From FB ;
මේ කියන්ට යන්නේ මා අසා ඇති දෙයකි.
ලෝකේ ඉතා රසවත්ම දොඩම්, නැත්තම් රසවත්ම දොඩම් වලින් එකක් තමයි ලංකාවේ බිබිලේ දොඩම්. ඒ වගේම ලෝකේ ඇති තවත් රසවත්ම දොඩම් ජාතියක් තමයි ඊශ්‍රායලයේ ජෆ්ෆා දොඩම් කියන්නෙත්.
ඔය ඊශ්‍රායල් කාරයෝ, ලංකාවේ සුභ සිද්ධියක් උදෙසා වූ කර්තවයකට පැමිණෙන ලෙසින්, යම් කිසි රෝගයක් හිතා මතාම (ජානමය විකෘතියක් බෝ කලාද දන්නෙත් නැහැ) ව්‍යාප්ත කරලා තියෙනවා, බිබිලේ දොඩම් වලට. ඉන් පසු මේ වටිනා, දේශීය දොඩම් වර්ගය වඳ වී ගියාය කියනවා.
ඔය වගේ දෙයක් ලංකාවේ ඉතා සාර්ථකව ඇපල් වැවු(මතක හැටිය එතුමාගේ නම මාර්ටින්. ඔහුට කියන්නේ ඇපල් මාර්ටින් වගේ තමා නිච්චි.) පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියාවෙන් හොඳ තෑග්ගක් ලැබුනා. මොහු ඉතා සාර්ථකව ඇපල් වැවු සැටි දන ගෙන ඔවුන් නැවත වවන්ට වෙනත් ප්‍රබෙධයක් ලබා දුන්න නොමිලේම, ආධාරත් ඇතිව. එය වගා කලාට පසු අර පෙර වැවු සියල්ලක්ම වඳ වී ගොස් ඇත. නැවත ඇපල් ගසක් වගා කරන්ටවත් බැරි වී ඇත. මින් කම්පනයට පත් එතුමා, හිත තැවුලින් සියලු වගාවන් අත්හැර දැමුවා කියා කියනවා(මෙය මා බොහෝ කලට පෙර පුවත්පත් ලිපියකින්, මතක ඇති විදිහට බත් පාර්සලයක් බැඳ තිබ් කොළයකින් කියවපු දෙයක්.)