පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ
    පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව.... මෙලෙස ඔබ් වෙත රැගෙන එන වගයි.....

    ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 7 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2023 අදියර නිමාව මෙසෙ කරලියට පැමිණෙන වගයි.

    අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.

    :yes:පලමු අදියර- පොලොන්නරුව
    :Dදෙවන අදියර- මිතොටමුල්ල
    :yes:තෙවන අදියර- අලුත්තරම
    :Dසිව්වන අදියර- සූරියගොල්ල
    :yes:පස්වන අදියර- පෙමඩුව
    :Dහයවන අදියර- කහටගස්යාය

    poth1.jpg

    මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 7 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

    sssss.jpg

    ඉතින්, කලින් වතාවෙ වගෙම මෙ වතාවෙත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

    :D:D:D:D:D:D:D:D

    කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි කිහිප දෙනෙක්ක් පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා. කොහොම හරි ඉතින් අපිට ලැබුන සහ අප ගිය පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ කුරුණෑගල දිස්ත්රික්කයෙ මහව කලාපයේ පොල්පිතිගම පිහිටි දීගම ප්‍රාථමික පාසලයි.

    WhatsApp Image 2022-09-20 at 12.51.39 PM.jpeg

    මෙ පාසල ගැන විස්තර හොයන්න අපෙ බස් විජෙ සහොදරයාගෙ හිතවතෙකුත් මහන්සි උනා.
    අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව අපේ පිරිස විදුහල්පතිතුමිය සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.

    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් සාපේක්ශව අඩුයි. පාසලටම පන්ති පවත්වන්න ස්ථිර ගාලා 1යි තියෙන්නෙ. විදුහල්පතිතුමිය මූලිකව මැදිහත් වෙලා සහ දෙමවුපියක්ගේ සහයෝගයෙන් තාවකාලික ශාලාවක් ඉදිකරලා තියෙනවා 5 වසරෙ දරුවන්ට. එම කටයුත්ත නිසා එතුමියට වෙනමම පරික්ශණයකුත් තිබෙනවා. :shocked::shocked::shocked:

    මේ පාසලේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.
    තවත් මතක් කළ යතු කරුණක් වන්නෙ, 5 වසර හොදින් සමත්වන දරුවන් නගරයේ හෝ ජනප්‍රිය පාසල් වෙත යොමු කිරීමේ ගැටළුවක් තිබෙන බවයි.
    :yes::yes::yes:

    පාසල පැත්තෙන් කරන්න ඔනේ සියළුම දේ කරත්, සමහර දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ දක්ශතා සහ ඔවුන්ගේ අනාගතය තවම හරියට හදුනාගෙන නැති නිසා ඉහලට ඉගෙන ගැනීමේ අවස්ථාවන්ට යම් යම් බාදක එල්ල වෙනවා. අපි මේක ගොඩක් අවස්ථාවල දැකපු දෙයක්.

    දැන් නැවතත් අපේ කථාවට යමු හොදේ….

    ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න. සිග්නල් ගැටළු නිසා වට්ස්ඇප් භාවිතය සෑහෙන්න ගැටළුකාරි උනා.

    සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා.

    :D:D:D:D:D
    කොහෙමහරි ඉතින් ඔන්න පාසලෙන් ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.

    මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.
    පොත්-බෙදා-දීම-7-වන-දැක්ම

    ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.

    මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

    :love::love::love::love::love::love:

    පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.
    :D:D:D:D:D:D

    අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා. ඉතින් වෙනදා වගේ මම සහ අපේ යහළුවන් ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ සිද්ද කරා.

    ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක.

    :rofl::rofl::rofl::rofl:
    අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ.

    අපි මෙ වතාවෙත් T-Shirt එකක් මහන්න දුන්නා. අපෙ ලොකු අයියගෙ අවසරය මත තමයි මෙක සිද්ද උනෙ.

