මේක කාර් එකක් විදිහට සාර්ථක වේවි, එත් ලෝක වෙළඳපොල අල්ලන එකනම් දවල් හීනයක් විතරයි. මෙව්වා කවදාවත් සාර්ථක නොවෙන කල්පිත විතරයි. ඩොලර් ලක්ස ගානකට විකිනෙන කාර් එකක් හදන්න දඟලන එකට වඩා හුඟක් සාර්ථකයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් එකක් හැදුවනම්.
ඔව්. බුගටි උනත් ලෝක වෙළඳපොල අල්ලාගෙන නෑ මං හිතන්නේ. ඒවා ඉහලම සීමිත පිරිසකට සිමාවෙච්චි දෙයක්. ගාන, වේගය, ඩිසයින් එක නිසා ලෝක ප්‍රසිද්දයි. අපි බුගටි ගැන කතා කලාට මම නම් ඕකක් දැකලවත් නෑ. ඒවාට තියෙන්නේ virtual ප්‍රසිද්දියක් ඒ කියන්නේ සිංහලු උනත් ඔය ගැන කතාවෙනව හැබැයි පැදලා වත් නෑ ජීවිතේට ගන්නත් බෑ.
ඉන්දියන් බඩු වැඩක් නැති උනත් උන් ඔය වගේ දේවල් නොකර උන්ගේ රටේ බහුතරයට ගැලපෙන වාහන හදල එයින් නොනැවතී ලෝකේ මිල අඩුම කාර් එකත් හැදුවා ටාට නැනෝ.
සිංහලුන්ට පුළුවන් නැනෝ එකට ගහන්න කාර් එකක් හදන්න. චීන කටු ගෙනත් අටවන්නේ නැතුව ලංකාවේම හදන්න. එතකොට ටැක්ස් නෑ නේ. දැන් ඔය කියන විදිහට ඕකට ගොඩක් විද්වත් සහය ලැබෙනවා නම් මිල අඩු කාර් එකක් හදන එක අමාරුවක් නෙවි.
ලක්ස 10 ට අඩුවෙන් ලංකාවේ කාර් එකක් හැදුවා නම් ගොඩ එන්න ඒකම ඇති. ලංකාවේ නම රේසිං කාර් වලින් පතුරුවන්න ඕනා නෑ අපේ නම ගෙනියන්න තව ක්‍රම ඕනා තරම් තියේ.
මට මේ ලිපියේ අග හරියට යද්දී නම් සැකයක් ඇති උනා රජ පැටියෙක්වත් මේ පිටුපස ඉන්නවද කියල.