අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
දැන් කියලා දෙන්න යන්නේ ඔයිල් ෆිල්ටර් එක මාරු කරන විදිහ.. ඔයිල් ෆිල්ටර් එක මාරු කරන්න ඕන කාල සීමාව manual එකේ දාලා තියනවා. හැබැයි මගේ අදහසනම් එන්ජින් එකේ ඔයිල් මාරු කරද්දිම ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරනවනම් හොදයි.. ඔයිල් ෆිල්ටර් එක වැඩි ගානක් වෙන්නෙත් නෑනේ...

මුලින්ම ඒන්ජින් එකේ තියන ඔයිල් ටික අයින් කරන්න ඕන..

x2w5.jpg


ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ ගලවන්න ඕන. (මේ ෆොටෝ වල දාලනම් තියෙන්නේ FZ එකක ඔයිල් ෆිල්ටරේ ගලවන විදිහ.. තියන තැන වෙනස් වුනාට කරන්න ඕන දේ ගැන අදහසක් ගන්න පුලුවන්)

mfdq.jpg


ඊට පස්සේ පරණ ෆිල්ටර් එක අයින් කරන්න ඕන

oqvc.jpg

9rqb.jpg


ඊට පස්සේ ඔයිල් ෆිල්ටරේ සෙට්වෙන තැන පිරිසිදු රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න

දැන් අලුත් ෆිල්ටර් එක දාන්න


ih0l.jpg


දැන් ෆිල්ටර් එකේ කවර්එක ආයිත් සෙට් කරන්න තමයි තියෙන්නේ.. මතක ඇතුව බලන්න කවර් එකේ තියන රබර් රින්ග් එක හරියට සෙට් වෙලා තියනවද කියලා.. නැත්නම් ඔයිල් ලීක් වෙයි...

gq1c.jpg


අන්තිමට මතක ඇතුව එන්ජිමට ඔයිල් දාන්න :D:D:D

o6uf.jpg


සර්විස් වල මේක කරනවද කියලා අනිවා බලන්න. සමහර එවුන් මේක සර්විස් එකේදි මාරු කරන්නේ නෑ.. මම ඇස් දෙකින්ම දැක්ලා තියනවා බොරැවට මේක දැම්මා කියලා සල්ලි ගන්න අයියලා..

‍අනිවා බලපන් එන්ජිමට ඔයිල් දානවද කියලා.. මම දන්න එකෙක්ගේ බයික් එකක ඔයිල් ෆිල්ටරේ මාරු කරපු වෙලාවේ එන්ජිමට ඔයිල් දාන්න සර්විස් එකේ එවුන්ට අමතක වෙලා. කි.මී 3 විතරයද්දි එන්ජින් එක හිරවෙලා. බොරලැස්ගමුවේ යමහා ඩීලර් තමා මේක කරේ. අන්තිමට මරාගන්න ගිහින් අන්තිමට උන් බයික් එකක් දුන්නා උගෙන් 10,000 අරන්

boralasgamuwa yamaha dealer maha jara dial eka, boruwata loku ganan kapaa ganne,, uuta nam hena gahanna ona . rep+3
 

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    දැන් කියල දෙන්න යන්නේ බ්රේක් ඔයිල් මාරු කරන්නේ කොහොමද කියලා.. මේක කරන්න කලින් කියන්න ඕන බ්රේක් කියන්නේ අනිවාර්යය දෙයක් ඒ නිසා මේ දේ කරල බලන්න ශුවර් එකක් නැත්තම් සර්විස් ස්ටේෂන් එකට දීලා කරගන්න...

    බ්රේක් ඔයිල් පේන්ට් ඒකේ ගෑවුනොත් පේන්ට් එකට බඩු බනිස් වෙනවා.. ඒ නිසා පෙට්ටර් ටැංකිය එහෙම ඉටිකොලේකින් වහලා වැඩේ පටන් ගන්න..

    මුලින්ම අපි දැනගන්න ඕන මොන වර්ගේ බ්රේක් ඔයිල් එකක්ද ගන්න ඕන කියලා.. මේක බ්රේක් ඔයිල් දාන තැන කොයලා තියනවා.. එහෙම නැතිනම් පොතේ දාලත් තියනවා...

    මේවැඩේ කරන්න අපිට මේ දෙවල් ඕන වෙනවා....