    ඔය අතරෙ විදුහල්පතිතුමියගෙන් පොඩි ඉල්ලීමක් ආවා ශිෂ්ය නායකයන්ගෙ බැජ් ටික පුලුවන්නම් පමණක් එවන්න කියලා. මොකද ශීෂ්ය නායක උත්සවය අපි පොත් බෙදා දෙන දිනයට කලින් කරන නිසා. කිරියෙම යළුවෙක් හරහා මමම ගිහින් බැජ් ටික අරගත්තා. බැජ් ටික හදවපු යාලුවත් ඉක්මනට ඒටික හදවලා දුන්නා අපිට.
    :D:D:D:D

    WhatsApp Image 2023-05-22 at 4.15.16 AM.jpeg

    ඊලග ගැටළුව උනෙ මේ ටික දින 2ක් තුල යවන්නෙ කොහොමද කියලා. ඉතින් අපෙ කිරියෙ සහෝදරයෙක් විස්තර හොයලා එයා මගින් කොටුව සිට පොල්පිතිගමට යන දුම්රියෙ ගාඩ් කෙනෙකු සම්බන්ද කරගෙන ඔහු අත මෙම බැජ් අඩංගු පාර්සලය විදුහල්පතිතුමිය වෙත යවනු ලැබුවා. කොහොම හරි රෑ8ට වගෙ ඒ ටික විදුහල්පතිතුමියට ලැබිලා තිබුනා.

    020.jpg

    අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. අපිට හැමදාම වගෙ නවතින්න පහසුකම් සලසා දෙන තාල් යහලුවවත් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඔනෙ.
    :love::love::love::love::love:

    (හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)

    වෙනදා වගේම රෑට අපෙ ගෙදර නවතින්න යාලුවො සෙට් එකක් ආවා. ඉතින් එදා රෑට කට්ටිය නින්දක් නැති තරම්. මොකද අපෙ අය එකතු වෙන්නෙ මෙහෙම දවසක නිසා. තව සමහර අය උදේ 4ට වගේ ආවේ. මේ වතාවෙ තවත් විශේෂ දෙයක් උනේ අපේ ගොඩක් අයට එන්න උනේ ඩබල්. කලින් වතාවත්වල ඔක්කොම වගේ සින්ගල් ලයිෆ් ගෙවපු කොල්ලො ටික.

    Marriage-Wayfinder-Blog-Featured-Image.jpg

    ඔන්න ඉතින් කලින් දවසෙ උදෙ 5 ට වගෙ බස් එක ආවා. කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 7 ට වගෙ පිට උනා. දැන් බඩු පැක් කරන විදිහ අපේ අය හොදට දන්නවා.

    WhatsApp Image 2023-05-22 at 4.24.41 AM.jpeg

    ඉඩ මදි නිසා දෙවැනි කොමෙන්ටුව බලන්න ........

    Attachments

    • IMG_8310.JPG
      IMG_8310.JPG
      138.1 KB · Views: 78
    • img20210320172858-largejpg.jpg
      img20210320172858-largejpg.jpg
      165.7 KB · Views: 92
    • ssss.jpg
      ssss.jpg
      19 KB · Views: 106
    • 100.jpeg
      100.jpeg
      142.5 KB · Views: 133
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ

    අපෙ ගමනාන්තය උනෙ මැල්සිරිපුර පොලිසිය ලග තිබෙන හෝටලයක්. එතන ඉදන් තමයි අපෙ පොත් බෙදා දීමට අවශ්ය සියලුම දෙවල් සිද්ද වෙන්නෙ.කොන්න ඉතින් අපි නවාතැන්පලට කිට්ටු වෙනකොට එ ලගම රොටි කන්න ප්ලේස් එකක් ගැන රියදුරු මල්ලි තොරතුරු දුන්නා. ඉතින් අපි නව්තින තැනත් පහු කරගෙන ගිහින් රොටි, ඉරිගු වගේ දේවල් ටිකකුත් කාලා ආපහු හරවගෙන නවාතැනට ගියා.

