දැන් කියලා දෙන්න යන්නේ ඔයිල් ෆිල්ටර් එක මාරු කරන විදිහ.. ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කාල සීමාව manual එකේ දාලා තියනවා. හැබැයි මගේ අදහසනම් එන්ජින් එකේ ඔයිල් මාරු කරද්දිම ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරනවනම් හොදයි.. ඔයිල් ෆිල්ටර් එක වැඩි ගානක් වෙන්නෙත් නෑනේ...
මුලින්ම ඒන්ජින් එකේ තියන ඔයිල් ටික අයින් කරන්න ඕන..
![]()
ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ ගලවන්න ඕන. (මේ ෆොටෝ වල දාලනම් තියෙන්නේ FZ එකක ඔයිල් ෆිල්ටරේ ගලවන විදිහ.. තියන තැන වෙනස් වුනාට කරන්න ඕන දේ ගැන අදහසක් ගන්න පුලුවන්)
![]()
ඊට පස්සේ පරණ ෆිල්ටර් එක අයින් කරන්න ඕන
![]()
![]()
ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ සෙට්වෙන තැන පිරිසිදු රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න
දැන් අලුත් ෆිල්ටර් එක දාන්න
![]()
දැන් ෆිල්ටර් එකේ කවර්එක ආයිත් සෙට් කරන්න තමයි තියෙන්නේ.. මතක ඇතුව බලන්න කවර් එකේ තියන රබර් රින්ග් එක හරියට සෙට් වෙලා තියනවද කියලා.. නැත්නම් ඔයිල් ලීක් වෙයි...
![]()
අන්තිමට මතක ඇතුව එන්ජිමට ඔයිල් දාන්න
![]()
සර්විස් වල මේක කරනවද කියලා අනිවා බලන්න. සමහර එවුන් මේක සර්විස් එකේදි මාරු කරන්නේ නෑ.. මම ඇස් දෙකින්ම දැක්ලා තියනවා බොරැවට මේක දැම්මා කියලා සල්ලි ගන්න අයියලා..
අනිවා බලපන් එන්ජිමට ඔයිල් දානවද කියලා.. මම දන්න එකෙක්ගේ බයික් එකක ඔයිල් ෆිල්ටරේ මාරු කරපු වෙලාවේ එන්ජිමට ඔයිල් දාන්න සර්විස් එකේ එවුන්ට අමතක වෙලා. කි.මී 3 විතරයද්දි එන්ජින් එක හිරවෙලා. බොරලැස්ගමුවේ යමහා ඩීලර් තමා මේක කරේ. අන්තිමට මරාගන්න ගිහින් අන්තිමට උන් බයික් එකක් දුන්නා උගෙන් 10,000 අරන්
boralasgamuwa yamaha dealer maha jara dial eka, boruwata loku ganan kapaa ganne,, uuta nam hena gahanna ona . rep+3