    1. DOT3 / DOT4 බ්රේක් ඔයිල් බොතලයන් (250ml)
    2. 10mm ring/open end spanner එකක්
    3. 8mm ring/open end spanner ( මේක ඕන වෙන්නේ පිටිපස්ස ඩිස් බ්රේක් තියන බයික් වලට)
    4.screw driver
    5. රෙදි කැලි ටිකක්
    6. රබර් බටයක් ( මේක ගන්නකොට පිරිසිදු අවර්ණ බටයක් ගන්න)
    7. හිස් බෝතලයක් ( මේකට තමයි පරන ඔයිල් ටික අයින් කරන්නේ)

    මතක ඇතුව බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් ගහන්න... :):)

    DOT4 බ්රේක් ඔයිල් බොතලයක්.

    v27h.jpg


    මේ තියෙන්නේ ඉස්සරහා බ්රේක් එකේ මාස්ටර් සිලින්ඩර් එක

    ytx3.jpg


    දැන් මේ පෙන්නලා තියන නට් දෙක ගලවන්න

    btb2.jpg


    දැන් මේ කෑලි ටිකත් අයින් කරන්න ඕන ( මේවට කියන නම් මමනම් දන්නේ නෑ )

    1c9q.jpg


    දැන් මේ රබර් එකත් අයින් කරන්න.

    o31e.jpg

    ceby.jpg


    ඔන්න තියනවා බ්රේක් ඔයිල් ටික :shocked::shocked::shocked:

    vrp6.jpg


    ගලෝපු කෑලිටික පරිස්සමෙන් තියන්න. දැන් තමයි ටිකක් විතර අමාරු වැඩේ තියෙන්නේ..

    මේ පෙන්නලා තියන නට් එකෙන් තමයි ඔයිල් ටික අයින් කරන්නේ..ඒකට දාලා තියන රබර් කප් එක ගලවන්න..

    r5ml.jpg


    ඒකට අපි ගත්ත රබර් බටේ හයි කරන්න

    4rzv.jpg


    දැන් රබර් බටේ අනික් කොනට බෝතලේ තියන්න..

    4sid.jpg


    දැන් අපි ඔයිල් ටික අයින් කරන්න යන්නේ. ඊට කලින් බලන්න මාස්ටර් සිලින්ඩර් එකේ ඔයිල් තියනවද කියලා. අනිවා ඔයිල්තියෙන්න ඕන, නැත්නම් ඔයිල් වෙනුවට සිලින්ඩරේට හුලන් අදිනවා. එතකොට බ්රේක් වැඩ කරන්නේ නෑ. ඒනිසා පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕන..

    දැන් 10mm spanner එකෙන් මේ නට් එක බුරැල් කරන්න.. එතකොට බ්රේක් ඔයිල් එනවා පෙනෙයි..

    v3z9.jpg

    6bvn.jpg


    දැන් ඉස්සරහා බිරේක් එක අඩියටම අල්ලන්න. හැබැයි බ්රේක් එක අබඅරින්න නම් එපා රජෝ..

    qwvf.jpg


    දැන් බ්රේක් එක අතඅරින්නේ නැතුවම අපි බුරුල් කරපු නට් එක ආයිත් තද කරන්න ඕන. නට් එක තද කරාට පස්සේ බ්රේක් එක අත අරින්න..

    yvg3.jpg

    twxg.jpg


    දැන් සිලින්ඩරේ ඇතුලේ තියන ඔයිල් අඩු වෙනකම්ම අර කලින් ‍වගේ කරන්න ඕන.. හැබැයි සිලින්ඩරේ ඔයිල් නැතිවෙනකම්ම කරන්න එපා.. මේ ගානට විතර ආවාම වැඩේ නවත්තන්න ඕන..

    97pl.jpg


    දැන් අලුත් ඔයිල් සිලින්ඩරේට දාන්න..

    w6uz.jpg


    දැන් ආයිත් අර අපි කලින් බුරුල් කරපු නට් එක බුරුල් කරලා කලින් වගේම ඔයිල් අයින් කරන්න ඕන. මේක කරන්නේ පරන ඔයිල් ඔක්කෝම අයින් කරන්න ඕන නිසා. දෙපාරක් විතර මේක කරාම අපිට පෙනවා අලුත් ඔයිල් එනවා. එතකොට වැඩේ නවත්තන්න ඕන..

    bcvq.jpg


    sfif.jpg


    දැන් අඩු ඔයිල් ටික මාස්ටර් සිලින්ඩරේට දාන්න

    qo5g.jpg


    ඔයිල් දාද්දි කට මට්ටමට දාන්න එපා. මොකද තව කෑලි හයිවෙන්න තියෙන නිසා..

    දැන් ගලෝපු කෑලි ටික ඒ විදිහටම හයි කරන්න ඕන..

    wvil.jpg


    දැන් වැඩේ ඉවරයි...

