අපි හිතනතරම් ලේසිද කොළ බිස්නස්

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    අපි හිතනතරම් ලේසිද කොළ බිස්නස්

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කියලා ගොඩක් අය thread දාලා තිබුණා. මම ලංකාවේ ඉන්න කොට පොඩියට කරපු බිස්නස් 2 විතර කවුද කෙනෙක් ටිකක් ඉස්සර දාලා තිබුණා. මම දැන් කියන්න යන්නේ රටේ වර්ථමාන තත්වයට ගැලපෙන side business එකක් ගලපා ගන්න විදිහ.

    creed කියලා තිබුණා A4 බිස්නස් එක. ඒකට ගොඩක් අය උනන්දුයි කියලා පේනවා. මොකද එයා පෙන්වලා තිබුන ලාභය නිසා. නමුත් ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. උබලා අධෛර්ය කරනවා කියලා හිතනවා නම් මෙතනින් එහාට කියවන්න එපා.

    ඔනේම රටක අත්පිට මුදලට කඩවල් වලින් බඩු ගන්නේ නැහැ suppliers ලාගෙන් . ඒ කියන්නේ කොළ කඩේට දැම්මා සල්ලි ගත්තා කියලා හිතනව නම් එක වැරදී. කොළ විතරක් නෙවෙයි රෙදිපිළි උනත් එහෙමයි. ලංකාවේ තියෙන system එක තමයි. bill to bill සහ bank Cheque. ඔය දෙකෙන් තමයි රෝල ගෙනියන්නේ.

    ඔතන මොන ක්‍රමය භාවිතා කරත් අපිට risk එකක් තියෙනවා.
    සමහර කඩ බංකොලොත්වෙනවා. සමහර කඩවල චෙක් රිටන් වෙනවා.ඒ වෙලාවට පාඩු වෙන්නේ අපිට. උබ කොළඹ ඉදන් ගෙදරට එන ටිකට බඩු කඩවලට දාලා සල්ලි ටික ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ වගේ wholesale බිස්නස් කරන්න එපා.

    සමහර විට අපි 200000SLR ආයෝජනය කලොත් ඒකේ ලාභය එන්න මාස 4 විතර යනවා අඩුම. 200000SLR වලට 35000/= ලාභයක් එනවා නම් ඒක මාසයකට පොඩි ගාණයි එන්නේ. ඊට අමතරව දැන් stationary වලට tax එකක් තියෙනවා.PAL එකත් ගෙවන්න ඔනේ. ඉස්සර තිබුනේ නැහැ.
    ගොඩක් ඉස්සර මගෙ මාමා කෙනෙක්
    ලංකාවට ගෙනාවා ෆෝන් බැටරි චාර්ජර් බර ගාණක්. ගෙම්බා චාජර් කියන එක.කොටුවේ කඩ වලට පොළවල් වල බිස්නස් කරන ගොඩක් දෙනෙක් අපේ මාමා ගෙන් තමයි ගත්තේ. පස්සේ ඒ මිනිස්සු ගෙන්වන්න ගත්තා. අපේ මාමට ඒ supplier ගෙන් කොමිසන් එකක් ලැබුනා ලංකාවේ එක ප්‍රචලිත කරාට. ලාභයේ රස වැටුන මිනිස්සුන්ට අන්තිමට මාමා supplier හඳුන්වලා දීලා නිකන් ඉදලා ගාණක් ගත්තා. හිතන්න පැති ගොඩක් තියෙනවා.

    එහෙනම් මොනවද අත්පිට සල්ලි ගන්න පුළුවන් ව්‍යාපාර? ඒවා තමයි සේවා සපයන ව්‍යාපාර. උදාහරණයක් හැටියට සවුන්ඩ්ස් සපයන දේවල්. උත්සව භාණ්ඩ වගේ දේවල් ගොඩක් ලාභ ලබන්න පුළුවන්. පෙබරවාරි මාසයේ ඇරුණ කොට අනික් හැම මාසෙකට 50000/= විතර හොයන්න පුළුවන්.
    අපිට ලැප්ටොප් එකක් විතරයි ඔනේ වෙන්නේ. ලක්ෂ 2 විතර වෙනකෙට ඉතාමත් හොඳ sounds out එකක් හඳාගන්න පුළුවන්. 2009-2012 වෙනකම් මම සයිඩ් බිස්නස් එකක් හැටියට කරේ ඔක. කාටහරි sounds out එක අඩුම මුදලට හදාගන්න ඔනේ අය ඉන්නවා නම් මම එවන්නම්. ලක්ෂ 2කට අඩුව හඳාගන්න පුළුවන්.