    :D:D:D:D:D
    හවස් වරුවෙ අපි ගියා උමන්දාව බලන්න. ඒක කලින් ප්ලෑන් නොකරපු දෙයක්. උමන්දාවත් තිබුනෙ අපි එම මාර්ගයේ මයි. ඔන්න පි දවල්ට කාලා උමන්දාවට ගියා. එතන හිම කිරම, තේ, දිවුල් තව එකි නොකි මෙකි ගොඩක් දෙවල් කාල බිලා පයින් ටික දුරක් ගියා.

    IMG-8310.jpg

    වැඩේ කියන්නෙ උමන්දාව හවස වහන නිසා අපිට ඔක්කොම තැන්වල යන්න වෙලාව මදි. ඒ වෙනකොටත් අපි සැලකිය යුතු දුරක් පයින් ආවා. ඉතින් අපෙ අය ආපහු හැරිලා බස් එකට ආවා.

    img20210320172858-largejpg.jpg

    උමන්දාව ඇතුලෙදි සනිරෝ එකෙන් දීපු විවෘත බස් එකත් දැක්කා. එ වගෙ තවත් ලංකාවටම දෙන්න පුළුවන් උනා නම් හොදයි.

    ssss.jpg

    නවාතනට එනාතරෙ අපි පාන් ගත්තා. අපහු ඇවිල්ල වොශ් එකක් දාලා පොත් ටික පැක් කරන්න ගත්තා. ඒ අතරෙ රෑට කන්න ගත්තා.

    වසරින් වසරට ලැබෙන්න ඔන දෙවල් ලිස්ට් කලින් වගෙම සූදානම් කරගෙන ආපු නිසා එක පහසු උනා. කට්ටියම මහන්සි නොබලා පොත් ටික පාර්සල් කරා. මැදියන් රැය වන තුරු මෙ වැඩෙ සිද්ද උනා. එ අතරෙ එක එක විහිලු කර ගැනිම් වගෙ සිදුවිම් උනා. එවා අපෙ කට්ටිය කොමෙන්ටු වලින් පවසයි.

    View attachment 205730

    100.jpg

    :D :D

    101.jpg

    :D :D

    103.jpg

    115.jpg

    120.jpg

    :D:D:D:D:D

    මේ වතාවෙ අපෙ අය ඔක්කොම එකට ආවෙ. කවුරුත් පස්සෙ ආවෙ නැහැ. හැබයි උදෙ අපි පොරොන්දු උන වෙලාවටම පිටත් උන නිසා කට්ටා සහ නන්ගිට පැය කිහිපයක් බලා ඉන්න උනා. තව ඩින්ගෙන් පවුල් ප්රශ්ණ. ඒකට හේතුව… අපේ අය කියයි. ඔය අත්දැකීම ඈස්මන් ලොකු අයියටත් ලැබුණා වගෙ මතකයි.

    Fight-Between-Husband-Wife-Relationship-Story-with-Moral-Lesson.jpg

    කොහොම හරි රෑ 1ත් පහු වෙලා ව්ගෙ වෙද්දි පොත් ටික ගෙනියන්න පහසු වෙන්න අපි වෙන වෙනම බස් එකෙම අසුරලා තිබ්බා.

    ඔන්න ඉතින් කට්ටියට පට්ට මහන්සි නිසා නිදා ගන්න ගියා.

    ඔන්න උදෙ අපි නැගිටිලා ලෑස්ති වෙලා පාසලට යන්න පිටත් උනා. ඒ අතරෙදි අපෙ විජෙ යෝගට් ටිකත් අරන් එන්න පිටත් වෙලා.අපි උදේට කාලා 10 වගෙ වෙනකොට පාසලට ගියා. විදුහල්පතිතුමිය විසින් අපිව පිළිගෙන වැඩ පිළිවෙල සකස් කරා. බෝගහක් යට තමයි පොත් දෙන කටයුත්ත සිද්ද උනෙ.

