්ම අප වගේ. එ් අයගේ මුල් භාෂාව වන මාගධී ප්‍රාකෘතයේදී මං අර කියාපු ස යන්න ශ වීම තියෙනවා. සිංහල අපට අදටත් ස ශ ෂ කියල සයනු තුනක් කියන්න බැහැ. අප කියන්නේ ස සහ ශ යන්න විතරයි. බෙංගාලි මිනිසුන්ට අදටත් එහෙමයි. ස සහ ශ විතරයි කියවන්න පුළුවන්. අනෙක් අතට බටහිර ඉන්දියාවේ ඉන්න මරාටි මිනිසුන්ට ස, ශ, ෂ ලස්සනට වෙන් කර කියවන්න පුළුවන්.

    ඉතිං බලන්න අකුරු දිගේ යන්න පුළුවන් දුර.

    අනේ මං හිතුවට වඩා මේක දික් වුණා. අකුරු ගැන තව ගොඩාක් කීවැහැකි. ව්‍යාකරණය ගැන වුණත් එහෙමයි. කළෙවරක් නැහැ දිගින් දිගට හොයාගෙන ගියොත්. ඉතිං කවුරුන් හෝ අහනවා නම් මොකටද සිංහල ඉගෙන ගන්නේ, මොකටද දෙමළ ඉගෙන ගන්නේ වගේ ප්‍රශ්න, උන්දැට තේරුම් කර දෙන්න භාෂාවක් කියන්නේ සන්නිවෙන්දන උපකරණයක් විතරක්ම නෙවේ. ඒක ඇතුළේ තියෙන්නේ වෙන කිසිම විදිහකින් හොයා ගන්න බැරි විදිහේ මිනිසුන්ගේ යටගියාව. ඒ භාෂාව කතා කරන උන්දැලැගේ මුතුන් මිත්තන් හුස්ම ගත් තාලය.

    බර්ට්‍රම් ජී. ලියනගේ

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    දකුණේ උන්ගේ භාෂාව පරණම උන්ගේ භාශාවද? මන් අහල තියෙනවා කොණ්ඩය, බඩ කියන වචන එහෙම පරණම භාෂාවේ වචන කියල. සිංහල වචන නෙවේ කියල
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    200.gif
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    මේ හෑලි කියවන්න වෙලා නැහැ සමරිය දාපං හෙළ මුත්තෙ.
    භාෂාවක් යනු සන්නිවේදන මෙවලමක් පමණක් නොව, ජනතාවක ඉතිහාසය, සංස්කෘතිය, සංක්‍රමණ, චින්තනය හා ජීවන රටාව තැන්පත් වූ උරුමයකි. කාලයත් සමඟ භාෂාවල දේශපාලන හා ආර්ථික වටිනාකම් වෙනස් වුවද, පද, අකුරු හා ව්‍යාකරණ අධ්‍යයනයෙන් අතීත මිනිසුන්ගේ සම්බන්ධතා සහ ජීවන තොරතුරු අනාවරණය කළ හැක. එබැවින් සෑම භාෂාවක්ම ඉගෙනීම වටිනාය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    මට
    සිංහල - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    දෙමළ - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    ඉංග්‍රීසි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    අරාබි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    හින්දි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    උර්දු - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    මලයාලම් - ටිකක් කථාකරන්න පුලුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    මට
    සිංහල - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    දෙමළ - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    ඉංග්‍රීසි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    අරාබි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    හින්දි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    උර්දු - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    මලයාලම් - ටිකක් කථාකරන්න පුලුවන්.
    වයස කීයද බයික් සර්
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    මට
    සිංහල - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    දෙමළ - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    ඉංග්‍රීසි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    අරාබි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    හින්දි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    උර්දු - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    මලයාලම් - ටිකක් කථාකරන්න පුලුවන්.
    යේක මාරයි නානා... මාරයි... (සිරාවටම නියමයි)

    1786190184301.png
     
    • Like
    Reactions: Al Baik

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    මට
    සිංහල - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    දෙමළ - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    ඉංග්‍රීසි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    අරාබි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    හින්දි - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    උර්දු - කථාකරන්න/ කියවන්න / ලියන්න පුලුවන්.
    මලයාලම් - ටිකක් කථාකරන්න පුලුවන්.
    නියමයි ♥️
     
    • Like
    Reactions: Al Baik