    මම ගොඩක් වෙලාවට reception hotel හොයාගෙන ගිහිල්ලා ඒ දවස්වල කාඩ් එකක් දීලා එනවා.ගොඩක් වෙලාවට දැන් වෙඩින්වල බැන්ඩ් ගහන්නේ නැහැ සංගීත සංදර්ෂන වගේ. 20000/= තමයි වැඩේ කරේ. සමහර දවස්වල 15000/=ටත් කරනවා. වැඩ දෙකක් විතරයි මගෙ ටර්ගට් එක තිබුනේ එක මාසෙකට. සමහර මාස වල වැඩ 10 විතර සෙට්වෙන අවස්ථා තියෙනවා. කොටින්ම කියනවා නම් මම මාස 4 ලක්ෂ 2 කවර් කරා. මට මතකයි 2010 April මාසෙක මම වැඩ 18 භාර ගත්තා 20000/= ගානේ. ඒ මාසෙට විතරක් ලක්ෂ 350000/= හෙව්වා. ඒ සල්ලි වලින් කුරුණෑගලින්

    මටම කියලා TTR 250 බයික් එකක් ගත්තා. 280000/= දීලා.

    මුලින් කරන කොට මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. DJ කොහොමද කරන්නේ කියලා. වෙඩින් වල වාදනය වෙන සිංදු 20 විතර හොයා ගත්තා ඉස්සල්ලාම. වෙඩින් වලදී දවල් 12 විතර වෙනකම් පොඩ්ඩක් ස්ලෝ එකේ තමයි යන්නේ. හැමෝටම සෙට්වෙන සිංදු ටිකක් දාන්න ඔනේ. දවල් 1 විතර වෙනකොට හොඳට නටන්න ඔනේ ඒක නිසා DJ mixed සිංදු සෙට් එකක් තියාගෙන හිටියා. හැම ජාතියකින්ම. හැම වෙලාවෙම ඩොන්ගල් එක ගහගෙන හිටියේ සිංදු කියන අය ආපුවහම youtube එකෙන් දාලා දෙනවා. නැති නම් MIDI files දානවා. .
    පස්සේ මම 15000/= රාගම පැත්තෙන් පරණ DJ console එකක් ගෙනාවත් ඒක මම කරන්න දන්නේ නැහැ. පෙනුමට විතරයි තියාගෙන හිටියේ.
    බෙිස්වලට සර්වේ බින්ස් මම සවුන්ඩ්ස් කරන කෙනෙක් ගාවට ගිහිල්ලා පෙට්ටිය මැනලා ගෙදර ඇවිල්ලා ලෑලි ගෙනත් හැඳුවේ. ඒකට මට 24000/= වියදම් උනා දෙකක් හැඳුවා. මෙහෙ හොරෙන් ඉන්න මෙක්සිකන් කාරයෝ ඔක තමයි කරන්නේ...

    මම කියන්නේ අන්න ඒ වගේ අඩු කාලයකදී වැඩි ගාණක් හොයන දේවල් තමයි කරන්න. අපි රටින් ඇඳුම් ටිකක් ගෙනත් කඩවල් වලට දාලා විකුණනවා කියලා හිතන්න. ලක්ෂ10 විතර බඩු ගේනවා. tax එකත් සැහෙන ගාණක් දීලා clear කරගෙන ආයෙත් කඩවල් වලට බඩ ගාණ්න වෙනවා සර් අපෙන් කෑලි කීයක් හරි ගමු කියලා. උන් කියන්නේ හා දාන්ඩ කියලා. පස්සේ Cheque එකක් දෙනවා මාස 4කට විතර. ඇඳුම් ඇරගෙන යන්න වාහන වියඳම වගේ දේවල් බලපුවහම එච්චර ලාභයක් නැහැ. හැබැයි මැෂින් ටිකක් දාලා මහන්න පුලුවන් නම් ගොඩ යන්න පුළුවන්. මොකද අමුද්‍රව්‍ය වලින් සහ විකුණන මිලෙනුයි දෙකෙන්ම ලාභයක් හොයන්න පුළුවන්.