    ඔය තියෙන්නේ ගින්දර වගේ :):):)
    h7rc.jpg


    පිටිපස‍්සේ බ්රෙක් ඔයිල් මාරු කරන්නෙත් ඔය විදිහටමයි...

    pvkc.jpg


    tn8y.jpg


    gyev.jpg


    mrji.jpg


    ip03.jpg


    7vyl.jpg


    k2mn.jpg


    avo6.jpg


    f4u8.jpg


    wyll.jpg


    q8q4.jpg


    nrrv.jpg


    9vhc.jpg



    සැලකිය යුතුයි --

    * බ්රේක් ඔයිල් අයින් කරන නට් එක බුරුල් කරලනම් කිසිම වෙලාවක බ්රේක් එක අත අරින්න එපා. එහෙම උනොත් ඩ්රේක් සිස්ටම් එකට හුලන් අදිනවා. එතකොට බ්රේක් නෑ..

    * බ්රේක් අයින් කරන කොට බ්රේක් සිලින්ටර් එක හිස් වෙන්න දෙන්න එපා.. ඔයිල් අඩුනම් ටිකක් දන්න

    * බ්රේක් ඔයිල් බොතලේ වැඩ්නෙලා ඇරලා තියන්න එපා.

    * අවශ්‍ය කරන ටූල් නැතුව වැඩේ කරන්න එපා.

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩේ නියමයි කොල්ලා.........! දිගටම කරගෙන යමු........!
    සප් එකක් ඕන උනොත් කියන්න...!:cool:
    ජයෙන් ජය...!
    11.gif
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    mchan bajaj discavery 125 ekata oil one 1lter ne. Mata ekek kiuwa 1.25 lter dana kiyala eken bike ekata hodak wenawa da?
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    fatt athread ekak machan me paththata ennath nisa dakke naha.....

    podi deyak machan...ara disk pad ahin karaddi calipers hira wennathiwenna lee kallak ahema thiyenwa neda... umba eka kiyala naha wage...............ewagema pads maru karaddi springsuth maru karoth neda honda............... :yes::yes::yes:
    ++rep

    see this fotos change pads
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • අඩෝ මට මේ වැඩේ කරන්න ඕනේ කමක් තිබ්බ මචන්. උඹ කියන කතාව හරියටම හරි. ඒත් මම bike ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු එකෙක් නෙමෙයි. මම bike එක අරන් තාම අවුරුද්දක් වුනෙත් නෑ. bike එක Discovery 125 එකක්. උඹේ මේ විස්තරේ දැක්කට පස්සේ මටත් හිතෙනවා තනියෙන් පොඩ්ඩක් try එකක් දීල බලන්න. දිගටම විස්තර දාපන්. අපි ඉන්නවා උඹත් එක්ක.
    REP +

    අනිව මචන්... මමත් මෙලෝ හසරක් දන්නෙ නෑ... මගේ පල්සර් 150යක්... මමත් ගත්තෙ අලුතින්.... තාම වොරන්ටි.. ඒඅක් නිසා අත ගහන්නෙ නෑ.... තව ටික කාලෙකින් අනිව මස් කරනව.... සර්විස් කාරයො තනිකර කරන්නෙ බොරුව....
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ ටිකේම හරියට වැඩ.. එ නිසා කාලෙකින් එන්නත් බැරි වුනා.. අද නම් කියල දෙන්න යන්නේ පොඩි වැඩක්. ඒ තමයි කොහොමද බයික් එකට හැසාඩ් ලයිට් සිස්ටම් එකක් හයි කරන්නේ කොහොමද කියලා.. හැසාඩ් කියන්නේ ඩබල් සිග්නල් සිසිටම් එකට :D:D:D

    ගොඩදෙනෙක් මේ ස්විච් එක තමයි දාන්නේ එත් ඉතින් මේක දැම්මා කියලා ඒතරම්ම ලුක් එකක් එන්නේ නෑ කියලා තමයි මගෙනම් අදහස..
    i8bc.jpg


    මමනම් ඔය සිස්ටම් එකට යුස් කරන්නේ මේ සුවිච් එක. මේක හයි කරාම quality එකට තියනවා..
    rudm.jpg


    මේක හයිකරාට කොහොමද රිලේ එකට හයි කරන්නේ කියලා දැම්මේ නැත්නම් වැඩක් නෑනේ. දැන් දාන්න යන්නේ ඒක කරන විදිහ..

    සැයු - මචන්ලා කොයි වෙලාවකවත් බයික් එකේ ඔරිජිනල් වයරින් එක තැන් තැන් වලින් කපන්න එපා.

    මෙන්න ඩයග%ම් එක

    9wqe.jpg


    මෙතන IN 4001 Diode දෙකක් පාචිච්චි කරලා තියෙන්නේ ආරක්ෂාවට.

    අද නම් දාන්න පුලුවන් උනේ පොඩි පෝස්ට් එකක් තමයි.. අද හෙටම තව හොද පෝස්ට් එකක් දාන්නම්. එතකං ඔන්න අපි ගියා...