    10.jpg

    11.jpg

    150.jpg

    එ අතරෙ අපෙ යාලුවො, අපි ගෙනාපු බඩු බස් එකෙන් එලියට ගන්නවා.

    13.jpg

    අපි එ ටික පිලිවෙලට සකස් කරා.

    19.jpg

    ලස්සන නැටුමකින් සහ ගිත කිහිපයකින් පොඩි දරුවො එයාලගෙ හැකියාවන් අපිට පෙන්නුවා.

    80.jpg

    81.jpg

    විදුහල්පතිතුමිය අපිව සදරයෙන් පිලිගනිමින් කතාවක් කරා.

    93.jpg

    වෙනදා වගේම අපෙ සහොදරයෙක් පොඩි කතාවත් සිද්ද කරා. එහිදි එලකිරි.කොම් කියන්නෙ කුමක්ද?, එලකිරි පොත් බෙදාදිමෙ වැඩපිලිවෙල සහ එයට උපකාර කල සියලු දෙනාවම මතක් කරා.

    ඉගෙනිමෙ වැදගත්කම වගෙම අන්තර්ජාලය හරියාකාරව භාවිතා කිරිම ගැනත් පොඩි හැදින්විමක් සිදුකරා. හොදින් ඉගෙන ගෙන රටට සෙවය කරන්න කියලත් පොඩි ඉල්ලිමකුත් කරා.

    අපි පොඩි අයට යෝගට් සහ බූන්දි අරගෙන ගියෙ. ඒවත් පොඩි දරුවන්ට දුන්නා. සමහර දරුවො ඒ වෙලාවෙ නොකා ගෙදර ගිහින් කන්නම් කියලා කිව්වා. මොකද ගෙදර පොඩි මල්ලි කෙනෙක් හෝ නන්ගි කෙනෙක් ඉන්න නිසා. අපි එයාලට වැඩිපුරත් දුන්නා.

    35.jpg

    මුලින්ම 1 වසරෙ සිට අවසානයට 5වසර දක්වා ළමයින්ට පොත් ලබා දුන්නා. 6 වසරට සමත් උන සියලුම දරුවන්ටද පොත් ලබා දුන්නා. එ අය 6 වසරට වෙනත් පාසලකට යන නිසා. මෙම පාසලෙ 5 වසර වෙනකන් තමයි පන්ති තියෙන්නෙ.

    151.jpg

    170.jpg

    171.jpg

    172.jpg

    173.jpg

    174.jpg

    175.jpg

    176.jpg

    177.jpg

    178.jpg

    185.jpg

    පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකව අපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා. අපි රැගෙන ගිය බුදු පිළිමයහ් පාසලට බාර දුන්නා. ගොඩක් අය එම පිලිම වහන්සෙ දිහා බලගෙන හිටියා. මොකද එය එතරම ලස්සන නිසා.

    181.jpg

    එය අපිට ලබා දුන් යහලුව මෙ අවස්තාවෙ ආදරෙයන් මතක් කරනවා. අපි මීගමුවට එනකම්ම අපෙ ගැන එයා සොයලා බැලුවා. පිළිමය ගන්න මම සහ අපේ චින්තක සහ තවත් කෙනෙක් පොත් බෙදන වැඩෙට සතියකට වගේ කලින් මීගමුවට ගියා. එදා පට්ටම වැස්ස දවසක්.

    ගුරුවරුන්ට සහ පාසලට අවශ්ය දෙවල් ද අපි ලබා දුන්නා.එය සංකේතාත්මකව විදුහල්පතිතුමිය වෙත ලබා දුන්නා.

    182.jpg

    පසුව අපි ඡායාරුපයකට පෙනි හිටියා.

    190.jpg

    191.jpg

    ඊට පස්සෙ අපිට පාසලෙන් සුදානම් කරලා තිබුන දිවා ආහාරය ගැනිමට ගියා. අපෙ පිරිසට ගමෙ කමට රහට කැම වෙලක් පාසලෙන් පිලියෙල කරලා තිබුනා.

