අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    තෑන්ක්ස් මචන්..
    මචෝ මම මෙතන දාන්නේ අපිට ගෙදරදීම කරගන්න පුලුවන් දේවල් ටික. සාදාරන විදිහට සර්විස් එක කරන මිනිස්සු ඉන්නවා මචන්.. ඒත් ගොඩ දෙනෙක් කරන්නේ තනිකර බොරුව.. උදාහරනයක් විදිහට යමහා සර්විස් එක.. හැබැයි ටික දෙනෙක් ඉන්නවා ඒකත් සාදාරණ විදිහට කරන අය..

    මම දන්න විදිහට ගල්කිස්සේ , බියගම යමහා සර්විස් දෙකම ගන්න ගානට හරියන සර්විස් එකක් දෙනවා

    Mchn, okkotama issella bike ekak thiyenna oney neda?
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    හරි කාලෙකට පස්සේ අද තමයි අලුත් දෙයක් කියලා දෙන්න වෙලවක් සෙට් වුනේ... අද කියලා දෙන්න යන්නේ කොහොමද Swingarm එකේ බුෂ්, බෙයාරින් ගහන්නේ කියලා.. මේකට පාවිච්චි කරලා තියෙන්නේ Yamaha FZ-16 එකක්. ඒ වුනාට අනිත් බයික් වලත් කරන්නේ මේ වගේම සමාන විදිහකට තමයි.. වැඩි කතා නැතුව වැඩේට බහිමු...

    හරි විදිහනම් කි.මී. 12000 වගේ Swingarm එක ගලවලා චෙක් කරලා grease කරන්න ඕන. ඒ වුනත් සර්විස් වල ඉන්න එවුන් කවදාවත් ඕව චෙක් කරන්නේ නෑ. උන් කරන්නේ කේබල් ඔයිල් කරලා, break හදලා, චේන් ඇජස්ට් කරලා, තව පොඩි වැඩ ට්කක් කරන එක විතරයි. ඉන්දියන් ජපන්කියලා වෙනසක් නෑ හරියට පාව්ච්චි කරනවනම් ඉන්දියන් බයික් වුනත් ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්...:yes::yes::yes:


    මේ වැ‍ඩේට අපිට ඕන වෙනවා....

    ස්විං ආම් බුෂ් දෙකයි..

    yf3i.jpg


    ස්විං ආම් බෙයාරින් දෙකයි. ( සමහර සර්විස් වලින්නම් බෙයාරින් 4 ගහනවා.එතකොට වැඩි කාලයක් අදින්න පුලුවන් )
    hit0.jpg


    ඔයිල් සීල් දෙකයි..( පරන ඔයිල් සීල් එක කැඩිලා නැත්තම් අලුත් ඒවා දාන්න ඕනේ නෑ. පරන එකම දන්න )
    xffu.jpg


    Lithum-based grease එකක් ඕන වෙනවා..
    2orj.jpg


    බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් ගහල තමයි වැඩේට බහින්න ඕන.
    lhtc.jpg


    දැන් පිටිපස්සේ ටයර් එක ගලවන්න ඕන..
    ga70.jpg

    7bnf.jpg


    දැන් පිටිපස්සේ එන මඩ්ගාඩ් එක වගේ එන එක ගලවන්න ඕන. 10 mm ඇණ 4 තියනවා ගලවන්න
    crv5.jpg

    g605.jpg

    jr94.jpg


    මේ තියෙන්නේ ගැලව්වට පස්සේ
    jilz.jpg


    දැන් ගියර් පැඩල් එක ගලවන්න ඕන. මේ වැඩේට ඇලන්කිය ක් ඕන වෙනවා..
    ztds.jpg

    r2c9.jpg


    ඊලගට මොනෝ ශොක් එක ගලවන්න ඕන. මේ ඇනේ ගැලවුවාම හරි..( 17 mm ඇණයක් තියෙන්නේ )
    g8h5.jpg


    දැන් ස්විං ආම් එක හයිවෙලාතියන ඇනේ ගලවන්න ඕන. මේකනම් ටිකක් බරදාලා කරකවන්න වෙයි. අනිත් එක තියෙන්නෙත් ලොක් නට් එකක්..
    k4vt.jpg


