ඔබ ඔහොම ප්‍රශ්ණයක් අහන්න හේතුව අභිධර්මය සාමාන්‍ය දැනීමෙන් පලවා හැරලා තියන නිසා.
ඉස්සර මෙහෙම් නැහැ. බොහෝ දෙනා ධර්මාචාර්ය විභාග කළා. (මම නම් දහම් පාසල අත්හැරියේ 10 වසරේදී. ඒ ගැන අදත් පසුතැවෙනවා ) බුදු දහම විනාශ වන විට මුලින්ම නැති වන්නේ අභිධර්මයයි.
මෙහෙමයි,
1. අපි භවයක උපදින්නේ ප්‍රතිසන්ධි සිතත් සමඟයි.
2. එම ප්‍රතිසන්ධි සිත මහා කුසල් සිත් අටෙන් එකක් නම් ඔහු/ඇය ත්‍රිහේතුකයි
3. ප්‍රතිසන්ධි සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි )
4. ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන් මහා කුසල් සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා.
5. වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ .
6. මෙම ප්‍රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි.