අපෙ රටෙ ආගම් කෝ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අපෙ රටෙ ආගම් කෝ ?

    තවත් කතිකාවතක්.

    අපෙ රටෙ ආගම් කියලා තියෙන්නෙ ලොකෙ ප්‍රධාන ආගම් 4 නෙ ?
    මොන මොන කොටස කියල එක එක නම් වලින් අර නිකාය මෙ නිකාය කි‍යලා තිබ්බාට කුමක් හො ප්‍රධාන ආගම් 4 න් එකකට තමා අපෙ කට්ටිය වැටෙන්නෙ.
    මෙ ප්‍රධන ආගම් 4 රම අපිට පිටින් ආපු එව්වානෙ ? මෙව්වා අපෙ රටෙ එව්වා නෙමෙ.
    ඒ වගෙම මෙ ආගම් ව්‍යාප්තිය තුළ යම් දෙශපාලන න්‍යාය පත්‍රයක් අනිවාර්‍යෙන්ම තිබුණා .
    බුද්ධාගම ඉන්දියාවෙන්, කිතුණු ආගම ආවෙ බටහිරයන්ගෙන්(පෘතුගීසි ,ලන්දෙසි ඉංග්‍රිසි ).ඉස්ලාම් ධර්මය ඉන්දිය තමිල්නාඩු ,මලයාලි වෙලඳන්ගෙන්, හින්දු ආගමත් හින්දු ආක්‍රමණික පාලකයන්ගෙන් .
    එත් අපෙ රටෙම හැදුණු ආගම් වලට මොකද උනෙ ? මන් මැතක කරපු පොඩි රිසර්ච් එකකට අනුව ඒ ඒ රටවල් වල ඒ ඒ ප්‍රදෙශ වලට ආවෙණික ආගම් තිබිලා තියෙනවා සහ තවමත් ගොඩක් රටවල තියෙනවා.
    චීනෙ නම් දාඔඉස්ම්, කොන්ෆියුසියසිම්... කොරියාවෙ නම් කොරියන් සෙමනිසම්,ජපානෙ නම් ෂින්ටො,
    ඉරානෙ සොරොස්තානිසම්, ආදි වශයෙන් .
    ඔය ලොකෙ ප්‍රධාන ආගම් 4 ත් ඒ ආගම් වල නිජ බිම වෙච්ච ප්‍රදෙශයට ආවෙණික ආගම් තමා. දෙශපාලනික ක්‍රියාදාමයන් වලට පින්සිද්ධ වෙන්න තමා එව්වායෙ ව්‍යාප්තියෙ ,කඩාවැඩීම තීරණය උනෙ ?

    අපිට නම් උගන්වන්නෙ මිහිඳු හාමුදුරුවො වඩින්න කලින් මෙහෙ මිනිස්සු ගස් ගල් වන්දනාවෙ නිරතවෙලා හිටියා කියලා .
    එහෙනම් එසෙ ගස් ගල් වන්දනාවෙ නිරත වෙච්ච මිනිස්සු හිටිය රටක බුදුන් තෙවරක් වැඩියෙ ඇයි ? තපස්සු භල්ලික වෙලෙඳන් ගිරිහඬු සැය වල් හැදුවෙ ඇයි ?
    අපිට මෙහෙම ඉගැන්නුවාට ඉන් පෙර අපෙ රටට ආවෙනික වෙනත් ආගමික ලක්ෂණ වලට ආසන්න වශයෙන් සමාන දියුණු ආගමක් පැවතියා වෙන්ට බැරිද ?

    සංවාදයට විවෘතයි

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන රටවල හෝ වෙන ආගම කලාවගේ පවතින ආගමට පහරදීල අදහන්නන් ඝර්තනේ කරලා මර්දනය කරලා ආගමික ස්ථාන විනාස කරලා නෙමෙයි මිහිදු හාමුදුරුවෝ බුදුදහම මෙරට ස්ථාපිත කලේ . එනිසා උන්වහන්සේ වඩින්න කලින් අපේ රටටම අවේනික ආගමක් තිබ්බනම් එකේ සුළු හෝ ලක්ෂණයක් අදටත් ඉතුරු වෙන්න ඕන .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉල ඇදෙන මාතෘකා.. රෙප්කැපෙන සීන් ඉතින් කිව්වැකි..

