අපි හොඳ සිහියෙන්ද පාරේ යන්නේ...??
අද අපේ රටේ තරුණ පරපුර අතර ජංගම දුරකතන භවිතය ගොඩක් ඉහල ගිහිල්ලා තියෙනවා... බොහෝ වේලාවට අපේ තරුණ තරුණියන් මේවා භාවිතා කරන්නේ දුරකතන ඇමතුමක් ගන්නම නෙමෙයි. සිංදු අහන්න... ඡායාරූප ගන්න.. අන්තර්ජාලයේ සැරිසරන්න වගේ දේවල් වලටත් එක්කයි... මෙකෙන් බහුලවම කරන දේ තමයි සිංදු අහන එක.. මේකට සමහරුන්ට තැනක් නොතැනක් නෑ.. මහ පාරේ වුනත් hands free එක හරි head phone එක හරි කනේ ගහගෙන මහ හයියෙන් සිංදු දාගෙන යනවා.. මෙහෙම යන වෙලාවකට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිද්ඳ වෙන දෙයක් කියලා කවුරුවත් හිතුවද..?? මට මේක ලියන්න හිතුනේ මේ ලඟදි වුන සිද්ධියක් නිසා.. ඒක මෙහෙමෙයි..
මෙක සිද්ධ වුනේ දුම්රිය ස්ථානයක්දී.. එක්තරා තරුණයෙක් තමන් පැමිණි දුම්රියෙන් බැහැලා අනිත් දුම්රියට මාරු වෙන්න දුම්රිය ස්ථානයේ ඉඳලා... මේ අතරෙදි යම් කිසි අවශ්යතාවයකට මේ තරුණයා දුම්රිය පාරෙන් අනිත් පැත්තේ පිහිටි කඩයට ගිහිල්ලා.. කඩෙන් එලියට එන්න තියෙන්නේ දුම්රිය මාර්ගය පැනලා.. මේ කඩේ දුම්රිය ස්ථානය අයිනෙම තියෙන කඩයක්. මේ තරුණයා කඩෙන් එලියට ඇවිත් දුම්රිය මාරගය පනිනකොට අනිත් පැත්තෙන් සීග්රගාමී දුම්රියක් අවිල්ල තියෙනවා ඒ මාර්ගයෙම.. අවට හිටපු අය කෑ ගහද්දි.. දුම්රිය එක දිගට නලාව ශබ්ද කරද්දිත් මේ තරුණය පාර පැනලා... එක මොහොතයි ගියේ මේ දුම්රියේ ගැටුන තරුණයා විසිවෙලා ගිහිල්ලා බිම වටුනා... දුම්රිය තවත් දුර ගිහිල්ල නැවතුනා.. බලනකොට අර තරුණයා එතනම මිය ගිහින්... කට්ටිය හොයලා බැලුවා ඇයි මේ තරුණය දුම්රිය පාරට මිනිස්සු එපා කියද්දිත් ආවේ කියලා... බලනකොට ඒ තරුණයගේ කන් දෙකේ hands free එකක්.. තාමත් ගීත වාදනය වෙනවා.. මහ හය්යෙන්.. වෙලා තියෙන්නේ ඒ තරුණයාට මේ ශබ්ද මුකුත් ඇහිලා නෑ.. අහන් හිටපු ගීත වල ශබ්දය ඊට වඩා වැඩියි. කොහොමත් දැන් තියෙන ear phone නිශ්පාදනය කරලා තියෙන්නේ ශබ්දය පිටට නොයන්න... මුලු කනම වැහෙනවා ඒවා දාගත්තහම... එතකොට පිට වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ... ඒ වගේම මේ තරුණය තමන් ඉන්නෙ කොහෙද කියලා සිහි කල්පනාවකින් නෙමෙයි ඉඳලා තියෙන්නේ... අඩුගානේ පොඩ්ඩක් කල්පනාවෙන් හිටියනම් වටපිට බැලුව නම් පේනවා දුම්රියක් එනවා කියලා.. අවුරුදු 23 ක වටින ජීවිතයක් නිරපරාදේ නැති වුනා...
මම මේක අපේ යාලුවන්ට කිව්වේ අපේ අයත් ගොඩක් වෙලාවට පාරේ යනකොට මේ වගේ hands free කනේ ගහගෙන... එහෙම නැත්නම් phone එක කනේ තියාගෙන වගේ වගක් නැතිව යනවා.. තමන් පාරේ යනකොට කොහෙන යනවද.. කවුද තමන්ගේ පිටිපස්සෙ එන්නේ.. අවට මොනවද සිද්ධ වෙන්නේ කියල කල්පනාවක් නෑ.. එහෙම නැත්නම් sms එකක් ගගහා තනියම හිනාවෙවී phone එක දිහා බලාගෙන ඔහේ යනවා.. හිතන්න එපා පාරේ යන හැම කෙනාම හොඳ මානසිකත්වෙකින් අවධානයකින් යනවා කියලා... එක තත්පරයක අතපසු වීමක් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවන සිදුවීමක් වෙන්න පුලුවන්...
සමහර විට මෙහෙම කතා කර කර යන්නේ තමන්ගේ පෙම්වතා/පෙම්වතිය එක්ක වෙන්න පුලුවන්.. හිතන්න.. ඔබට මොනවා හරි වුනොත් ඔහු/ඇය කොච්චර දුක් වෙයිද..?? තමන් සමග දුරකතනයේ කතා කරපු කෙනා තමන් සමග කතා කරපු හේතුව නිසාම මහ පාරේ මැරුනොත් ඒක දරා ගන්න පුලුවන්ද..?? අපි පාරේ ඇවිදිනකොට බොහොම අවධානයෙන් යන්න ඕනේ.. අපි කොච්චර කල්පනාවෙන් ගියත් අපිට අනතුරු සිද්ධ වෙනවා... ඉතින් එහෙම එකේ අපි බිහිරන් සේ පාරේ ගියොත් යමක් වෙනකන් අපි දන්නෙත් නෑ. කෙනෙකුට අපිව බේරගන්න ලැබෙන්නෙත් නෑ.. මම අනන්ත අත්දැකලා තියෙනවා ගොඩාක් අය පාරේ ජංගම දුරකථනය කනේ ගහගෙන මෙලො වගක් නැතිව යනවා.. ඔවුන් ඉන්නේ තමන් යන මාර්ගය ගැන කල්පනාවෙන් නෙමෙයි.. ඔවුන්ගේ ඔලුවේ තියෙන්නේ දුරකථන සංවාදය විතරයි... වතවක් "අපි නොදන්න live" වැඩසටහනේ මේ වගේ දර්ශන පෙලක් විකාශය කරා.. විහිලුවක් වුනත් ඒක ඇත්ත තත්වයක්..
මම අපේ එලකිරි යාලුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පාරේ යනකොට... දුම්රිය ස්ථානයේදී.. පොදු ස්ථාන වලදී මේ විදිහට ජංගම දුරකතන.. mp3 player,iPod වගේ දේවල් වලින් ගීත අසමින් යන එකයි.. දීර්ඝ දුරකතන සංවාද වල යෙදෙන එකයි නවත්තන්න.. අනතුර කොයි වෙලේ අපි ලඟට එනවද දන්නේ නෑ...
මෙය කිසිම blog එකකින් ලබා ගත් එකක් නොව මා ලියූ එකක් බව සලකන්න.. උපුටා ගන්නේ නම් එලකිරි.කොම් යෙන් ගත්තා කියා දැමීමට සදාචාරාත්මක වන්න..
.

: