අපේ ගමේ නැන්දා කෙනෙක් හිටියා. එයාට ගමේ හැමෝම කිව්වා සෝමේ නැන්දා කියලා. මේ සෝමේ නැන්දා පොඩි කාලේ ඉස්කෝලේ දී ගුරුවරයෙක් නැගිට්ටවලා සිංදුවක් කියන්න කිව්වලු.
සෝමේ නැන්දා නැගිටලා කිව්වලූ " බුදු අම්මෝ මට බැරියෝ, කළු මිනිහෙක් අත වැනුවෝ " කියලා.
සෝමේ නැන්දා බොහෝම අහිංසක ගමේ ජීවත් වෙච්චි කෙනෙක්. ඉතිං පොඩි දේටත් බයයි. පාරේ යන මිනිස්සුන්ටත් බයයි. ඒ බය වෙච්චි කතාවක් තමයි සිංදුවට කියලා තියෙන්නෙත්.
ශ්‍රී ලංකාවේ අපි සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් දැකලා නෑ. සාර්ථක වෙළෙඳපොළක ආර්ථිකයක ජීවත් වෙලා, ඒ ගැන දැනුවත් වෙලා, අවබෝධ කර ගෙන, වෙළෙඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන ආකාරය කියවා ගෙන නෑ. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන පැහැදිලි කරන්න හරි අමාරුයි.
හැබැයි අපේ අයට අවුරුදු ගාණක් තිස්සේ ඔළුවේ හදපු බයක් තියෙනවා. අධිරාජ්‍යවාදයට හදපු බයක්, ධනයට හදපු බයක්, පුද්ගලික ව්‍යාපාර ගැන හදපු බයක්, වෙළෙඳපොළ ගැන හදපු බයක්. මේ ඔක්කොම බය වල් නිර්මාණය කරලා තියෙන්නේ වාමාංශික දේශපාලන කඳවුරු විසින්. ඒ වේදිකාවල උඩ තියා ගෙන කෑ ගහලා බනින කරුණූ මේ. ඉතිං ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවේ පැළපදියම් වෙලා තියෙන්නේ ඒ කරුණු. ඒ කරුණු වලින් තමයි දේශපාලන සාක්ෂරතාවය හැදිලා තියෙන්නේ.
ඉතිං එහෙම මානසිකත්වයක් තියෙන ජනතාවක් ලෝකෙයේ සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයකට අරගෙන යන එක අමතර අමාරු වැඩක්. මොකද මිනිස්සුන්ව බය කරන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා. රාජ්‍ය දේපළ විකුණනවෝ , මහජන දේපොළ විකුණනවෝ කියලා කෑ ගහපු ගමන් හැමෝමවම අවුස්ස ගන්න ලේසියි. ඊට පස්සේ වැඩේ වෙන එක නවත්ව ගන්නවා. ඒක ඒ වාමාංශික පක්ෂ දේශපාලන ජයග්‍රහණ ලෙස දකිනවා. ඡන්දයකින් දිනන්න බැරි නිසා ඒ වගේ දේවල් වලින් පක්ෂයේ මිනිස්සුන්ව තෘප්තිමත් කරනවා. පැවැත්ම හදා ගන්නවා.
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන අභියෝගයත් ඒක මයි. ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගන්නේ නැතුව අපිට රටේ ආර්ථිකය හදා ගන්න බෑ. ධනය ජනිත කරන්න බෑ. එසේ නොකර මේ අර්බුදයෙන් ගොඩ එන්නත් බෑ.
ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක නිර්මාණය කිරීම තමයි අර්බුදයට විසඳුම. ඒක හදන්න තාමත් වාමාංශික ව්‍යාපාර හරහට ඉන්නවා. ජන මතය ඒකට සූදානම් නෑ. ලෝකයේ දියුණු උන හැම රාජ්‍යයක්ම වාමාංශිකයන්ව පාලනය කරගෙන තමයි මේ ප්‍රතිසංස්කරණ කර ගෙන තියෙන්නේ. වාමාංශික බාදාව ලංකාවෙත් හරි ප්‍රභලයි.
සෝමේ නැන්දා දැකපු කළු මිනිහා වගේ වෙළෙඳපොළ ආර්ථිකයකට වාමාංශිකයෝ බයයි. ධනය ජනිත වෙනවට බයයි. ඒ නිස රටක් හදන්න දෙන්නේ නෑ. එය ජය ගත යුතුයි කෙසේ හෝ.
ලෝකේ ජාතියක් විදිහට පවතින්න නම් නොබියව සටන් කරන්න වෙනවා. නොබියව ලෝකයට විවෘත වෙලා, තරඟකාරීව සටන් කරලා ජය ගැනීමයි එකම විසඳුම. නොදන්න සයුරු තෙරකට යන්න අපි හැමෝම බයයි. නමුත් අපි ඉන්නේ විනාශයක මැද. මෙතනින් එළියට යන්න ඕනේ නොබියව. එවිටයි ලෝකය ජයගෙන දිනන්න පුළුවන් වෙන්නේ.
බය නැතුව වෙනස් වෙන්න.
ලෝකය දිනන්න එන්න.
අපි ශක්තිමත්ව තරඟ කරමු.
පැතුම් කර්නර්
#අලුත්සංධානේ #NewAlliance