    මම දන්න අයියා කෙනෙක් ඩෙනිම් බිස්නස් එකක් කරා ලංකාවේ 2008 දී. මිනිහා අනුරාධපුර පැත්තේ ඉදන් ගිහිල්ලා බඩු දානවා. තායිලන්ඩ් වල ඉදන් ගෙන්නුවේ. හැබැයි ගොඩක් lost උනා කඩ කාරයෝ පොලු තියලා. cheque return වෙලා එහෙම.
    වැලි තොටුපලක් කරන එක සහ වැලි ප්‍රවාහනය කියන දෙයත් අධික ලාභ ලබන බිස්නස් තමයි. ටිපර් එකක් ෆිනැස් කරලා ඇරගෙන කරන්න පුළුවන්.
    දැනට රටේ තියෙන තත්වය අනුව නම් සේවා සපයන
    බිස්නස් වලට තමයි ගොඩක් තැන තියෙන්නේ. රිස්ක් එක ගොඩක් අඩුයි. ඒක ගැනත් හිතලා ඔයාලා මහන්සියෙන් උපයාගත් සල්ලි වියඳම් කරන්න.
     
    Last edited:

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    Aththa machan. Shop ekak karana nisa dannawa. Aluth un kiyak nam enawada badu aran. ganne ne. mokada godak un patan aran tika dawasak gihin ath arinawa. gaththath ganne nayata.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ®plus machan
    11.gif
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මාසෙක මම වැඩ 18 භාර ගත්තා 20000/= ගානේ,ape paththe 10ta15ta 3 piece gahanawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476

    මමත් A4 බිස්නස් එක ගැන කියෙව්වා එකේ මුකුත් නොලියා හිටියට මේකේ ලියන්න හිතුණා
    මම අවුරුදු 4 hardware ඒකක් side බිස්නස් එකක් විදිහට කරා. චෙක් වල රගේ දන්නේ එතකොට. මේකේ ඉන්න එවුන් තාම BR එකෙක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්.
    creed ගේ සත්ව කරුණාවේ රහස තියෙන්නේ උඩ රතුපාටින් පාට කරලා තියෙන කොටසේ
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    වැලි තොටුපලක් කීවේ ගඟෙන් වැලි ගොඩ දාන තැනක් ද? ඒවාට අවසර ගන්න බැහැ නේද ?
     
    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මචං මම කොන්ඩෙ කපන කෝස් එකක් කරන්න ඉන්නෙ.දන්නවද හොද තැනක් කොස් එක පටන්ගන්න.ව්කෙන්ඩ් ක්ලාස් තියෙන.
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    මමත් A4 බිස්නස් එක ගැන කියෙව්වා එකේ මුකුත් නොඉය හිටියට මේකේ ලියන්න හිතුණා
    මම අවුරුදු 4 hardware ඒකක් සිදේ බිස්නස් එකක් විදිහට කරා. චෙක් වල රගේ දන්නේ එතකොට. මේකේ ඉන්න එවුන් තාම BR එකෙක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්.
    creed ගේ සත්ව කරුණාවේ රහස තියෙන්නේ උඩ රතුපාටින් පට කැටල තියෙන කොටසේ

    කවුරු උනත් බිස්නස් එකක් කරන්නේ වාසි ගන්න. ඉතින් එක එකා ඒකට අනුව අනුවර්ථනය වෙනවා මචං. ගොඩක් වෙලාවට තමන්ගේ බිස්නස් එක කරනවට කවුරුත් කැමති වෙන්නේ නැහැ.
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    මචං මම කොන්ඩෙ කපන කෝස් එකක් කරන්න ඉන්නෙ.දන්නවද හොද තැනක් කොස් එක පටන්ගන්න.ව්කෙන්ඩ් ක්ලාස් තියෙන.
    නාරාහේම්පිට VTA එකට යන්න. NVQ level දෙනවා.
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    මාසෙක මම වැඩ 18 භාර ගත්තා 20000/= ගානේ,ape paththe 10ta15ta 3 piece gahanawa

    මචන් මිනිස්සුන්ට දැන් ඉස්සර වගේ බෑන්ඩ් ගැහිල්ලක් උවමනා නැහැ. මිනිස්සුන්ට ඔනේ දේ වෙනවා නම් උබට ඉල්ලුම තියෙනවා. මට හැම මාසෙකම එක වැඩක් සෙට් වෙලා තිබුණා විශ්‍රමික සමිතයකින්. තනිකරම 60s,70s සිංදු විතරයි අහන්නේ. ඉතින් ඒක මම කරන්නේ 10000/=ට
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    වැලි තොටුපලක් කීවේ ගඟෙන් වැලි ගොඩ දාන තැනක් ද? ඒවාට අවසර ගන්න බැහැ නේද ?
    පතල් සහ කැණීම් අංශයේ ලියාපදිංචි වෙන්න ඔනේ. නැතුව හොරෙන් දාන්න බැහැ.