    දැන් foot rest එක සෙට්වෙලා තියන එක ගලවන්න ඕන.( 12 mm ඇණ 3 තියනවා)
    i7vv.jpg


    දැන් ඉස්සරහා ස්පොකට් කවර් එක ගලවන්න ඕන.. ( 10 mm ඇණ 2 )
    z2cs.jpg


    ඊලගට චේන් එක ගලවලා අයින් කරන්න.
    uw2l.jpg


    දැන් මෙහෙමයි පේන්නේ.
    6t2r.jpg


    ඊලගට මේ රබර් ගාඩ් එක ගලවන්න ඕන..
    65b0.jpg

    x4hb.jpg


    දැන් පිටිපස්සේ බ්රේක් ලයිට් ස්විච් එකට යන ලයින් එක ගලවන්න ඕන.
    0wuw.jpg

    6aa2.jpg


    ඔක්කෝම නට් ටික ගැලවුවනම් දැන් නිකම්ම ස්විං ආම් එක ගලවන්න පුලුවන්
    48t3.jpg

    de79.jpg

    f5k1.jpg


    හරි දැන් ස්ව්ං ආම් එකේ වැඩේ තමයි ති‍යෙන්නේ

    දැන් මේ thrust cover එක ගලවන්න
    lbas.jpg

    8xiq.jpg


    දැන් ස්විං ආම් බුෂ් එක ගලවන්න ඕන. මේක නිකම්ම තද කරාම ගැලවෙනවා
    h87m.jpg


    මේ තියෙන්නේ ස්විං ආම් බුෂ් එක.
    i39p.jpg


    0rj2.jpg


    දැන් ඔයිල් සීල් එක ගලවන්න ඕන. ඔයිල් සීල් එක තියෙන්නේ ස්විං ආම් එකේ ආතුල් පැත්තේ. මේක ගලවද්දි කැඩෙන්නේ නැතිවෙන්න ගලවන්න. එතකොට පරණ එකම ආයිත් දාන්න පුලුවන්.
    ix7x.jpg

    t6me.jpg


    දැන් තමයි ටිකක් අමාරු වැඩේ තියෙන්නේ. ඒ තමයි බෙයාරින් එක ගලවන එක..
    npwx.jpg


    මේකත් හොදයි නැත්නම් භුමිතෙල් ටිකක් දාලත් වැඩේ කරන්න පුලුවන්..
    en3x.jpg


    මේවගේ එකක් පාවිච්චි කරන්න බෙයාරින් එක ගලවන්න. නැත්නම් ලේත් එකකට ගියත් කරගන්න පුලුවන්..
    rhwk.jpg

    75xx.jpg

    j8sx.jpg

    hvq5.jpg


    මේ දේ ගෙදර කරනවනම් මතක තියාගන්න නිකම් බිම තියලා මේ විදිහට කරන්න එපා. ස්විං ආම් එක හීරෙනවා..

    මෙන්න බෙයාරින් එක ගැලව්වට පස්සේ.
    doqx.jpg


    මේ විදිහට දෙපැත්තෙම බෙයාරින් ගලවන්න ඕන. දැන් ස්විං ආම් එක භුමිතෙල් දාලා හොදට සුද්ද කරන්න..
    v85b.jpg


    තව චේන්, ස්පොකට් වගේ තැනුත් සුද්ද කරන්න.
    2t8k.jpg

    u3x0.jpg


    දැන් බෙයාරින් එක සෙට් වෙන තැන්ටිකේ හොදට Grease ගාන්න.
    0vko.jpg


    බෙයාරින් එක ගහද්දි කෙලින්න මිටියෙන් කෙලින්න එපා. ලෑල්ලක් එගේ එකක් තියලා ගහන්න. අනිත් එක හැම වෙලාවෙම බලන්න බෙයාරින් එක කෙලින්ම සමානව ඇතුලට බහිනවද කියලා. වැඩේ ශුවර් නැත්නම් ලේත් එකකට ගිහිනුත් කරගන්න පුලුවන්. ( මම නම් පලවෙනි පාර මේක කරන්නගිහින් බෙයාරින් 2ක්ම තලා ගත්තා. කොහෙමහරි අන්තිමට වැඩේ ගොඩ දාගත්තා.)

    qjer.jpg

    azg9.jpg

    u1xc.jpg


    දැන් ඔයිල් සීල් දෙකත් ගහන්න. ( ඔයිල් සීල් සෙට්වෙන්නේ ඇතුල් පැත්තෙන්)
    kebx.jpg

    39y8.jpg


    හරි දැන් බෙයාරින් ගී%ස් කරන්න.
    bdq5.jpg


    දැන් ස්විං ආම් බුෂ් දාන්න
    mz9y.jpg

    u8up.jpg


    දැන් රබර් ගාඩ් එක දාන්න
    95fo.jpg


    දැන් ඉතින් කෑලි ටික හයි කරන්න තමයි තියෙන්නේ
    zkvq.jpg

    xaz1.jpg

    8wfe.jpg

    nch4.jpg

    wety.jpg

    au8k.jpg

    zgf2.jpg

    uv34.jpg

    vvq2.jpg

    cche.jpg

    6rpy.jpg

    7vrw.jpg

    5lrd.jpg


    ඔන්න් වැඩේ ඉවරයි. :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් photos load වෙන්නෙ නෑ... පොඩ්ඩක් බලපන්
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    Brother Supirima wadak rep++++
    Mata dawasak yamaha eke kenek kiuwa chain ekata bumi thel danda epa kiyala ethakota athule thiyana grease rubber wage ewa unu wenawalu. meka atthada mama danne nathi nisa ahanne
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Parana thread ekak unath thatmath api wada gannawa. images mukuth na.
    wena thanakin hoyla dala fix karala meka thawa issarahata karegena yamu.
    jayawewa