තෑන්ක්ස් මචන්..
මචෝ මම මෙතන දාන්නේ අපිට ගෙදරදීම කරගන්න පුලුවන් දේවල් ටික. සාදාරන විදිහට සර්විස් එක කරන මිනිස්සු ඉන්නවා මචන්.. ඒත් ගොඩ දෙනෙක් කරන්නේ තනිකර බොරුව.. උදාහරනයක් විදිහට යමහා සර්විස් එක.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා ඒකත් සාදාරණ විදිහට කරන අය..
මම දන්න විදිහට ගල්කිස්සේ , බියගම යමහා සර්විස් දෙකම ගන්න ගානට හරියන සර්විස් එකක් දෙනවා
හරි කාලෙකට පස්සේ අද තමයි අලුත් දෙයක් කියලා දෙන්න වෙලවක් සෙට් වුනේ... අද කියලා දෙන්න යන්නේ කොහොමද Swingarm එකේ බුෂ්, බෙයාරින් ගහන්නේ කියලා.. මේකට පාවිච්චි කරලා තියෙන්නේ Yamaha FZ-16 එකක්. ඒ වුනාට අනිත් බයික් වලත් කරන්නේ මේ වගේම සමාන විදිහකට තමයි.. වැඩි කතා නැතුව වැඩේට බහිමු...
හරි විදිහනම් කි.මී. 12000 වගේ Swingarm එක ගලවලා චෙක් කරලා grease කරන්න ඕන. ඒ වුනත් සර්විස් වල ඉන්න එවුන් කවදාවත් ඕව චෙක් කරන්නේ නෑ. උන් කරන්නේ කේබල් ඔයිල් කරලා, break හදලා, චේන් ඇජස්ට් කරලා, තව පොඩි වැඩ ට්කක් කරන එක විතරයි. ඉන්දියන් ජපන්කියලා වෙනසක් නෑ හරියට පාව්ච්චි කරනවනම් ඉන්දියන් බයික් වුනත් ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්...
මේ වැඩේට අපිට ඕන වෙනවා....
ස්විං ආම් බුෂ් දෙකයි..
![]()
ස්විං ආම් බෙයාරින් දෙකයි. ( සමහර සර්විස් වලින්නම් බෙයාරින් 4 ගහනවා.එතකොට වැඩි කාලයක් අදින්න පුලුවන් )
![]()
ඔයිල් සීල් දෙකයි..( පරන ඔයිල් සීල් එක කැඩිලා නැත්තම් අලුත් ඒවා දාන්න ඕනේ නෑ. පරන එකම දන්න )
![]()
Lithum-based grease එකක් ඕන වෙනවා..
![]()
බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් ගහල තමයි වැඩේට බහින්න ඕන.
![]()
දැන් පිටිපස්සේ ටයර් එක ගලවන්න ඕන..
![]()
![]()
දැන් පිටිපස්සේ එන මඩ්ගාඩ් එක වගේ එන එක ගලවන්න ඕන. 10 mm ඇණ 4 තියනවා ගලවන්න
![]()
![]()
![]()
මේ තියෙන්නේ ගැලව්වට පස්සේ
![]()
දැන් ගියර් පැඩල් එක ගලවන්න ඕන. මේ වැඩේට ඇලන්කිය ක් ඕන වෙනවා..
![]()
![]()
ඊලගට මොනෝ ශොක් එක ගලවන්න ඕන. මේ ඇනේ ගැලවුවාම හරි..( 17 mm ඇණයක් තියෙන්නේ )
![]()
දැන් ස්විං ආම් එක හයිවෙලාතියන ඇනේ ගලවන්න ඕන. මේකනම් ටිකක් බරදාලා කරකවන්න වෙයි. අනිත් එක තියෙන්නෙත් ලොක් නට් එකක්..
![]()
දැන් foot rest එක සෙට්වෙලා තියන එක ගලවන්න ඕන.( 12 mm ඇණ 3 තියනවා)
![]()
දැන් ඉස්සරහා ස්පොකට් කවර් එක ගලවන්න ඕන.. ( 10 mm ඇණ 2 )
![]()
ඊලගට චේන් එක ගලවලා අයින් කරන්න.