    මුලින්ම කියන්න ඔනා ලන්කාවේ කියලා ලන්කාවට අවෙනික කියලා තියෙන්නේ බොහොම සුලු ජාති විතරයි. ගහකොල සතා සිව්පාවා ඉදන් ආගම සන්ස්කෘතිය වෙනකන් තියෙන්නේ පිටස්තර දේවල් තමයි..
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මිනිස්සු ආගම් හදා ගන්න පටන් ගත්තේ ලොකු ශිෂ්ඨාචාර හැදුවට පස්සේ, ඒ කියන්නේ සැහෙන ගල් යුගයෙන් පස්සේ, වගා කරගෙන ජිවත් වෙන්න පටන් ගත්තට පස්සේ.
    මොකද එතකොට තමයි මිනිස්සුන්ගේ ගෝත්‍ර, සමාජ, වගේ හැදුනු පිරිස් වලට ආහාර සුරක්ෂිතතාවය, ආරක්ෂාව ඇති වෙලා, වෙනත් දේවල් ගැන හිතන්න වෙලාව හම්බුනේ.
    ඉතින් ඉක්මනට මෙහෙම ප්‍රමාණයෙන් ලොකු වගාකරගෙන ඉන්න පුළුවන් ප්‍රදේශ වල හැදුනු ශිෂ්ඨාචාර වල තමයි මුල්ම ආගම් ලොකුවට හැදෙන්න පටන් ගත්තේ
    මේවට ඉතින් අවුරුදු දහස් ගණනක් යන්න ඇති.
    ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ගත්තොත් ප්‍රමාණයෙන් ඉතා විශාලයි, ලොකු වගා බිම් තිබුන, අවුරුදු දහස් ගණනක් ඒ සංස්කෘතිය නොනැසී තිබුන.
    එක පළාතකට රෝගයක් ආවත් මුළු ශිෂ්ඨාචාරයම නැති වෙන්නේ නැහැ ලොකු භුමි ප්‍රදේශයක පැතිරිලා තිබුණු නිසා.

    ලංකාවේ ලොකු ආගම නොහදෙන්න තිබුන, ප්‍රශ්නය අදත් පවතින ප්‍රශ්නයම තමයි එක විදියට.
    ලංකාව ප්‍රමාණයෙන් කුඩා සහ සාර්ථකව සැලසුම් කරලා වගා කල හැකි ඉඩ සීමිතයි, මේකෙන් කියවෙන්නෑ මේ රටේ වවා ගන්න බෑ කියල.
    නමුත් මිනිසුන් දසදහස් ගණනක ශිෂ්ඨාචාරයකට තරම් ආහාර වගා කරලා එක් රැස් කරලා අවුරුදු දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව සමාජයක් නඩත්තු කරන්න අමාරුයි.
    ඒ කාලේ හැටියට ලෙඩක් බෝවුනොත් සියල්ලෝම වගේ මැරෙන්න ඇති.
    පොඩි පොඩි ප්‍රමාණ වලින් රට පුරා සංක්‍රමණය වෙලා පොඩි සමාජ වශයෙන් ජිවත් වුන මිසක් අදහස් "නිර්මාණය" කරලා පසු පරම්පරා දහයකට විතර ඒ අදහස් පතුරවන්න තරමේ ලොකු ජනගහනයක් නෑ.
    දැන් අදටත් වෙලා තියෙන්නේ එකනේ, අපි අහනවා අත්තා මුත්තා කාලේ දේවල්, ඒ ඇහුවට ඒවා නැති වෙලා ගිහින් තිබෙන මුලිකම හේතුව ජනගහනය මදි.
    ලොකු ජනගහනයක පරම්පරාවක අදහස් ඊළඟ පරම්පරාවට යනවා මොකද ගොඩක් වයසෙන් මෝරපු අයත් ජිවත් වෙන නිසා.
    පොඩි ජනගහන වල, වයසින් මෝරපු මිනිසුන් ප්‍රමාණය අඩුයි තරුණ ප්‍රමාණය වැඩි මොකද ඒ ජනගහනය රැකෙන්න අවශ්‍ය තරුණයින් මිසක් කලින් පරම්පරාවේ අදහස් මුනුපුරු මිනිපිරියන්ට කියන අත්තලා අත්තම්මලා නෙමෙයි.
    උදාහරනෙකට ගැන ඉන්දියාවේ ඔය තිබෙන දේව කතා, ඒවගේ ඉන්න ඍෂි වරු වගේ දක්වන පිරිස කොහොමද රුපයෙන් ,වයසින් වැඩි පිරිස් විදියට තමයි අදත් පෙන්නන්නේ.
    මේගොල්ලෝ හරහා තමයි කලින් පරම්පරාවේ අදහස් ගලාගෙන එන්නේ සහ ඒවා ක්‍රමයෙන් විශ්වාස ඇදහිලි ආගම් බවට පත් වෙන්නේ.

