අපේ ඉතිහාසගත පූජනීය හා රාජකීය ස්ථාන............ (1)

May 15, 2010
1,654
109
0
In your heart.....
අපේ ඉතිහාසගත පූජනීය හා රාජකීය ස්ථාන............ (1)

මට ඊමේල් එකකින් ලැබුන මෙන්න මේ ප්‍රතිසංස්කරණයට ඉස්සෙල්ල සහ පසුව ගත්ත ඡායාරූප පේලියක්........ ඔන්න මම ඒ තැන් වල පොඩි විස්තරෙකුත් එක්ක මේක ත්‍රෙඩ් එකකට දැම්ම.

ශ්‍රී දළදා මාළිගාව

image002.jpg


එදා....

image001.jpg


අද....

දළදා මාලිගාව යනු බුදුරජාණන්වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. වත්මන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ.

දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.




වටදා ගෙය


image004.jpg




එදා.....


image003.jpg



අද.....





දළඳා මළුවට පිවිසෙන වම් පසින් ඇති වෘත්තාකාර වූ ධාතු මන්දිරය වටදා ගෙය නම් වේ.නිශ්ශංකමල්ල රජු විසින් නැවත ඉදි කොට අලංකරණය කරන ලදි. මෙය වෘත්තාකාර ධාතු මන්දිරයක් ලෙස හැඳින්වුව ද එය නියත වශයෙන්ම චේතියඝර යනුවෙන් හඳුන්වනු ලබන ස්තූපඝරයක් වෙයි. මෙය මධ්‍යයේ සිව් දීශාවන්ට මුහුණලා ඇති බුද්ධ ප්‍රතිමා සතරකින් පිරිවරනු ලැබූ කුඩා දාගැබක් වෙයි. ගර්භ ගෘහය තුළ ආධාරක ශිලාමය කුළුණු වලින් දරා ගත් වහළයක් විය. මෙහි කෝණාකාර හෝ වෙනත් හැඩයකින් යුක්ත වහලයකට ආධාරක සැපයෙන අභ්‍යන්තර ශිලාමය කුළුණු පේළි වට දෙකක් දක්නට ලැබේ.
සිවු දිශාවන්ගෙන් ගෘහයට ඇතුළු වන පියගැව පෙළ ද අතිශයින් සැරසිලි කර ඇත. පහළ වට වේදිකාවේ විශ්කම්භය අඩි 120 කි. උස අඩි 4.6’කි.ගොඩනැගිල්ලට අවතීර්ණ වන දොරටුව ඉතා දර්ශනීය ලෙස දෙපස මුරගලින් යුක්ත සඳකඩ පහණකින් අලංකාර කොට ඇත.පියගැව පෙළ දෙසින් වාමනයින් විසින් දරා සිටින මකර වැටකි. මෙහි ඇති බුද්ධ ප්‍රතිමා සතර ද ශ්‍රී ලංකාවේ කිසිඳු ස්ථානයකින් හමු නොවූ ආකාරයේ ලක්ෂණ වලින් යුක්ත වේ. මෙම ප්‍රතිමාවන්හි සාමාන්‍ය ස්වරූපය වන බොකුටු හිසකෙස් වලින් තොර වූ සිවුර සිරුරට ඇලී ගිය නැටුම් රැළි වලින් තොර වූවකි.
වටදා ගෙයට දකුණු දිශාවෙන් බෝධිසත්ව රූපයක් හෙවත් කුළුණු පායක් මත නැගී සිටින අයුරින් නිර්මිත රජ රූපයක් වේ.මෙහි දෙඅත් කැඩී ඇත.


දඹුල්ල ලෙන් රාජ මහා විහාරය

image006.jpg


එදා......

image005.jpg


අද......

අතීතයේ "ජම්බුකෝල" නමින් හැඳින්වූ දඹුල්ලේ ශ්‍රී ලංකාවෙ විශාලතම ලෙන් විහාරය පිහිටා තිබේ.ලොව පුරා අතිශය ප්‍රසාදයට පත් මෙය එක්තරා වකවානුවක "ස්වර්ණගිරි"" නමින්ද හඳුන්වා ඇති අතර මෙහි ඇති බෞද්ධ බිතුසිතුවම් 18-18 සියවසට අයත් කන්ද උඩරට අවසන් රජ පෙළපත කාලයේ කල ඒවා බව බොහෝ දෙනාගේ අනුමානයයි.