![]()
දැන් මෙහෙමයි පේන්නේ.
![]()
ඊලගට මේ රබර් ගාඩ් එක ගලවන්න ඕන..
![]()
![]()
දැන් පිටිපස්සේ බ්රේක් ලයිට් ස්විච් එකට යන ලයින් එක ගලවන්න ඕන.
![]()
![]()
ඔක්කෝම නට් ටික ගැලවුවනම් දැන් නිකම්ම ස්විං ආම් එක ගලවන්න පුලුවන්
![]()
![]()
![]()
හරි දැන් ස්ව්ං ආම් එකේ වැඩේ තමයි තියෙන්නේ
දැන් මේ thrust cover එක ගලවන්න
![]()
![]()
දැන් ස්විං ආම් බුෂ් එක ගලවන්න ඕන. මේක නිකම්ම තද කරාම ගැලවෙනවා
![]()
මේ තියෙන්නේ ස්විං ආම් බුෂ් එක.
![]()
![]()
දැන් ඔයිල් සීල් එක ගලවන්න ඕන. ඔයිල් සීල් එක තියෙන්නේ ස්විං ආම් එකේ ආතුල් පැත්තේ. මේක ගලවද්දි කැඩෙන්නේ නැතිවෙන්න ගලවන්න. එතකොට පරණ එකම ආයිත් දාන්න පුලුවන්.
![]()
![]()
දැන් තමයි ටිකක් අමාරු වැඩේ තියෙන්නේ. ඒ තමයි බෙයාරින් එක ගලවන එක..
![]()
මේකත් හොදයි නැත්නම් භුමිතෙල් ටිකක් දාලත් වැඩේ කරන්න පුලුවන්..
![]()
මේවගේ එකක් පාවිච්චි කරන්න බෙයාරින් එක ගලවන්න. නැත්නම් ලේත් එකකට ගියත් කරගන්න පුලුවන්..
![]()
![]()
![]()
![]()
මේ දේ ගෙදර කරනවනම් මතක තියාගන්න නිකම් බිම තියලා මේ විදිහට කරන්න එපා. ස්විං ආම් එක හීරෙනවා..
මෙන්න බෙයාරින් එක ගැලව්වට පස්සේ.
![]()
මේ විදිහට දෙපැත්තෙම බෙයාරින් ගලවන්න ඕන. දැන් ස්විං ආම් එක භුමිතෙල් දාලා හොදට සුද්ද කරන්න..
![]()
තව චේන්, ස්පොකට් වගේ තැනුත් සුද්ද කරන්න.
![]()
![]()
දැන් බෙයාරින් එක සෙට් වෙන තැන්ටිකේ හොදට Grease ගාන්න.
![]()
බෙයාරින් එක ගහද්දි කෙලින්න මිටියෙන් කෙලින්න එපා. ලෑල්ලක් එගේ එකක් තියලා ගහන්න. අනිත් එක හැම වෙලාවෙම බලන්න බෙයාරින් එක කෙලින්ම සමානව ඇතුලට බහිනවද කියලා. වැඩේ ශුවර් නැත්නම් ලේත් එකකට ගිහිනුත් කරගන්න පුලුවන්. ( මම නම් පලවෙනි පාර මේක කරන්නගිහින් බෙයාරින් 2ක්ම තලා ගත්තා. කොහෙමහරි අන්තිමට වැඩේ ගොඩ දාගත්තා.)
![]()
![]()
![]()
දැන් ඔයිල් සීල් දෙකත් ගහන්න. ( ඔයිල් සීල් සෙට්වෙන්නේ ඇතුල් පැත්තෙන්)
![]()
![]()
හරි දැන් බෙයාරින් ගී%ස් කරන්න.
![]()
දැන් ස්විං ආම් බුෂ් දාන්න
![]()
![]()
දැන් රබර් ගාඩ් එක දාන්න
![]()
දැන් ඉතින් කෑලි ටික හයි කරන්න තමයි තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න් වැඩේ ඉවරයි.