    180.jpg

    වෙහෙසකර වැඩපිලිවෙලක එක් අවසානයක්, අපෙ සාමාජිකයන්ගෙ සිනහවක්, තවත් අදියරක ඇරබුමක් :

    186.jpg

    220.jpg

    ගුරුවරුන්, දෙමවුපියන් සමග කතා කොට අපි නැවත කොළඹ බලා ගමන් ආරම්භ කරා.

    ඒ එන අතරෙදි අපිට පාසලෙන් දුන්න වැව් මාළු, පොල්සම්බල් සහ මයියොක්කා ටිකට වැඩෙ දෙන්නත් අමතක කරේ නැහැ. තව් දෙයක් අපිත් එක්ක සහබාහි උන සුපර් ස්ටාර් ගායන ශිල්පියාගෙ සින්දු කිහිපයකුත් රසවිදින්න අපිට අවස්තාවක් හම්බ උනා.

    ඉතින් යාලුවනෙ..... ඔන්න ඔහොමයි වැඩෙ සිද්ද උනෙ. මම හොදට ලියන්න නම් දන්නෙ නැහැ. පුලුවන් විදිහට ලිව්වෙ. අපෙ අනෙක් අයත් තව පොටො දමයි. ගොඩාක් වෙලාව ගියා ලියන්න.

    249.jpg

    පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.

    250.jpg

    අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.

    251.jpg

    පසු සටහන,

    අපිට නවාතැන් පහසුකම් දිලා අපිව බලා හමුදාවෙ ලොකු අයියාටත්, කලින් වතාවල වගේම මෙම අවස්තාවෙත් අපිව සම්බන්ද කර තාල් යහලුවත්,

    මෙවැනි මිතුරන් පිරිසක් සමග මෙවැනි කාර්යයක් අදියර 7ක් නොකඩවා කිරිමත් ශක්තියක් උන ඇඩ්මින් ආයියා ඇතුලු අනෙකුත් කාර්ය මන්ඩලයටත්,

    මෙම කාර්යය කිරිමට වචනයකින් හො උපකාර කල හැම දෙනාටමත්,

    කොමෙන්ටුවකින්, පොතකින් පැන්සලකින්, මුදලකින්, වචනයකින් වගෙ අපිට සහයෝගය ලබා දුන් අපේම යහළුවන්ටත්,

    නිවාඩු ගැටළු මැද ගමනට සහභාගි උන අපෙ එලකිරි සාමජිකයන්ටත්,

    අපිව දවස් 2ක් තිස්සෙ පරිස්සමින් රැගෙන ගිය රියදුරු මල්ලිටත්

    බොහොම පින්.

    160.jpg

    මෙ සියලුම ක්‍රියාවෙ ගෞරවය අපෙ කිරියෙ හැම දෙනාටම අයිතියි.

    නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.

    161.jpg

    අපි ආයෙමත් හමුවෙමු 8 වන අදියරෙන්.

    කිරියෙ හැමොටම ජය වෙවා...

    poth1.jpg

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    26,146
    55,630
    113
    Kuwait-Galle
    ගොඩක් සතුටුයි මචං මේ පාර මේ අපේ එළකිරි එකෙන් කරපු පොත් බෙදා දීමේ උත්සවයට උදව් කරන්න පුළුවන් උන එක ගැන. ලබන පාරත් අපි හැමෝම එකතු වෙලා මේ උතුම් පින් වැඩේට එකතු වෙමු. අනාගතේදී අපි වගේම හොදින් ජිවිතයක් ගත කරන්න අපේ රටේ අසරණ ළමුන්ට පුළුවන් විදියට සහයෝගය දෙමු..
    මේ උතුම් ක්‍රියාව ඔගනයිස් කරපු, සහබාගි උන සැමදෙනාටම බොහොම ස්තුතියි.
     
    Last edited:

    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18

    සුපිරි මචෝ 👊👊eelaga ekata sup ekak dennam