මම කලින් කියපු දේවල අඩුවක් තියනවා. ත්‍රිහේතුක උපතකට සිත් 13 බලපානවා - මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9 (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි. )
මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-
සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.
අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.
දුගති අහේතුක - සතර අපායේ උපදියි
සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති ලබයි
ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.
මීට වැඩි විස්තර නම් පොත් වලින් බලන්න ඕන.