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මෙම සංකීර්ණයට තැනිතලාවේ සිට මීටර 160ක් පමණ උසින් පිහිටි පර්වතයක පිහිටි 80කට අධික ලෙන් සංඛ්‍යාවක් අයත් වන අතර ඉන් ලෙන් 5ක් පමණ ආශ්‍රිතව ලෙන් විහාරය පිහිටා ඇත.මේ ලෙන් අතරට දේවරාජ ලෙන, මහා රාජ ලෙන, මහා අලුත් විහාරය, පශ්චිම විහාරය හා දෙවන අලුත් විහාරය අයත් වේ.

ජනප්‍රවාද වලට අනුව මෙය වළගම්බා රජු කලක් සැඟවී සිටි වළගම්බා රජු මුලින්ම ඉදි කරන ලද විහාරයකි.



තිවංක පිළිම ගෙය

image008.jpg

එදා.....

image007.jpg


අද......

විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමා ස්ථාන තුනකින් නැමි ඇති නිසා මෙම නාමය යෙදී ඇත.මෙහි බිත්ති සහ වහලය ගඩොලින්ම සාදා තිබු බව පෙනේ. විහාරයෙහි ඇතුළත බිත්ති සම්පූර්ණයෙන් ච්ත්‍ර ඇඳ ඇත. පිටත බිත්ති දේව විමන් වලින් සරසා ඇත.

ගල් විහාරය

image010.jpg


එදා......

image009.jpg


අද....


ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්‌ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක්‌ මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්‌ථාන ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.

වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශකිත්මත් ඝනකම් ගඩොල් අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්‌නට ලැබීමෙන් විශද වේ. මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. එසේම බද්ධ සීමා ප්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප්‍රතිමා තරම් උසස්‌ නොවූවද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක්‌ නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක.


උපුටාගැනීම් :

1. ශ්‍රී දළදා මාලිගාව පිළිබඳ තොරතුරු
2. පොළොන්නරුව වටදාගෙය පිළිබඳ තොරතුරු
3. දඹුලු ලෙන් රාජ මහා විහාරය පිළිබඳ තොරතුරු
4. තිවංක පිළිම ගෙය පිළිබඳ තොරතුරු
5. ගල් විහාරය පිළිබඳ තොරතුරු


තව තියෙනව. ත්‍රෙඩ් එක ඕනවට වඩා දිග උනොත් යාළුවො කියවන්න අකමැති වෙයි කියල හිතුන. මේ ත්‍රෙඩ් එකේම තව කොටසක් විදියට ඒක දාන්නම්. :D:D:D
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ගොඩක් වැදගත් විස්තරයක්
බොහොම ස්තූතියි බෙදාගත්තට
(Spread කරන්නළු:( කලින් කොහෙදිහරි රෙප් දීලා ඇති.)
 
May 15, 2010
1,654
109
0
In your heart.....
ගොඩාක් වැදගත් ත්‍රෙඩ් එකක්
බොහොම ස්තූතියි
:cool::cool::cool::cool::cool::cool:

ගොඩක් වැදගත් විස්තරයක්
බොහොම ස්තූතියි බෙදාගත්තට
(Spread කරන්නළු:( කලින් කොහෙදිහරි රෙප් දීලා ඇති.)

maxxa.......

බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
රෙප්+7 ............................

GOOD POST :D

PICS CENTER KARALA DANNA.THAKOTA HODAI.

maxxaaaaaa
:) :) :)
++

බොහොම ස්තුතියි හැමෝටම....... :D:D:D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටිනවාය......
    තාත්තා වැඩ කලේ පුරාවිද්‍යා දෙපා. නිසා පරණ ෆොටෝ නම් අම්බානකට දැක ඇත්තෙමි......
    එහි සේවකයන් මේ පුරාවස්තු සංරක්ෂනය කිරීමට දරන වෙර දැක ඇත්තෙමි......
    ඔබටත් ඔවුන්ටත් පින් සිදුවේවා...!!!!