    ඉතින් අපිවගේ නිවර්තන කලාපයේ දූපතක, නිතර රෝග වලට ගොදුරු වෙන දේශගුණයක, සැලසුම් කල හැකි ආහාර සුරක්ෂිත තාවයක් නැතිව ඉන්දුනිම්න ශිෂ්ඨාචාරයේ, බැබිලෝනියාවේ, චීනයේ වගේ ලොකු ආගම හදන්න බැහැ.
    ඒ රටවල් සමකයෙන් ඉහල, ඒ දේශගුණයේ රෝගකාරක පලිබෝධ හැදෙනවා අඩුයි, ඉතින් ඔවුන්ට ලොකු ජනගහන එකදිගට අවුරුදු දහස් ගණනක් නඩත්තු කරන්න පුළුවන් වුනා.
    ඔවුන් ඒවාමත ආගම් හදන්න ඇති.

    එත් අපිට අපේ අද තිබෙන විශ්වාස ඊළඟ පරම්පරාවට දෙන්න බැරි ප්‍රශ්නය එදත් තියෙන්න ඇති. :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    බුදු හාමුදුරුවෝ තුන් පාරක් ලංකාවට අවේ මේකේ හිටියේ යමක් කමක් ත්රුම් ගන්න පුළුවන් මිනිස්සු හිටපු හන්ද. ඒ කියන්නේ අනිවාර්යෙන්ම දියුණු ශිස්ටචාරයක් තියෙන්න ඕනි. නැතනම් කොහොමද බුදු හාමුදුරුවෝ එක්ක වැඩිය රහතන්වහන්සේලට එක පර ධානය පිළිගන්වන්නේ?
    මම අහල තියෙන විදිහට ඉස්සර තිබ්බේ හිරු, හද වන්දනාව..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදු හාමුදුරුවෝ තුන් පාරක් ලංකාවට අවේ මේකේ හිටියේ යමක් කමක් ත්රුම් ගන්න පුළුවන් මිනිස්සු හිටපු හන්ද. ඒ කියන්නේ අනිවාර්යෙන්ම දියුණු ශිස්ටචාරයක් තියෙන්න ඕනි. නැතනම් කොහොමද බුදු හාමුදුරුවෝ එක්ක වැඩිය රහතන්වහන්සේලට එක පර ධානය පිළිගන්වන්නේ?
    මම අහල තියෙන විදිහට ඉස්සර තිබ්බේ හිරු, හද වන්දනාව..
    මම නම් හිතන්නේ මේකේ අනික් පැත්ත.
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    budun thewarak lankawata wadiya kiyanne ape buddagama pothe witharai.thripitake kisima thanaka sadahank thiyeda budun lankawata awilla me suthra deshanawa kara kiyala.nikan visit ekak danna budu hamuduruwo enne nane.awama mokak hari darma deshanayak karanwa.ehema kisima ekak gana kohewath sadahanak nee..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ube kathawe logic ekak tiyenva,ow monawada une? ewa hoyanna tharam ape awunta asawak ne ne ban,
    mata hithenava tikak nodiyunu prathamika agamak tiyenna athi , SHIWA LINGAYATA wadinava pudanava wage deyak