අපි_ක්‍රිකට්_ඉගෙන_ගනිමු

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපි_ක්‍රිකට්_ඉගෙන_ගනිමු

    අපි කවුරුත් හෙටින් ආරම්භ වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ලහි ලහියේ සූදානම් වෙනවා.
    icccricketworldcup2011s.jpg


    ඉතින් මේ අතරෙ මම හිතුවා මගේ එලකිරි යාලුවන්ට වැදගත් දෙයක් දෙන්න ඕනි කියලා.අපි කවුරුත් ක්‍රිකට් ගැන කතා කරාට ක්‍රිකට් ගැන හරියටම දන්නෙ කීයෙන් කී දෙනාද? ඉතින් මේ ලිපිය ක්‍රිකට් වලට ආදරේ කරන කාටත් වැදගත් වේවි.
    :yes::yes::yes:

    මේකෙ තියෙන සියලුම කරුණු මම තනියෙන් ලියපුවා.මේවා ලියන්න මම විකිපීඩියාවෙන් උදව් ගත්තා..
    කියවල බලල කමෙන්ටුවක් දාලා යන්න. රෙප් ++ දුන්නත් වරදක් නෑ ඉතින්....

    :):):):)


    ක්‍රිකට් යනු පිත්තක් සහ පන්දුවක් සමග කරන කන්ඩායම් ක්‍රීඩාවකි.ඕවල් හැඩැති එලිමහන් ප්‍රදේශයක හෙවත් ක්‍රිකට් ක්‍රීඩාoගනයක මෙම තරඟ පවත්වනු ලබයි.
    ක්‍රීඩා පිටිය මැද යාර 22ක් පමන දිගකින් යුතු සෘජුකෝණාස්‍රාකාර ‘පිච්’ නම් වූ විශේෂ ප්‍රදේශයක් දක්නට ලැබේ.මෙම ක්‍රීඩාව සිදුකරනු ලබන්නේ එහි සිටයි.

    ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ සාමාජිකයින් 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි. එක කන්ඩායමක් පන්දුවට පහර දෙමින් හැකිතාක් ලකුනු රැස් කරනු ලබයි.අනෙක් කන්ඩායම පන්දු යවමින් සහ පන්දු රකිමින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් දවා ගැනීමට උත්සහ කරයි.
    පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් ලකුණු ලබා ගන්නේ පිච් නැමැති කොටසේ විරුද්ධ අන්තයට දිව යමිනි.එහි ඇති සීමා ඉර පසු කල විට ලකුනක් හිමි වේ. මීට අමතරව 6 සහ 4 බැගින් ලකුනු ලබා ගැනීමට ක්‍රීඩාoගනයේ පිටත සීමාවෙන් ඉවතට පන්දුව යොමු කල යුතු වේ.
    ඉනිම අවසානයේ පන්දුවට පහර දුන් කන්ඩායම පන්දු යවන අතර අනෙක් කන්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රීඩාවේ ඕවර 20 ඕවර 50 සහ ටෙස්ට් තරඟ ලෙස ප්‍රභේද ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාවට අදාල නීති සම්පාදනය කරනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.
    ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදු වන්නේ 16 වන සියවසේ දකුණු එoගලන්තයේදීය. 18 වන සියවස වන විට එය එoගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්විය. 19 වන සියවස වන විට අන්තර්ජාතික තරඟ ආරම්භ විය.
    මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යටතේ රටවල් 105ක් පමන ලියාපදිoචිව ඇත.



    තරඟ නීති රීති

    ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි.
    තරඟ පවත්වන ක්‍රීඩාoගනය තණකොල වලින් ආවරනය වී තිබිය යුතුය. එමෙන්ම මුලු ක්‍රීඩාoගනයම වල ගොඩැලි නොමැතිව එකම තලයක තිබිය යුතුය. ක්‍රීඩාoගනයෙහි විශ්කම්භය යාර 150-160 විය යුතුය. ක්‍රීඩාoගනයෙහි පිටත ලකුනු 6 , 4 සීමාව දක්වා තිබිය යුතුය.

    545pxcricketfieldpartss.png


    පිච් කොටසෙහි සීමා දෙක අතර දුර යාර 22 කි. සීමාව සහ විකට්ටුව අතර දුර සෙන්ටිමීටර 122 කි. වයිඩ් සීමා දෙක අතර පලළ සෙන්ටිමීටර 264 කි. පිච් කොටසෙහි පලළ සෙන්ටිමීටර 305 කි. විකට්ටුවට සමාන්තරව පන්දු යවන්නාගේ සීමාව සටහන් කොට ඇත.

    pitcha.png


    විකට්ටුව එක හා සමාන ඉනි තුනකින් සහ බේල්ස් දෙකකින් සමන්විත වේ. විකට්ටුවෙහි උස සෙන්ටිමීටර 71 ක් පමන වේ.මැද ඉන්න පිච් කොටසෙහි හරි මැද සිටුවා තිබිය යුතුය.ඊට දෙපසින් අනෙක් ඉනි දෙක සිටුවනු ලබයි.

    cricketstumps.png


    ක්‍රිකට් පිත්ත ලීයෙන් නිමවා තිබිය යුතු අතර මුවහත් අග්‍ර 2 සහ සිලින්ඩරාකාර මිටක් තිබිය යුතුය. අග්‍ර අඟල් 4.25 කට නොවැඩි විය යුතු අතර පිත්තෙහි දිග අඟල් 38කට නොවැඩි විය යුතුය.

    cricketbat.jpg


    පන්දුව ඝනකම් ලෙදර් වලින් නිමවා තිබිය යුතුය.වටප්‍රමාණය අඟල් 9 කි.පන්දුව පැයට කි.මි. 140 කට වඩා වේගයෙන් වුවද ‍යැවිය හැකිය.එම නිසා සෑම පිතිකරුවෙකුම සම්මත ආවරණ පැලඳිය යුතුය.

    මීට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ප්‍රකාශයට පත් කොට ඇති තරඟ නීති වලට අනුකූලව තරඟය පවත්වන්නේදැයි නිරීක්ෂනයට විනිසුරු වරුන් සහ තරඟ තීරක වරුන් සම්බන්ධවේ.

    ක්‍රීඩාoගනය තුල පන්දු රකින්නන් රැඳවිය හැකි ස්ථාන සහ පිතිකරුවන්ට පන්දුවට පහර දිය හැකි ආකාරය දැක්වෙන රූප සටහන් පහත දැක්වේ.


    cricketpositions.png



    svg2raster.jpg


    :) :) :) :) :) :) :) :) :) :)
     
    Last edited: